අද (මැයි 20) පාර්ලිමේන්තුවේදී ඔහු මේ බව කීවේ ය.
ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 25ක් (ඩොලර් මිලියන 2.5ක්) රටට අහිමි වීම සම්බන්ධයෙන් ඔහු මෙහිදී ප්‍රශ්න කළේය.
නව මහ බැංකු පනත මඟින් ශ්‍රී ලංකා මහ බැංකුවට ස්වාධීනත්වයක් ලැබී ඇති බැවින්, මෙම වගකීමෙන් ඔවුන් නිදහස් විය නොහැකි බව විපක්ෂ නායකවරයා කියා සිටියේය.
මහ බැංකු අධිපතිවරයා මෙම සිදුවීමේ වගකීම මුදල් අමාත්‍යාංශය වෙත පවරා ඇති බවට විපක්ෂ නායකවරයා චෝදනා කළේය.
රටේ පවතින ආර්ථික තත්ත්වය හමුවේ මෙවැනි විශාල විදේශ විනිමය ප්‍රමාණයක් අහිමි වීම සහ ඒ පිළිබඳව ආයතන අතර පවතින මතභේදාත්මක තත්ත්වය සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා මෙලෙස ජනාධිපතිවරයාගෙන් සෘජු පිළිතුරක් අපේක්ෂා කළේය.




