අනපේක්ෂිත අර්බුදයකින් මුළු ලොවම පීඩා විදිත්දී කොවිඩ් වෛරසය අසාදනය වීමෙන් මියගිය දෙවන පුද්ගලයාගේ ආදාහනය සිදුකළ ආකාරය ගැන කතාකළේ ජාතිවාදය වපුරාලීම හෝ ජාතිය ඇමක් කොට වෙනත් විශේෂ වරප්‍රසාද ලබා ගැනීමට නොවන බව මුස්ලිම් කොන්ග්‍රසයේ නායක, හිටපු අමාත්‍ය රවුෆ් හකීම් පවසයි.

ඔහු විසින් මෙම ආදාහනය සම්බන්ධයෙන් මුලදී කළ ප්‍රකාශයට සිංහල සමාජයේ ඇතැමුන් ගෙන් එල්ලවූ විරෝධය හමුවේ, සිය ස්ථාවරය පැහැදිලි කරමින් සමාජ මාධ්‍යවෙත නිකුත්කර ඇති නිවේදනයක එබව සඳහන් වේ. 

එහි වැඩිදුරටත් මෙසේද දැක්වේ.

''ආගම යනු ඔබට මට සියලු දෙනාට සංවේදී කරුණකි.

මරණයද එසේමය. මුස්ලිම් ජාතිකයකුගේ මරණයකදී අප විසින් අනුගමනය කරනු ලබන අනිවාර්‍ය චාරිත්‍ර වාරිත්‍ර තිබේ. මා දන්නා තරමින් ශ්‍රී ලාංකේය පාරිහාරිය බුදුසමයෙහි ද සංස්කෘතියෙහිද එවන් අවමංගල චාරිත්‍ර ඇත. 


''ආගම යනු ඔබට මට සියලු දෙනාට සංවේදී කරුණකි. මරණයද එසේමය. මුස්ලිම් ජාතිකයකුගේ මරණයකදී අප විසින් අනුගමනය කරනු ලබන අනිවාර්‍ය චාරිත්‍ර වාරිත්‍ර තිබේ. මා දන්නා තරමින් ශ්‍රී ලාංකේය පාරිහාරිය බුදුසමයෙහි ද සංස්කෘතියෙහිද එවන් අවමංගල චාරිත්‍ර ඇත. ''

Covid-19 වැලදීමෙන් අපගේ සහෝදර මුස්ලිම් ජාතිකයකු මිය ගිය අතර ඔහු මෙතෙක් අප අනුගමනය කරන ලද අනිවාර්‍ය අවමංගල චාරිත්‍රයන්ගෙන් තොරව ආදාහනය කිරීමට සිදුවීම බොහෝ මුස්ලිම් ජාතිකයන්ගේ කණගාටුවට හා කැලබීමට හේතු වූ කරුණක් විය.

සාමාන්‍ය ආකාරයෙන් චාරිත්‍ර ඉටු කිරීමට මෙය සාමාන්‍ය අවස්ථාවක් නොවේ. අප එය නොදන්නවා ද නොවේ. අප ජාතියේ ප්‍රධාන නියෝජිතයෙකු ලෙස ඊයේ එය එසේ වීමට හේතුව මට පැහැදිලි කිරීමට අවශ්‍ය විය. නමුත් එය බොහෝ දෙනෙක් වරදවා වටහා ගෙන තිබුණි. සැබැවින්ම මෙතන ප්‍රශ්නය ඇතිවූයේ ආදාහනය කිරීම හෝ භූමදානය කිරීම පිළිබඳව නොවේ.

භූමදානය කිරීම ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් නිකුත් කල නීතිරීති වලට හෝ සෞඛ්‍ය අමාත්‍යංශයෙන් නිකුත් කළ චක්‍රලේඛ වලට අනුකූල නොවන්නේ ද නොවේ. 

''කිසිදු සෞඛ්‍ය බලධාරියෙකු හෝ සේවකයකු පිලිබදව අපගේ ගෞරවයක් මිස කුමනාකාරයේ අප්‍රසාදයක් ද නැත. සිදු වූ දේ පැහැදිලි කිරීමේ දී මට ඇති අයිතිය හා සමාන අයිතියක්, කියූ දේ නොව හිතේ ඇති දේ හෝ තම තමන් වටහා ගත් දේ ද්වේශ සහගතව ප්‍රචාරය කරන ඔබට ද ඇත. ඔබ මගේ අයිතියට ගරු කළද නොකළද මම ඔබේ අයිතියට ගරු කරමි.'' ''

ඒ බව අප දන්වා සිටි විට සෞඛ්‍ය බලදාරිහු මීගමුවේදි භූමදානය කිරීම නොකළ හැකි බවට සහේතුක හා සාධාරන කරුණු ඉදිරිපත් කළ අතර, මාලිගාවත්ත වෙත ගෙන ඒමට අපගේ ඉල්ලීම සහේතුකව ප්‍රතික්ෂේප කරන ලදී.

කිසිදු සෞඛ්‍ය බලධාරියෙකු හෝ සේවකයකු පිලිබදව අපගේ ගෞරවයක් මිස කුමනාකාරයේ අප්‍රසාදයක් ද නැත. සිදු වූ දේ පැහැදිලි කිරීමේ දී මට ඇති අයිතිය හා සමාන අයිතියක්, කියූ දේ නොව හිතේ ඇති දේ හෝ තම තමන් වටහා ගත් දේ ද්වේශ සහගතව ප්‍රචාරය කරන ඔබට ද ඇත. ඔබ මගේ අයිතියට ගරු කළද නොකළද මම ඔබේ අයිතියට ගරු කරමි.''

අවසන් කටයුතු මීගමුව මහනගර සභාවට අයත් පොදු සුසාන භුමියේ දි:

90997140 237139814328692 5539124694931734528 n
කොවිඩ් වෛරසය අසාදනය වීමෙන් මියගිය දෙවන පුද්ගලයාගේ අවසන් කටයුතු ඊයේ (30) මධ්‍යම රාත්‍රීයේ මීගමුව මහනගර සභාවට අයත් පොදු සුසාන භුමියේ දි සිදු කර තිබිණ.

නිරෝධායන පනතට අනුව ඥාතීන් දෙදෙනෙකුට පමණක් අවසන් කටයුතු සඳහා සහභාගි විය හැකි අතර එහෙත් ඔහුගේ සිදුකරන අවස්ථාවට කිසිදු ඥාතියෙකු පැමිණ නොසිටි බව මාධ්‍ය වාර්තාවල සඳහන් විය. 

කොරෝනා වෛරසය ආසාදනය වී ඊයේ දිනයේ ජීවිතක්ෂයට පත්වූ එම පුද්ගලයා ද සෞඛ්‍ය අංශ වෙත තොරතුරු වසන් කිරීමට උත්සාහ දැරූ අයෙක් බව සෞඛ්‍ය අංශ පැවසිය.

ඔහුගේ පවුලේ සාමාජිකයින් දෙදෙනෙකු ඉන්දියාවේ සිට මෑතකදී මෙරටට පැමිණ ඇති බව ද මාධ්‍ය වාර්තා වල සඳහන් විය.

මෙම පුද්ගලයා මාර්තු 11 වැනිදා යාපනය ප්‍රදේශයේ ද සංචාරය කර ඇති අතර පෙරේදා (29) දිනයේ මීගමුව ප්‍රදේශයේ පුද්ගලික රෝහලකට ඇතුලත්ව ප්‍රතිකාර ලබා ගෙන ඇති බවත් එහිදී වෛද්‍යවරුන්ට සැබෑ තොරතුරු ලබා දී නොමැති බවත් සෞඛ්‍ය අංශ සඳහන් කර සිටියේය.

කොරෝනා වලින් මියගිය මීගමුවේ රෝගියා ගැන පුතා කියන කතාව !

මාධ්‍ය එසේ පවසද්දී මියගිය පුද්ගලයාගේ පුත්‍රයකු වන තානිස් නැමැත්තා සමාජ මාධ්‍ය වෙත සටහනක් තබමින් පවසන්නේ, මාධ්‍යවල පලවී ඇති ඇතැම් කරුණු සාවද්‍ය බවත් එයින් තමන් ඇතුළු පවුලේ ඥාතීන් බලවත්සේ සිත් තැවුලට පත්ව සිටින බවත්ය.

තම පියා හෝ තම පවුලෙ ලංකාවේ සිටින සහෝදරයින් කිසිවකු මෑතකදී ඉන්දියාවට හෝ ජර්මනියට නොගිය බව පවසන ඔහු, පසුගිය පෙබරවාරි 28 දා ඩුබායි සිට සහෝදරයෙක් නිවසට පැමිණි ගිය බවත් මේ මාසෙ 8 වෙනිදා යාපනේ ගොස් පැමිණි බවත් කියා සිටියි.

පියා රෝගාතුර වූ අවස්ථාවේ දී ඒ ගැන විමසු සියලු දෙනාට ඒගැන පැහැදිලිව ප්‍රකාශකර සිටි බවත් කිසිඳු කරුණක් වසන් නොකළ බවත් ඔහු සිය සටහන මගින් පෙන්වා දී තිබේ.

නිරෝධායන පනතට අනුව ඥාතීන් දෙදෙනෙකුට පමණක් අවසන් කටයුතු සඳහා සහභාගි විය හැකි නමුත් මියගිය පුද්ගලයාගේ අවසන් කටයුතු සිදුකරන අවස්ථාවට කිසිදු ඥාතියෙකු පැමිණ නොසිටි බව මාධ්‍ය වාර්තාවල සඳහන් වුවද, එසේ සිය පියාගේ අවසන් කටයුතු සිදුකළ බව දැනගත්තේ මාධ්‍ය ඔස්සේ එබව විකාශනය වීමෙන් පසුව බවද කියා සිටියි.

''තාත්තා මැරුණා කියල දැනගත්තෙ අවට මිනිස්සුන්ගෙන්. මේ වගෙ දුකක් කාටවත් වෙන්න එපා.

අපිට තාත්තාගෙ භූමදානෙ කරන්නවත් අවස්ථාවක් ලැබුනෙ නෑ. අපි අපේ කනත්තෙන් අඩි 8ක වලක් කපලා සූදානම් කරල තිබුනෙ. මාලිගාවත්තෙ කනත්තකත් උවමනා නම් සූදානම් කරල තිබුනා.  අපි පවුලෙ කිහිපදෙනෙක් ඉඳලවත් අවසන් කටයුතු කරන්න අපිට බැරිඋනා, කාටවත් එහෙම වෙන්න එපා, පරිස්සම් වෙන්න. මහ රෑ අපි දන්නෙත් නෑ මිනිය ආදාහනය කරලා. කාටවත් වරදක් කියන්නෙ නෑ..

මොනවා කියන්නද තේරෙන්නෙ නෑ, අපි අසරණයි. '' ඔහු සටහන් කර තිබේ.

''නොසැලකිලිමත් බව ඔබට සේම සමාජයටද වින කරයි. සැලකිලිමත් වෙන්න අවධානයෙන් සිටින්න ඇසට නොපෙනෙන සතුරා පරාජය කරන්න...'' ඔහු අවසන් වශයෙන් සමස්ත සමාජයෙන් ඉල්ලා සිටියි.

කොරෝනා නිසා මිය යන මුස්ලිම් ජාතිකයින්ගේ අවසන් කටයුතු ගැන ACJU නිවේදනයක් !

Screen Shot 2020 03 31 at 11.30.49 PM
 කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මරණයට පත්වන මුස්ලිම් පුද්ගලයින්ගේ දේහයන්, රාජ්‍ය නිළධාරින්ගේ උපදෙස් මත සොහොන් පිටියෙහි සුවිශේෂි ස්ථානයක භූමිදානය කිරීමට සහාය දක්වන මෙන් සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව රජයේ බලධාරීන් ගෙන් ඉල්ලා සිටියි.

කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මරණයට පත් වුනු කෙනෙකුගේ අවසන් කටයුතු සම්බන්ධ ඉස්ලාම් ආගමික නිර්දේශය ඇතුලත්ව එම සංවිධානයේ ලේකම් (ෆත්වා අංශය), අෂ් ෂෙයික් එම්.එල්.එම්. ඉල්යාස්ගේ අත්සනි යුතුව නිකුත්කර ඇති එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.

''වගකීම කිසිවෙකු හෝ ඉටු නොකළ විට අදාළ සියලුම මුස්ලිම්වරුන් වරදකරුවන් වෙති.''

''මුස්ලිම්වරයෙකු අභාවයට පත් වූ විට එම දේහය ස්නානය කරවීම, කෆන් නම් සුදු රෙද්දක් ඇන්දවීම, ජනාසා සලාතය ඉටු කර භුමිදාන කිරීම හෙවත් වළලා දැමීම මුස්ලිම්වරුන්ට ෆර්ලු කිෆායා ඝණයේ වගකීමක් වන්නේය. ෆර්ලු කිෆායා යනු සියලුම මුස්ලිම්වරුන් මත ඇති වන අනිවාර්ය වගකීමක් වන නමුත් එය කිහිප දෙනෙකු ඉටුකළ විට එම වගකීමෙන් සියල්ලන්ම නිදහස් වන්නේය. එම වගකීම කිසිවෙකු හෝ ඉටු නොකළ විට අදාළ සියලුම මුස්ලිම්වරුන් වරදකරුවන් වෙති.

එසේම ජනාසා සලාතය ඉටුකිරීමට පෙර දේහය ස්නානය කරවා තිබීම අනිවාර්යය කරුණකි. ජලයේ ගිලී හෝ ගොඩනැගිල්ලක් කඩා වැටී යට වී මරණයට පත් වූ තත්ත්වයක දේහය නොලැබී ස්නානය කරවීමට නොහැකි තත්ත්වයක් ඇති වේ. 

එම මරණය සඳහා සලාතය ඉටු කළ යුතුද යන කරුණෙහි ආගමික විශාරදයින් අතර මතභේද පවතී. 

මරණයක් සඳහා ජනාසා සලාතය ඉටු කිරීමට එම දේහය ස්නානය කරවා තිබීම අනිවාර්ය වන හෙයින් ස්නානය කරවීමට අවස්ථාව නොලැබුනු දේහයක් සඳහා ජනාසා සලාතය ඉටු කිරීම අවශ්‍යය නැත යන්න බහුතරයක් ආගමික විශාරදයින්ගේ ස්ථාවරයයි.

එසේ වුවද ජනාසා සලාතයේ අරමුණ මරණයට පත් වු පුද්ගලයා වෙනුවෙන් ප්‍රාර්ථනා කිරීමයි.

 මරණයට පත්වූ දේහය සඳහා අනිවාර්ය වන වගකීම් හතරින් ඇතැම් වගකීම් ඉටුකළ නොහැකි වූ හෙයින් ඉටුකළ හැකි වගකීම්ද අත්හැරිය නොහැක යැයි තවත් ඇතැම් විශාරදයින් අදහස් දක්වති. 

මේ සඳහා ඔවුන් උපුටා දක්වන්නේ “යම් කාර්යයක් සම්බන්ධව කළ නොහැකි දේ හේතු දක්වා කළ හැකි දේ අත් නොහැරිය යුතුය” යන ස්ථාවරයයි.

 
''මේ හේතුවෙන් කොරෝනා වයිරසය නිසා මරණයට පත් වු දේහයකින් අන් අයට වයිරසය පැතිරීමට ඉඩකඩ ඇති හෙයින් මල්ලක බහා වසාදමනු අතර එම දේහය ස්නානය කරවීමට හා කෆන් කිරීමට අවස්ථාවක් නොලැබෙනු ඇත. මෙවන් තත්ත්වයකදී ඉහත පවසන ලද දෙවන මතයට අනුව කොරෝනා වයිරසය නිසා මරණයට පත් වු දේහයක් ස්නානය කරවීමට නොහැකි වුවද එම දේහය වෙනුවෙන් ජනාසා සලාතය ඉටු කර භූමිදානය කළ යුතුය.''

රජයේ ස්ථාවරය :

කොරෝනා කොවිඩ් 19 ආසාදනය හේතුවෙන් මරණයට පත් වූ අයෙකු ගේ අවසන් කටයුතු සම්බන්ධව රජය ප්‍රකාශයක් නිකුත් කොට ඇත.

එහිදී, මරණයට පත් වූ දේහය ස්නානය කරවිය නොහැක, දේහය ආදාහයන කළ යුතුයි. දේහය භුමිදාන කරන්නේ නම් වළ අඩි 6 කට ගැඹුරු විය යුතුයි. රාජ්‍ය බලධාරීන් ඉදිරිපිට භූමිදාන කටයුතු විය යුතුයි. ඉතා සමීප ඥාතීන් කීහිපයකට පමණක් ඒ සදහා සහභාගි වීමට අනුමැතිය දිය යුතුයි. භූමිදාන කටයුතු සුවිශේෂී අදාළ ස්ථානයක විය යුතුයි. යනාදී උපදෙස් පනවා ඇත.

ඉහත පවසන ලද ආගමික උපදෙසට අනුව දේහය ස්නානය කරවීමට හා තයම්මුම් කරවීමට නොහැකි හෙයින් රාජ්‍ය බලධාරීන්ගේ උපදෙස් මත බොහෝ පිරිසක් එක්රැස් නොවී ප්‍රධාන කිහිපදෙනෙක් පමණක් සහභාගී වී ජනාසා සලාතය හා භූමිදාන කටයුතු ඉටුකළ යුතුයි. සෙසු අය මෙවන් දුෂ්කර අවස්ථාවකදී ගායිබ් ජනාසා සලාතය ඉටුකිරීමට ඉස්ලාමයට අනුව අනුමැතිය ඇත.

යා අල්ලාහ්! මෙවැනි රෝගවලින් මරණයට පත්වන්නන්ගේ පව් කමාකොට, ෆිර්දවුස් නැමැති ස්වර්ගය පිරිනමත්වා, එවැන්න්ගේ නිවැසියන්ට සැනසුම දායාද කරත්වා!

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්