බොහෝ සමාජීය ප්‍රජාවන්ට උපත මෙන්න මරණය ද එකසේ වැදගත් අවස්ථාවන් ය. සමහර ආගමික ඇදහිලි අනුව මරණය යනු

නැවත ඉපදීමේ අවස්ථාවකි. සමහර ප්‍රජාවන් විශ්වාස කරන්නේ නිසි ඇදහිළි අනුව අවමංගල වත්පිළිවෙත් නොකළ හොත් එය සාපයක් වීමට ඉඩ ඇති බවයි. සමහර ඇදහිළි වලට අනුව මළ සිරුරු භූමිදානය කැරෙන්නේ නැත. ආදාහනයම කළ යුතු ය. තවත් සමහර ආගම් ආදාහනය කරන්නේ නැත. මෙම අදහිළි සහ විශ්වාසයන් දුරාතියේ සිට පැවත එන ඒවා වන අතර ජනප්‍රජාවන් අතර ආත්මීය වශයෙන් මුල් බැස ගෙන තිබේ.

මානව ඉතිහාසය පුරාම අතිශය දුෂ්කර අවස්ථාවන්හිදී මෙවැනි වත් පිළිවෙත් අතහැර දැමීමට බල කෙරුණු අවස්ථාවන් තිබේ. එසේ නමුත් කවර හෝ ඉඩක් ඇත්තේ නම් කවරාකාරයකින් හෝ අවම වශයෙන් සංකේතීය ලෙස හෝ ස්වකීය ඇදහිළි අනුව මරණයට පත්වූවන්ගේ අවසන් කටයුතු කිරීමට ඉඩ සැලසීම ද මානව ඉතිහාසය තරම්ම පැරණි ය.

මෙරට  මුස්ලිම් ජනයාට පමණක් නොව අනෙක් සියළු ආගමික ප්‍රජාවන්ට ද ස්වකීය ඇදහිළි අනුව මළවුන්ට අවසන් ගෞරව දැක්වීම සඳහා ආරක්ෂිත පියවර ඇතිව අවසර දීම වැදගත් වන්නේ එනිසා ය.

අද අප මුහුණ දී සිටින ගෝලීය කොවිඩ් 19 වසංගතය හමුවෙහි දස දහස් ගණනින් මිය යන ජනයා සම්බන්ධයෙන් ද මෙම කාරණය ඉස්මත්තට පැමිණ තිබේ. පහත පළවන්නේ කොවිඩ් 19 අසාදනය හේතු කොට ගෙන මිය යන ජනයාගේ අවසන් කටයුතු කිරීම සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිකුත් කර ඇති මඟපෙන්වීම් ඇසුරෙන් සකස් කරන ලද සටහනකි.

මෙම ජායාරූපය: A man stands near the body of Holocaust survivor Aryeh Even,
88, the first man to die in Israel from the coronavirus epidemic,
at the Har HaMenuchot Cemetery in Jerusalem, early on March 22, 2020. (Yonatan Sindel/Flash90)

 

කොවිඩ් 19 අසාදිත අවමගුල් පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදෙස්:

1 - සෞඛ්‍ය සේවා සේවකයින් හෝ මෘත ශරීරාගාර කාර්ය මණ්ඩලය ශරීරය සූදානම් කිරීමේ දී (උදා: ශරීරය සේදීම, හිසකෙස් පිළිවෙලට තැබීම, කැපීම නියපොතු හෝ රැවුල බෑම ) සම්මත පූර්වාරක්ෂාවන්ට අනුව අත්වැසුම්, සෞඛ්‍ය ආරක්ෂිත මුහුණු ආවරණ, ඉවත දැමිය හැකි වෛද්‍ය ගවුමක් [හෝ ඉවත දැමිය හැකි ගවුම අසම්පූර්ණ ඒප්‍රනයක් සමඟ] ආරක්ෂක පියවර ගන්න.

2 - පවුලේ අය කැමති නම් ශරීරය බැලීමට කැමැති අයට සම්මත පූර්වෝපායන් භාවිතා කරමින් අවම වශයෙන් මීටර 1 ක් දුරින් ශරීරයට අත නොතබා නිරීක්ෂණය කළ හැකිය. නමුත් මළ සිරුර ස්පර්ශ නොකිරීමට හෝ සිප නොගැනීමට පැහැදිලි උපදෙස්  දිය යුතු ය‍.

3 - ශාරීරික තරල විසුරුවා හැරිය හැකි බැවින් එම්බාම් කිරීම නොකිරීම මනාය.

4 - ශරීරය හැසිරවීම සඳහා වැඩිහිටියන් සහභාගි නොවිය යුතු අතර අවුරුදු 60 වැඩි අය සහ ප්‍රතිශක්ති ඌනතා ඇති පුද්ගලයින් ශරීරය ආසන්නයට නොගොස් සිටිය යුතු ය.

5 - මේ සෑම අවස්ථාවකදීම සබන් හා වතුරෙන් අත් හොඳින් සේදීමේ නිර්දේශ අනුගමනය කරන්න.

6 - අවසන් අවස්ථාව සඳහා හැකි ඉතාම සුලු පිරිස පමණක් කැඳවන්න.

7 - මෘත දේහය මිහිදන් කිරීමට කටයුතු කරන අය අවමංගල්‍ය ආරක්ෂක ඇදුම් හැද අත්වැසුම් පැළඳින්න.  කටයුතු අවසාන කිරීමෙන් පසු සබන් හා ජලය සමග අත් හොදින් සෝදන්න. භූමදානය අවසන් වූ පසු පාවිච්චි කරන ලද  අත්වැසුම් සහ ශරීරාවරණ ඇදුම් ආරක්ෂිතව ඉවත දමන්න.

8 - මිය ගිය තැනැත්තා රෝගාතුර වීමෙන් පසු පාවිච්චි කළ කිසිදු දෙයක් යළි පාවිච්චියට නොගැනීම වඩා යහපත් ය. යළි පාවිච්චිවයට ගන්නා ඇදුම් වේ නම් ඒවා උතුරන වතුරෙන් උග්‍ර ක්‍රියාකාරී සෝදන ද්‍රව්‍ය දමා සොදා වියලා ගන්න.

සම්පූර්ණ උපදෙස් සඳහා පිවිසෙන්න:

 Infection Prevention and Control for the safe management of a dead body in the context of COVID-19

 

හකීම් මරං කන්න හදන නිසා - 'කලම්බු ටෙලිග්‍රාෆ් කර්තෘ කියන කතාව

කොවිඩ් වෛරසය අසාදනය වීමෙන් මියගිය දෙවන පුද්ගලයාගේ ආදාහනය සිදුකළ ආකාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ නායක, හිටපු අමාත්‍ය රවුෆ් හකීම් කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ඇතැම් පිරිස් විසින් එල්ල කරන ප්‍රහාරයට ප්‍රතිචාර දක්වා ඇති 'කලම්බු ටෙලිග්‍රාෆ්' කර්තෘ, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය සිය FB පිටුවේ මෙවැනි සටහනක් පළකර ඇත.

''UKවල නම් වලදාන්න දෙනව කොරොනා වලින් මරුන රෝගීන්ව. මුස්ලිම් හා යුදෙව් අයගේ ඉල්ලීමට ඉඩ දීල තියෙන්නෙ. මේක සතියක් පරණ නිවුස් එකක්, ඒත් දැම්මෙ මෙ හකීම් මරං කන්න හදන නිසා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවසන් කටයුතු කිරීමේ නිර්දේශවලත් වලදාන්න ඉඩ දීල තියෙන්නෙ.

 24| 3| 2020 - From WHO: Burial

People who have died from COVID-19 can be buried or cremated.

 Confirm national and local requirements that may dictate the handling and disposition of the remains.

 Family and friends may view the body after it has been prepared for burial, in accordance with customs. They should not touch or kiss the body and should wash hands thoroughly with soap and water after the viewing;

 Those tasked with placing the body in the grave, on the funeral pyre, etc., should wear gloves and wash hands with soap and water after removal of the gloves once the burial is complete.''

 

සෞඛ්‍ය සංවිධානයේ මගපෙන්වීම සංශෝධනය කරලා !

කොරෝනා වැළදී මියගිය අයෙකුගේ දේහය පිළිබද අවසාන කටයුතු සිදු කළ යුත්තේ කෙසේද යන්න පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය 2020 මාර්තු 27 වන දින ලෝක සෞඛ්‍ය සංවිධානයේ මගපෙන්වීම අනුව දරන ලද ස්ථාවරය, ලෝක සෞඛ්‍ය සංවිධානයේ මගපෙන්වීමට වෙනස් මතයක් දරමින් 2020 මාර්තු 31 වන දින සංශෝධනය කර ඇති බව පෙනේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය මාර්තු 24 නිකුත් කළ මාර්ගෝපදේශ අනුව මියගිය කොරෝනා රෝගියෙකුගේ දේහයක් අදාහනය හෝ භූමදානය කළ හැකි බව, එහි 2 වන පිටුවේ දක්වා ඇත.

WHO Policy 1

WHO Policy 2

එකී ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශ අනුව යමින්, ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය මාර්තු 27 වන දින මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කරන ලද අතර, එහි 28 වන පිටුවේ දක්වා ඇත්තේ මියගිය කොරෝනා රෝගියෙකුගේ දේහයක් ආදාහනය හෝ භූමදානය කළ හැකි බවත්, භූමදානය කරන අවස්ථාවේදී එම දේහය ස්පර්ශ නොකරන බවට වග බලා ගත යුතු බවත් ය.

325bfab3 fadb 4228 83e8 6641f17d7654

එහෙත්, එකී මාර්ගෝපදේශ වලට වෙනස්ව යමින් යළිත් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය මාර්තු 31 වන දින එකී මාර්ගෝපදේශ මාලාව සංශෝධනය කර ඇති අතර, ඒ අනුව එහි 25 වන පිටුවේ දක්වා ඇත්තේ දේහය හැකි නම් පැය 12 ක් තුළ හෝ, එසේ නොහැකි නම් පැය 24 ක් තුළ ආදාහනය කළ යුතු බවයි.

ඒ අනුව භූමදානය කිරීම එකී මාර්ගෝපදේශ මාලාවෙන් මාර්තු 31 දා ඉවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇති අතර, එය ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශ වලට වෙනස්ව යමින් සිදු කර ඇත.

covid 19 lanka death policy

සබැඳි පුවත් :

ලංකාවේ කොරෝනා දෙවන මරණය : 'ආදාහනය ගැන කතා කළේ ජාතිවාදී අදහසකින් නොවේ' - හකීම් කියයි  

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්