පාර්ලිමේන්තුව විසුරුවන ලද මාර්තු 02 දින සිට මාස තුනක් ඉකුත්වීමට පෙර නව පාර්ලිමේන්තුව රැස්විය නොහැකි බව මැතිවරණ කොමිෂන් සභාව නිරීක්ෂණය හෙයින්, ඒ සම්බන්ධයෙන් ඇතිවන ගැටලු විසඳා ගැනීම සඳහා ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ මග පෙන්වීමක් ලබා ගැනීමට කටයුතු කරන ලෙස මැතිවරණ කොමිසම විසින් ජනාධිපති ලේකම්වරයා වෙත ලිඛිතව දැනුම් දී ඇත.

පසුගිය පැය 24 තුළ covid-19 රෝගීන් වැඩිවූ සංඛ්‍යාව පිළිබඳව සලකා බලන විටදී හා වසන්ගත රෝග පාලනය පිළිබඳ විශේෂඥ මත අනුව මේ වෛරසයේ පැතිරීම සම්පූර්ණයෙන් පාලනය කිරීම අප්‍රේල් මාසය තුළ සිදුකළ නොහැකි බව පැහැදිළි යයි මැතිවරණ කොමිසම එම ලිපිය මගින් දැනුම් දී තිබේ.

මැතිවරණ කොමිෂන් සභාව වෙනුවෙන් එහි සභාපති මහින්ද දේශප්‍රියගේ අත්සනින් යුතුව ජනාධිපති ලේකම්, ආචාර්ය පී.බී. ජයසුන්දර වෙත යොමුකර ඇති ලිපියක එබව සඳහන් වේ.

එම ලිපියේ වැඩිදුරටත් මෙසේ දැක්වේ.

පසුගිය පැය 24 තුළ covid-19 රෝගීන් වැඩිවූ සංඛ්‍යාව පිළිබඳව සලකා බලන විටදී හා වසන්ගත රෝග පාලනය පිළිබඳ විශේෂඥ මත අනුව මේ වෛරසයේ පැතිරීම සම්පූර්ණයෙන් පාලනය කිරීම අප්‍රෙල් මාසය තුළ සිදුකළ නොහැකි බව පැහැදිළිය.

එහෙයින්, පාර්ලිමේන්තු මැතිවරණය මැයි මස අවසන් සතිය තුලදී හෝ පැවැත්විය නොහැකි බවත් එනිසා පාර්ලිමේන්තුව විසුරුවන ලද මාර්තු 02 දින සිට මාස තුනක් ඉකුත්වීමට පෙර නව පාර්ලිමේන්තුව රැස්විය නොහැකි බවත් 2020.04.01 දින රැස්වූ මැතිවරණ කොමිෂන් සභාව නිරීක්ෂණය කරයි.

මෙනිසා ඇතිවන ගැටලු විසඳා ගැනීම සඳහා ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ මග පෙන්වීමක් ලබා ගැනීමට ගරු ජනාධිපතිතුමා කඩිනමින් ක්‍රියා කිරීම යෝග්‍ය බව මැතිවරණ කොමිෂන් සභාව අදහස් කරයි. 

කරුණාකර මේ පිළිබඳව නොපමාව ගරු ජනාධිපතිතුමා දැනුම්වත් කරනු මැනවි.''

WhatsApp Image 2020 04 02 at 8.47.53 PM 1

ඉහත කරුණට අදාලව මැතිවරණ කොමිසම විසින්  2020.03.31 යොමුකර තිබු ලිපිය 

WhatsApp Image 2020 04 02 at 9.23.10 PM

'පාර්ලිමේන්තුව විසුරුවා හැරීම බරපතල වරදක්' -  මැතිවරණ කොමිසමේ සාමාජික රත්නජීවන් හූල්

රට බරපතල ආපදාවකට මුහුණ දෙමින් සිටින අවස්ථාවක විසුරුවා හැර තිබෙන පාර්ලිමේන්තුව යළි කැඳවා ආපදා කළමනාකරණ සේවා මෙහෙයවන මෙන් විරුද්ධ පක්ෂ මෙන් ම උගතුන්, මාධ්‍යවේදීන්, සිවිල් ක්‍රියාධරයන් ඇතුළු පිරිස් ආණ්ඩුවෙන් ඉල්ලා සිටිති.

ඒ අතර, බීබීසී සිංහල සේවය ඇතුළු මාධ්‍ය වෙත නිවේදනයක් එවමින් මැතිවරණ කොමිසමේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල්, වසංගතය මතුවෙමින් පවතිද්දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබීම දැඩි දෝෂදර්ශනයට ලක් කර ඇත.

කොරෝනාවෛරස වසංගතයත් සමඟ ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය අර්බුදයකට මුහුණ දී සිටින බවට අනතුරු අඟවා ඇති මහාචාර්ය රත්නජීවන් හූල්, පවතින වාතාවරණය යටතේ "ඒකාධිපතිවාදයක්" මතුවීම වැළැක්වීම පිණිස පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනය ජනාධිපතිවරයා විසින් වහාම අවලංගු කරනු ලැබිය යුතු බවත් අවධාරණය කරයි.

 111472812 6f34e2fc 4757 4b73 90f3 d5973627e70c                                                   මහාචාර්ය රත්නජීවන් හූල් ගේ ලිපියෙන් කොටසක්


සබැඳි පුවත් :
''කොරෝනා පැතිරුනේ ඡන්දෙට දින ගැන ගැන හිටපු නිසා'' - ආණ්ඩුවට බරපතල විවේචනයක්!

කොරෝනා ජරමර අස්සේ '225 ම එපා' කියන කුමන්ත්‍රණයක් ! - අපායෙන්’ (Hell) එන 'අයිඩියා එකක්' දැයි මංගල විමසයි

''ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය බරපතල අර්බුදයකට මුහුණ දී සිටියි'' -මැතිවරණ කොමිසමේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් 

මනාප ගන්න 'කොරෝනා බඩු මලු බෙදීම' නීති විරෝධියි! - ''නාමයෝජනා අවලංගු කර මැතිවරණ බාධා ඉවත් කරන්න: සියලු පක්ෂවල මහජන නියෝජිතයින්ට සම අවස්ථාව දෙන්න'' -මැතිවරණ කොමිසමට බලපෑම්!!  

මැතිවරණයක් ගැන කිසිදු හෝඩුවාවක් නැති සමාජයකට අතිශය අවදානම් සහගත ගමනක් ! - කුසල් පෙරේරා  

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්