කොරෝනා ආසාදනය වී මියයන මුස්ලිම් ජාතිකයන් ඉස්ලාම් ආගමානුකූලව භූමදානය කිරීමේ අවස්ථාව ලබාදෙන ලෙස හිටපු අමාත්‍ය,

ජනාධිපති නීතිඥ  ෆයිසර් මුස්තාෆා රජයෙන් බැගෑපත්ව ඉල්ලා සිටියි.

ඔහු එම ඉල්ලීම කර සිටියේ,  UTV නාලිකාවට ප්‍රකාශයක් කරමිනි.

ලොව පුරා රටවල් 180ක පමණ මුස්ලිම් ජනතාව වෙනුවෙන් මෙම සහනය ලබාදී ඇති බව පැවසු ෆයිසර් මුස්තාෆා, භූමදානය කිරීම මගින් වෛරසය ව්‍යාප්ත වන්නේ යළි විද්‍යාත්මකව හෝ තාක්ෂණිකව තහවුරු කරන්නේ නම්, රජයේ ක්‍රියාමාර්ගය එකහෙලා පිලිගන්නා බවද එහිදී සඳහන් කළේය.

කෙසේ නමුත් මුස්ලිම් ජාතිකයන්ට මෙය මහත් සිත් වේදනාවක් ඇති කරන තත්වයක් යැයි ද එනිසා මෙම බැගෑපත් ඉල්ලීම සලකා බලන ලෙසද ඔහු රජයේ බලධාරීන් ගෙන් යලි යලිත් ඉල්ලා සිටියේය.

''අගමැති විශේෂඥ කමිටුවක් පත්කළේ නැහැ - මුස්ලිම් නායකයින්ව මගහැරියා'' -මුජිබර් රහුමාන්  

මේ අතර theleader.lk වෙත අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂයේ හිටපු මන්ත්‍රී මුජිබර් රහුමාන් පැවසුයේ, කොරෝනා රෝගයෙන් මියයන මුස්ලිම් ජාතිකයන්ගේ දේහයන් භුමදානය කළ හැකි ආකාරය පිළිබදව සොයා බලා, විද්‍යාත්මක නිර්දේශ ඉක්මනින් ඉදිරිපත් කිරීමට විශේෂඥයන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට ඊයේ (අප්‍රේල් 02) පැවති පක්ෂ නායක රැස්වීමේදී අග්‍රාමාත්‍ය මහින්ද ‍රාජපක්ෂ එකග වී ඇතැයි පලවන වාර්තා අසත්‍ය බවයි.

''මුස්ලිම් දේහයන් භූමදානය කිරීමට අගමැතිගෙන් විශේෂඥ කමිටුවක්!= '' යන ශීර්ෂයෙන් යුතුව theleader.lk හි පළවූ පුවත් වාර්තාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු එබව කියා සිටියේය.

''මම ඉතා වගකීමෙන් කියන්නේ. මුස්ලිම් දේශපාලන පක්ෂ නායකයින් අගමැතිතුමාගෙන් එහෙම ඉල්ලීමක් කළා, එක ඇත්ත. නමුත්, එතුමා ඒ සම්බන්ධයෙන් කිසිම ප්‍රතිචාරයක් දැක්වුයේ නැහැ. අපව මගහැරියා' ඔහු අවධාරණය කර සිටියේය.

ඔහු වැඩි දුරටත්  මෙසේද පැවසිය.

''මුස්ලිම් දේශපාලන පක්ෂවල නායකයින් විශාල පිරිසක් ඊයේ උදේ ෆවුසි හිටපු ඇමතිතුමාගේ ගෙදරදී රැස්වූනා. රවුෆ් හකීම්, රිෂාඩ් බද්දුර්දින් වැනි මුස්ලිම් නායකයින් ගණනාවක් එතනහිටියා.

කොරෝනා ආසාදනයෙන් මිය යන ඉස්ලාම් භක්තිකයින් ගේ දේහයන් පිලිබඳ අවසන් කටයුතු සිදුකිරීමට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අගමැතිතුමා සමග සාකච්ජා කරන්න අපි එතැනදී තීන්දු කළා.

Mujiber Rඒ අනුව අපි අගමැතිතුමාගෙන් වෙලාවක් ඉල්ලා හිටියා, මුස්ලිම් නායකයින්ට එතුමාව වෙනම මුණගැහෙන්න. එතුමා අපට එන්න කිවා, සාකච්ජා කරන්න. එත් වෙනම සාකච්ජාව ගැන කතාව පැත්තක තියලා, එතුමා අපට කිවා පක්ෂනායක හමුවට එන්න කියල.

එතැනදී බැසිල් රාජපක්ෂ, පවිත්‍රා වන්නිආරච්චි, හමුදා ප්‍රධානීන් වගේම වෛද්‍ය බලධාරීන් වත්මන් තත්වය ගැන අදහස් ඉදිරිපත් කළා. අපි කිවා අපේ ප්‍රශ්නය කතාකරන්න වෙලාවක් දෙන්න කියලා. ඒ වෙලාවේ අගමැතිතුමා කිවා මෙතන අදාළ කට්ටිය සියලුදෙනා ඉන්න නිසා අපේ අදහස කියන්න කියලා.

ඒ වෙලාවේ මුස්ලිම් කොන්ග්‍රසයේ නායක රවුෆ් හකීම් අපේ ප්‍රශ්නය ඉදිරිපත් කළා. කොරෝනා රෝගයෙන් මියයන මුස්ලිම් ජාතිකයන්ගේ දේහයන් ආදාහනය කිරීමට රජය ගෙන ඇති ක්‍රියාමාර්ගය නැවත සලකා බලන්න ඒ සම්බන්ධයෙන් විශේෂඥ දැනුමක් තියන පුළුල් කමිටුවක් පත්කරන්න කියලා ඔහු අගමැතිවරයා ගෙන් ඉල්ලා සිටියා.

ඒ අවස්ථාවේදී සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි වගේම විමල් විරවංශ ඇමතිවරයාත් උදය ගම්මන්පිල හිටපු මන්ත්‍රීවරයත් ඒ යෝජනාවට එකහෙලා විරෝධය පලකළා. ඒ වෙලාවේ අගමැතිතුමා දැන් වෙලාවක් නැහැ. රැස්වීම ඉවරයි කියලා නැගිටලා යන්න ගියා. අපට තවදුරටත් කතාකරන්න අවස්ථාවක් දුන්නේ නැහැ..''

 

ගෝඨාගේ අලි සබ්රිත් කනස්සල්ලෙන් !

Gotabaya has a solution for the Aruwakkalu garbage problem ...ජනාධිපති නීතිඥ අලි සබ්රි

කොරෝන වෛරසය සමස්ත ශ්‍රී ලාංකීය ජනතාව ම අනතුරේ හෙලා ඇති මොහොතක, රජයේ ඇතැම් දේශපාලඥයින් හා රජයට සම්බන්ධ ඇතැම් පෞද්ගලික මාධ්‍ය මුස්ලිම්වරුන්ට එරෙහිව සිදුකෙරන කෙනෙහිලිකම් හා වෛරී ප්‍රකාශ සම්බන්ධයෙන් රාජපක්ෂ කඳවුරේ සිටින මුස්ලිම් නායකයින්ද බලවත් සේ කනස්සල්ලට පත්ව සිටිති.

ජනාධිපති ගෝඨාභයට අතිශයින් සමීප පුද්ගලයකු වන ජනාධිපති නීතිඥ අලි සබ්රි විසින් සිය FB පිටුවේ පළකර ඇති පොස්ටුවක මෙසේ සඳහන් වේ.

''මේ කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් සුව වෙන්න පුළුවන්, ජාතියක් ලෙස අපට ජාතිවාදී වෛරසයෙන් නම් සුවවෙන්න නම් කාලාන්තරයක් යයි, මන්ද ඒ භීජය හදවත් තුළ පතුලටම ගොස් හමාරයි, මට මා ගැන නොවෙයි කණගාටුවට අප ඉතිරි කරල යන පරම්පරාව එකිනෙකාට වෛර කරන පරම්පරාවක්, අසංවේදී මිනිසුන් බිහිකරන මාධ්‍ය ඉදිරියේ නිහඬව සිටිමින් අපත් කොටස් කරුවන් වී හමාරයි, හදවත තුල නොතේරෙන වේදනාවක් පවති, අප මේ වෙදනාව හිතේ තබා මේ අභියෝගයට මුහුණ දෙමු!''

Ali Sabri post

සබැඳි පුවත් :

මුස්ලිම් දේහයන් භූමදානය කිරීමට අගමැතිගෙන් විශේෂඥ කමිටුවක්! - වළවල් කොන්ක්‍රීට් කිරීමට යෝජනාවක්! 

''මියගිය රෝගීන් ආදාහනය පමණක් කළ යුතු බව කීම කොවිඩ්-19 ගැන මිථ්‍යාවක්'' -අනිද්දා 

කොරෝනා මරණයක් ආදාහනයද? භූමදානයද? : ඔබ ඇසිය යුතුම කතාවක්... (VIDEO) 

ජාතිවාදී ගැටුමකට යන්න එපා ! - සෞඛ්‍ය අමාත්‍යංශයෙන් එකිනෙකට පරස්පර මාර්ගෝපදේශ දෙකක්: කොවිඩ් අසාදිත මරණ අවසන් කටයුතු සඳහා නිර්දේශ මෙන්න 

ලංකාවේ කොරෝනා දෙවන මරණය : 'ආදාහනය ගැන කතා කළේ ජාතිවාදී අදහසකින් නොවේ' - හකීම් කියයි

#####################

Covid add 3

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්