මේ වනවිට සමාජය තුළ ආන්දෝලනයට ලක්ව ඇති කොරෝනා රෝගයෙන් මියයන පුද්ගලයින්ගේ අවසන් කටයුතු සිදුකළ යුතු ආකාරය තීරණය කිරීම සඳහා විශේෂඥයින්ගෙන් සැදුම්ලත් කමිටුවක් පත් කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ඊයේ (03) සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ.

තම සංගමයේ සාමාජිකයින් විසින් මේ පිළිබඳ අවධානය යොමුකර ඇති බව ලිපියක් මඟින් දැනුම් දෙන ඔවුන් පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකාවේ දැනට පවතින නිරෝධායන පනත මෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශ මඟින් ද ආදාහනය සහ භූමදානය යන ක්‍රමවේද දෙකටම අවසර ලබාදී ඇති බවයි.

ඒ අනුව මේ සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා මහජන සෞඛ්‍ය, වෛරස් අධ්‍යන විද්‍යාව, අධිකරණ වෛද්‍ය විද්‍යාව, නීතිය සහ පාංශු විශ්ලේෂණය සම්බන්ධ විශේෂඥයින්ගෙන් යුත් කමිටුවක් පත්කර ඔවුන්ගෙන් උපදෙස් ලබාගන්නා ලෙස තමන් යෝජනා කරන බව එම සංගමය සඳහන් කරයි.

image 89b29c1182

 

''පාංශුකූල නෑ-දේවාශිර්වාද නෑ-භූමදානත් නෑ'' - අනිල් ජාසිංහ (VIDEO)

කෙසේවුවද අගමැති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවති පක්ෂ නායක හමුවේදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ කියා සිටියේ, පවතින විශේෂ තත්වය තුළ සියළු කාරණා සැලකීමේදී කිසිදු ආගමකට හෝ කිසිදු ජාතියකට විශේෂ අවස්ථාවක් ලබාදිය නොහැකි බවයි. ‍

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මියයන මුස්ලිම් ජාතිකයන්ගේ මළසිරුරැ ඉස්ලාම් ආගමානුකූලව හා කොරෝනා පැතිරයාම වැලැක්වීමට ගතහැකි ක්‍රියාමාර්ග අනුගමනය කරමින් භූමදානය කිරීමට අවසර ලබාදෙන ලෙස ශ්‍රී  ලංකා මුස්ලිම් කොන්ග්‍රස් නායක හිටපු ඇමති රවුෆ් හකීම් විසින් එහිදී කරන ලද ඉල්ලීම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් ඔහු එබව සඳහන් කළේය.

අවසන් වශයෙන් අගමැති මහින්ද රාජපක්ෂ සඳහන් කළේ, තමන් උපදෙස් ගන්නේ නිලධාරීන්ගෙන් බවත් ඔවුන් මෙම වසංගත විෂය සම්බන්ධයෙන් ප්‍රවීණයන් නිසා තමන් ඔවුනට ඉහළින් කටයුතු නොකරන බවත් ඔවුන්ගේ තීරණය අවසන් තීරණය ලෙස තමන්ද සලකන බවත්ය.

වීඩියෝ

-

තදියම් නොවී බුද්ධිමත් තීරණයක් ගන්න - කලම්බු ටෙලිග්‍රාෆ් කර්තෘ කියයි

'' හදිස්සි නොවී බුද්ධිමත් තීරණයක් ගත්ත නම්, අද ලංකාවෙ වලදානවද ගිනිතියනවද කියන ප්‍රශ්ණෙත් මෙතරම් උද්වේගකරව සාකච්ඡාවෙන්නෙ නැහැ'' යයි පවසන 'කලම්බු ටෙලිග්‍රාෆ්' කර්තෘ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය, හදිස්සි නොවී බුද්ධිමත් තීරණයක් ගන්නා ලෙස සියලු පාර්ශ්වයන් ගෙන් ඉල්ලා සිටියි.

සිය FB පිටුවේ සටහනක් තබමින් ඔහු එබව සඳහන් කර ඇත. එම සටහනේ මෙසේ ද දැක්වේ.

''එංගලන්තෙ ඉන්න ලංකිකයෙකු මැරුණ කොවිඩ් නිසා මාර්තු 28 වෙනිදා. එයාගෙ අවසන් කටයුතු සිද්ධ කරන්නෙ අප්‍රේල් 9 වෙනිද 2.30ට. පවුලේ සමීපතයින් නොවන අවශ්‍ය අයට වෙබ් කාස්ට් එකක් දෙනව, ඒකෙන් බලාගෙන අවසන් ගෞරව දක්වන්න පුලුවන්. එදාට පිවිසෙන්න www.obitus.com - user name sw2402 - password 169945.

''මම මේක කිව්වෙ මේ ලංකාවෙ පැය 12න් අවසන් කටයුතු කරන්න තියෙන තදියම නිසා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ මඟ පෙන්වීම්වලත් තියෙනව හදිස්සි වෙන්න අවශ්‍යතාවයක් නැහැ කියල. ''

මම මේක කිව්වෙ මේ ලංකාවෙ පැය 12න් අවසන් කටයුතු කරන්න තියෙන තදියම නිසා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ මඟ පෙන්වීම්වලත් තියෙනව හදිස්සි වෙන්න අවශ්‍යතාවයක් නැහැ කියල.

එහෙම හදිස්සි නොවී බුද්ධිමත් තීරණයක් ගත්ත නම්, අද ලංකාවෙ වලදානවද ගිනිතියනවද කියන ප්‍රශ්ණෙත් මෙතරම් උද්වේගකරව සාකච්ඡාවෙන්නෙ නැහැ කියන එක තමා මගේ මතය. මම එදා රාත්‍රියේම ඒක ලිව්ව.''

 

අනිල් ජාසිංහගේ කතාවට උවිඳුගේ ප්‍රතිචාරය මෙන්න !

කොරෝනා ආසනයෙන් මියයන සියලු දෙනා වහාම ආදාහනය කලයුතු බවට වෛද්‍ය අනිල් ජාසිංහ කළ ප්‍රකශය සම්බන්ධයෙන් සිය FB පිටුවේ සටහනක් තබන 'කලම්බු ටෙලිග්‍රාෆ්' කතුවරයා මෙසේ පවසයි.

ඊයෙට පෙර..... සුවිමිං පූල්වල නෑවට මේ වයිරසය බෝවෙන්නෙ නැහැ
- අනිල් ජාසිංහ මාස්ක් පැලඳීම අත්‍යාවශ්‍ය නැහැ - අනිල් ජාසිංහ

ඊයෙ ඉඳන්..... මේ වෛරසය මේ ලොකු ශාලාව ඇතුලෙත් පැය ගානක් තියෙන්න පුලුවන්, තාම මේව පරීක්‍ෂණ මට්ටමේ තියෙන්නෙ, එක එක මත තියෙනව - මාස්ක් එකක් දාගෙනත් නැතිව - අනිල් ජාසිංහ (එහෙම කිව්වෙ වල දාන්න පුලුවන්ද කියන සාකච්ඡාවෙදි)

විද්‍යාව දවසින් දවස දියුණු වෙනව කියන්නෙ ඒකනෙ.....

කොරෝනා රෝගයෙන් මියයන පුද්ගලයින්ගේ අවසන් කටයුතු සිදුකළ යුතු ආකාරය තීරණය කිරීම සඳහා විශේෂඥයින්ගෙන් සැදුම්ලත් කමිටුවක් පත් කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ඊයේ (03) සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් කළ ඉල්ලීම සම්බන්ධයෙන් උවිඳු කුරුකුලසූරිය මෙසේ පවසයි.

''දොස්තරලත් විද්‍යාව දන්නවනෙ. මෙන්න වලදාන්නත් පුලුවන්
පුච්චන්නත් පුලුවන් කියල,
අව
සාන තීරණය තවත් විශේෂඥයො ටිකක් කන්සල්ට්කරල
තිරණය ගන්න සෞඛ්‍ය අධ්‍යක්‍ෂට වැඩේ බාර දීල.''

සබැඳි පුවත් :

''කොරෝනාවෙන් මියයන මුස්ලිම් ජාතිකයන් පුච්චන්න එපා'' -ෆයිසර් මුස්තාෆා බැගෑපත් වේ (VIDEO)

මුස්ලිම් දේහයන් භූමදානය කිරීමට අගමැතිගෙන් විශේෂඥ කමිටුවක්! - වළවල් කොන්ක්‍රීට් කිරීමට යෝජනාවක්! 

''මියගිය රෝගීන් ආදාහනය පමණක් කළ යුතු බව කීම කොවිඩ්-19 ගැන මිථ්‍යාවක්'' -අනිද්දා 

කොරෝනා මරණයක් ආදාහනයද? භූමදානයද? : ඔබ ඇසිය යුතුම කතාවක්... (VIDEO) 

ජාතිවාදී ගැටුමකට යන්න එපා ! - සෞඛ්‍ය අමාත්‍යංශයෙන් එකිනෙකට පරස්පර මාර්ගෝපදේශ දෙකක්: කොවිඩ් අසාදිත මරණ අවසන් කටයුතු සඳහා නිර්දේශ මෙන්න 

ලංකාවේ කොරෝනා දෙවන මරණය : 'ආදාහනය ගැන කතා කළේ ජාතිවාදී අදහසකින් නොවේ' - හකීම් කියයි

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්