හදිසි අවශ්‍යතාවයක් සේ සලකා පාර්ලිමේන්තුව වහාම කැඳවන්නැයි ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න රජයේ බලධාරීන් ගෙන් ඉල්ලා සිටියි.
ඒ සඳහා ජනාධිපතිවරයාට ඇති නීතිමය ප්‍රතිපාදන පිළිබදව ඔහු මෙසේ පැහැදිලි කිරීමක් කළේය.
වීඩියෝ
''225 දෙනාට ආතල් ගන්න නෙමෙයි'' -ශිරාල්
මේ සම්බන්ධයෙන් සිය FB පිටුවේ සටහනක් පළකර ඇති නීතිඥ ශ්‍රිරාල් ලක්තිලක මෙසේ සඳහන් කරයි.
''යම් හෙයකින් පාර්ලිමේන්තුව අප්‍රේල් 20 දාට පෙර කැඳවුයේ නැත්නම් ජනාධිපතිවරයා ගේ මුල්‍ය පාලන කටයුතු නීතිවිරෝධී බවට පත්වේ!
පාර්ලිමේන්තුව නැවත කැඳවීම රටේ නීතියේ ආධිපත්‍ය හා මුල්‍ය විනය රැකගැනීම සඳහා වන අත්‍යවශ්‍ය පුර්ව කොන්දේසියකි.!
නීතිගරුක සමාජයක් තුල ජීවත්වීමට නොහැකි වීම මෙන්ම කොරෝනා වසංගතයට ගොදුරුවීම යනු එකම කාසියේ දෙපැත්තකි.!
පාර්ලිමේන්තුව යනු මෙරට පොදු මුල්‍ය ( public finance) පරිපාලනය සඳහා අනුමැතිය ලබාදෙන ආයතනයයි. පාර්ලිමේන්තුවේ අනුමැතියෙන් තොරව කිසිදු අමාත්‍යංශයකට මුදල් එකාබද්ධ අරමුදලෙන් (consolidated fund) ලබාගත නොහැක.
පසුගිය වර්ශයේ දී අතුරු සම්මත ගිනුම දැනටමත් පාර්ලිමේන්තුව මගින් සම්මත කර ඇති අතර එමගින් වෙන් කල මුදල් අප්‍රේල් 20 දායින් අවසන්වේ.
කොවිඩ් වයිරස් වසංගතය නිසා පාර්ලිමේන්තු මැතිවරනය නුදුරේ පැවැත්විය නොහැකි නිසා අප්‍රේල් 20 දාට පසුවන සැම දිනක් පාසාම රටේ පොදු මුල්‍ය එකාබද්ධ අරමුදලෙන් ලබා ගැනීමට ව්‍යවස්ථාමය ප්‍රතිපාදනයක් නොමැති බව අප තේරුම් ගතයුතුව තිබේ.
මුදල් අමාත්‍යංශයට බලයට කිසිඳු බලයක් නැහැ :
මෙය පාර්ලිමේන්තුව සතු බලයක් වුවද ජනාධිපතිවරයාට ද එකාබද්ධ අරමුදලෙන් මුදල් ලබා ගැනීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 150((3) වග. යටතේ ව්‍යතිරේඛී බලයක් ලබා දී තිබේ. එම අවසරය ලැබෙන්නේ පාර්ලිමේන්තු ඡන්දය පවත්වා පාර්ලිමේන්තුව රැස්වු ප්‍රථම දිනයේ සිට අභිනව අයවැය ගෙනෙන තෙක් විය හැකි මාස 3 ක උපරිම කාලයකටය.
එම නිසා භාන්ඩාගාරයේ (එකාබද්ධ අරමුදලේ) මුදල් තිබුන පලියට එය අත්තනෝමතිකව වියදම් කිරීමට මුදල් අමාත්‍යංශයට බලය නැතිබව අප වටහා ගත යුතුව තිබේ.
එසේම මුහුන දී තිබෙන හදිසි තත්වයට මුහුන දීමට මුදල් ද අවශ්‍යවන්නේය. අභියෝගය වන්නේ පවතින නීති රාමුව (නිතියේ බලය) රැකගනිමින් වසංගතය නිසා ඇතිවී ඇති තවත් අර්බුද දෙකක් (රටට පාර්ලිමේන්තුවක් නැතිවීම හා රටට පොදු මුල්‍ය පරිහරනය කිරීමට අනුමැතිය ලබාගත හැකි අවකාශයක් නැතිවීම) විසඳා ගනිමින් වසංගතය හා එතුලින් මතුවන සමාජ-ආර්ථික අවශ්‍යතා සඳහා මුදල් සපයා ගැනීම වන්නේය.
මෙරට පාලනය ඒකාධිපති පාලනයක් බවට...!
මෙකී පසුබිම යටතේ පාර්ලිමේන්තුව නැවත කැඳවිය යුත්තේ පරන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට ආතල් ගන්නට නොව රට පවතින නීතිය ආරක්ෂා කරමින් රටේ වියදම් සඳහා අවශ්‍ය පොදු මුල්‍ය සම්පාදනය කිරීමටය. එ සඳහා Care taker කැබිනට්ටුවට තවත් අතුරු සම්මත ගිනුමක් සකස් කොට පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කල යුතුව තිබේ.
එසේ නොකරන්නේ නම් අප්‍රේල් 20 දාට පසුව රජයට මුදල් වියදම් කිරීමේ ප්‍රතිපාදන නොමැති අතර එය නොතකා කටයුතු කිරීම මෙරට පාලනය ඒකාධිපති පාලනයක් බවට (ව්‍යවස්තාව අනුව කටයුතු නොකිරීම නිසා) පත්වනු ඇත.
පාර්ලිමේන්තුව රැස්කලවිට කටයුතු කල යුත්තේ by-partisan ක්‍රමවේදයක් තුල මිස පක්ෂ තීන්දු මත නොවේ.
සබැඳි පුවත් :
කොරෝනා අස්සේ පාර්ලිමේන්තුව එපා යැයි කියමින් පැමිණෙන විසකුරු සර්පයා !
කොරෝනා ජරමර අස්සේ '225 ම එපා' කියන කුමන්ත්‍රණයක් ! - අපායෙන්’ (Hell) එන 'අයිඩියා එකක්' දැයි මංගල විමසයි.
''ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය බරපතල අර්බුදයකට මුහුණ දී සිටියි'' -මැතිවරණ කොමිසමේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල්
මැතිවරණයක් ගැන කිසිදු හෝඩුවාවක් නැති සමාජයකට අතිශය අවදානම් සහගත ගමනක් ! - කුසල් පෙරේරා







