leader s

ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය මුස්ලිම් වරුන්ට එරෙහිව ජාතිවාදී වෛරය අවුස්සන ආකාරයෙන් ලද ප්‍රවෘත්තියක් පලකොට ඇති බවට චෝදනා කරන එක්සත් අරාබි එමීර් රාජ්‍යය එය ඉවත් කිරීමට මැදිහත් වන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා තිබේ.

ජාතිවාදය අවුස්සන බවට විදේශීය ආණ්ඩුවක් විසින් සෘජු ලෙසම ජනමාධ්‍යයට චෝදනා කරනු ලැබීම ඉතා කලාතුරකින් සිදුවන්නකි.

කොරෝනා වසංගතයෙන් මියයන රෝගීන්ගේ සිරුරු අල් සාජා ප්‍රදේශයේ වල නොදමා පුළුස්සන  ලෙස සාජාහි පාලකයා නියෝගයක් කළ බවට පලවන ප්‍රවෘත්තිය අසත්‍යයක් බව පවසන ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් (UAE) තානාපති කාර්යාලය තම රටේ කිසිදු භූමදාන කිරීමකට තහංචි පනවා නැති බව දැඩි ස්වරයෙන් යුත් නිවේදනයකින් කියා සිටී.

“එක්සත් අරාබි එමීර් රාජ්‍යය කොරෝනා වෛරසයෙන් මියයන කිසිවකුගේත් මල සිරුරු භූමදානය කිරීම තහනම් කර නැතිවා මෙන්ම, එම සිරුරු ආදාහනය කිරීමට අපේ රට උපදෙස් දී නැත,” යි කොළඹ  UAE තානාපති කාර්යාලය අප්‍රේල් 6 දා නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

කොරෝනා වයිරසයට බිලිවී මියයන සිරුරු වල නොදමා ආදාහනය කිරීම ඉස්ලාම් බැතිමතුන්ගේ කම්පාවට හේතුවී තිබෙන අවස්ථාවක සාජා පාලකයා කළේ යයි වාර්තා කරන ලද නියෝගය ලංකාවේ මුස්ලිම් වරුන්ට අභියෝග කිරීමට සමාජ මාධ්‍ය ඔස්සේ යොදා ගනු දකින්නට ලැබේ.

අල් සාජා ප්‍රදේශයේ භූමියේ ඉඩකඩ මද වීම:

අල් සාජා ප්‍රදේශයේ සිරුරු වළ නොදමා වෙනත් විශේෂිත ප්‍රදේශයක භූමදාන කරන ලෙස එහි පාලක සුල්තාන් බින් මොහොමඩ් අල් කසීමි මාර්තු 3 දා නියෝගයක් දී ඇති බව පිළිගන්නා තානාපති කාර්යාලය ඊට හේතුව ලෙස දක්වා ඇත්තේ අල් සාජා ප්‍රදේශයේ භූමියේ ඉඩකඩ මද වීමයි.

“එය මල සිරුරු වල නොදමා ආදාහනය සඳහා පනවන ලද නියෝගයක් බවට හැඟී යන ආකාරයෙන්   ප්‍රවෘත්තිය වෙනස් කොට, ද්වේශ සහගත ලෙසින් දේශීය මාධ්‍ය තුල පුළුල්ව පල කර ඇත්තේ ශ්‍රී  ලංකාවේ මුස්ලිම්වරුන්ට එරෙහිව ජාතිවාදය හා වෛරය ඇවිස්සිය හැකි විලාසයෙනි,” යි එක්සත් අරාබි එමීර් තානාපති කාර්යාල නිවේදනය පවසා තිබේ.

“හිතාමතා දරන ලද මෙම උත්සාහය දැඩි ලෙස හෙලා දකින තානාපති කාර්යාලය එම ප්‍රවෘත්තිය සියලු වෙබ් අඩවි වලින් වහාම ඉවත් කිරීමටත්, නිසි පැහැදිලි කිරීමක් පලකරමින් මෙම වැරදි තොරතුර නිවැරදි කිරීමටත් අවශ්‍ය පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකාවේ බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.”


අදාල සම්පූර්ණ නිවේදනය පහත දැක්වෙයි.

WhatsApp Image 2020 04 06 at 5.26.32 PM

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්