කොරෝනා ආසාදනයෙන් මුදා ගන්නා දිස්ත්‍රීක්කයන් හි කඩින් කඩ, මහ මැතිවරණයට අදාළ ඡන්ද විමසීම් සිදු කිරීමටත් ඒ සියල්ල අවසානයේ සමස්ත ප්‍රතිපලය එක දිනක දී ප්‍රකාශයට පත් කිරීමටත් රජයේ බලධාරීන්ගේ

අවධානය යොමුව ඇතැයි ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචිමාර්ග වලින් theleader.lk වෙත වාර්තාවේ.

ඒ සම්බන්ධයෙන් වූ යෝජනාවක් මැතිවරණ කොමසාරිස් කාර්යාලය වෙත නොනිල මට්ටමින් ඉදිරිපත්ව ඇතැයි ද පැවසේ.

theleader.lk වෙත වාර්තා වන පරිදි, පාර්ලිමේන්තුව යළි කැඳවන්නැයි විපක්ෂයෙන් හා ඇතැම් සමාජ ක්‍රියාකාරීන් ගෙන් එල්ලවන බලපෑම් මුළුමනින්ම නොසලකා හැරීමට ජනාධිපතිවරයා තීන්දු කර ඇත.

''තමන්ගේ පක්‍ෂයට බහුතරයක් නැති පාර්ලිමේන්තුවක් යළි නො කැඳවීමට ජනාධිපතිවරයා තීන්දු කර ඇත්තේ, අගමැති මහින්ද රාජපක්ෂ ගේත්  බැසිල් රාජපක්‍ෂ ගේත් එකඟත්වය මතය.''

ඒ අනුව, මහ මැතිවරණය කඩින් කඩ හෝ පවත්වා තුනෙන් දෙකේ බලයක් සහිත පාර්ලිමේන්තුව ස්ථාපිත කිරීමට රාජපක්ෂ පවුල දැඩි තීන්දුවක් ගෙන ඇත. 

පාර්ලිමේන්තු මැතිවරණ පනතේ බලතල :

ඒ සඳහා, පාර්ලිමේන්තු මැතිවරණ පනතේ, ජනාධිපතිවරයට ලැබෙන බලතල යටතේ, අප්‍රේල් 25 වැනිදා, එනම් පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට නියමිතව පැවති දිනයේ, මැතිවරණය පැවැත්වීමට සුදුසු වාතාවරණයක් නැතිවීමේ පසුබිම මත, එක් එක් දිස්ත්‍රීක්කයක මැතිවරණය සඳහා අලූත් දින හෝ දිනයක් නියම කිරීමට යෝජනා වී තිබේ.

මෙය 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 113 වගන්තිය යටතේ, ජනාධිපතිවරයාට භාවිත කළ හැකි විකල්පයක් බව ජනාධිපතිවරයාගේ නීති විශාරදයින් විසින් පෙන්වා දී ඇත. 

ලංකාවේ 'වුහාන් මෙහෙයුම' දකුණින් ඇරඹේ !

Screen Shot 2020 04 08 at 8.23.22 PM      වසා දමා තිබූ චීනයේ වූහාන් නගරය දින 76 කට පසු ඊයේ (07) යළි විවෘත කලේ උත්කර්ෂවත් අන්දමිනි..

ඒ අනුව,  කොරෝනා වෛරසය ආරම්භ වූයේ චීනයේ වූහාන් නගරය කොරෝනාවලින් නිදහස් කරගත් පරිදි ම, ඉදිරි සති කිහිපය තුල දී කෙසේහෝ දිවයිනේ දිස්ත්‍රීක්ක එකින් එක කොරෝනාවලින් මුදාගැනීමට කටයුතු කරන්නැයි ජනාධිපතිවරයා ඔහුගේ ආරක්ෂක අංශ ප්‍රධානීන්ට හා සෞඛ්‍ය බලධාරින්ට නියෝග කර ඇතැයි ද පැවසේ.

එහිදී පළමු අදියරේදී දකුණ පළාත් හි දිස්ත්‍රීක්ක වල ඡන්ද විමසීමට අදාල මෙහෙයුම් ආරම්භ කරනු ඇතැයි ද වාර්තාවේ.

විපක්ෂයේ කාර්ය භාරය : ''අවම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාව හෝ ඉටුකරන්න'' 

කොරෝනා අර්බුදය මැද ගොඩනැගෙන ව්‍යවස්ථා ගැටලූව සම්බන්ධයෙන් 'අනිද්දා' පුවත්පතට දේශපාලන විග්‍රහයක් ඉදිරිපත් කර ඇති මහාචාර්ය ජයදේව උයන්ගොඩ පවසන්නේ, අවිනිශ්චිතතා තිබියදී පවා විරුද්ධ පක්‍ෂයේ හිටපු නායකතුමා, පාර්ලිමේන්තුවේ හිටපු කථානායකතුමා, හිටපු අගමැතිතුමා සහ විපක්‍ෂයේ දේශපාලන පක්‍ෂ කළ යුතු ප්‍රධානම කාර්යයක් තිබෙන බවයි.

පාර්ලිමේන්තු මැතිවරණය, ව්‍යවස්ථානුකූල ආණ්ඩුකරණය සහ රටේ පවතින මෙම හදිසි අවස්ථාවේදී ජනාධිපති ගෙන ඇති ඇතැම් ක්‍රියාමාර්ගවලට සහයෝගය දෙන ගමන්ම, එම ක්‍රියාමාර්ග ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණයේ රාමුව ඇතුළත සිදුකිරීමේ වැදගත්කම, මහජන සාකච්ඡාවේ තේමා බවට පත්කිරීම අතිශයින් ම වැදගත් බව මහාචාර්ය උයන්ගොඩ පෙන්වා දෙයි.

ඔහු විසින් පෙන්වා දෙන පරිදි, දැනට ලංකාවේ තිබෙන බලවත් දේශපාලන අනතුරක් නම්, පාර්ලිමේන්තුව සහ ප්‍රජාතන්ත්‍රවාදය අනවශ්‍යය යන අධිකාරවාදී දෘෂ්ටිවාදය පොදු ජන දේශපාලන විඥානය වෙතට හඳුන්වා දීමේ ක්‍රමානුකූල ප්‍රචාරක ව්‍යාපාරයයි. 

Jayadewa text 2020 .4.08
එය විද්‍යුත් මාධ්‍ය, සමාජ මාධ්‍ය සහ අසල්වැසියන් අතර සිදුවන කතාබහ අතර ප්‍රධාන දේශපාලන මාතෘකාවක්ද වී තිබේ. 

එවැනි තත්වයක් තුල විරුද්ධ පක්‍ෂයේ දේශපාලන පක්‍ෂ ප්‍රමාද වී හෝ දේශපාලන වශයෙන් සක්‍රීය වීම, මේ මොහොතේ සිදුවිය යුතු අවම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාව බව ජයදේව උයන්ගොඩ පවසයි.


වැඩි දුරටත් හැදෑරීමට :

කොරෝනා අර්බුදය මැද ගොඩනැගෙන ව්‍යවස්ථා ගැටලූව


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්