leader s

COVID-19 වෛරසය ආසාදනය වී සුවපත් වූ චීන සහ කොරියානු රෝගීන් නැවත පසු විපරම් සඳහා වෛද්‍ය පරීක්ෂණ වලට යොමු කළ විට ඔවුන්ගෙන් සමහරෙකු වෛරසය ආසාදිතයන් බවට

පරීක්ෂණ ප්‍රතිඵල පෙන්වීම නිසා වෛරසය මර්ධනය කිරීමට මෙතෙක් කල් අනුගමනය කළ ප්‍රදේශ හුදකලා කිරීමේ සිට එන්නත් ලබා දීම දක්වා වූ සිදු කළ කිසිදු ක්‍රියාමාර්ගයක් ප්‍රතිඵල රහිත තත්වයක් උදාවී ඇති බව ජාත්‍යන්තර මාධ්‍යය වාර්තා කර සිටී.

ඒ අනුව COVID-19 වෛරසය මෙතෙක් අනුගමණය කළ ක්‍රමවේද තුළ මර්ධනය කළ නොහැකි වෛරසයක් හෝ පරීක්ෂණ වාර්තා වැරදි දත්තයන් පෙන්වා ඇතැයි යන නිගමණ දෙකට එළඹිය හැකි බව වෛද්‍යවරු පවසති.

 දකුණු කොරියාවේ ඩෙයිගු පළාතේ වෛරසය ආසාදනය වී සුව වූ රෝගීන් 50ස් දෙනෙකු ආශ්‍රිතව ඔවුනට රෝගය නැවත වැළඳී ඇත්දැයි දැනගැනීම පිණිස කරණු ලැබූ වෛද්‍යය පරීක්ෂණ ආශ්‍රිතව ඔවුන් තවදුරටත් වෛරසය ආසාදිතයන් බවට දැක්වෙන ප්‍රතිඵල ලැබී ඇති බව රෝග පාලනය සහ නිවාරණය පිළිබඳ වූ කොරියානු මධ්‍යස්ථානය පවසයි.

“මෙම සුවපත් වූ ආසාදිතයින් නැවත කිනම් හෝ ක්‍රමයකින් වෛරස ආසාදනයට ලක් වී ඇති හෝ වෛරසය තමන් තුළින්ම නැවත මතුවීමක් සිදුව තිබෙනවා. නැවත වෛරසය ආසාදනයට තිබෙන ඉඩකඩ සම්පූර්ණයෙන්ම අසුරා දැමීමට කටයුතු කරන ගමන් අප මේ සම්බන්ධයෙන් සම්පූර්ණ අධ්‍යයනයක් කිරීමට කටයුතු කරනවා.” යනුවෙන් රෝග පාලනය සහ නිවාරණය පිළිබඳ වූ කොරියානු මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ජොන්ග් ඉන් කියෝන්ග් මාධ්‍යය වලට පවසා සිටියේය.


koriදකුණු කොරියාව COVID-19 වසංගතය සාර්ථකව මැඬ්ලූ රටක් ලෙස උදාහරණ සැපයූ රටක් විය. එත් ....

කෙසේ වුවද වසංගත රෝග නිවාරණය පිළිබඳ විශේෂඥයන්ගේ මතය වන්නේ වෛරසය ආසාදනය වී සුව වූ අයට වෛරසය නැවත නැවත ආසාදනය වන්නේ නම් එය ඉතා නරකම තත්වයක් බවත් ඒ අනුව ආසාදිතයන් නිරෝධායනයට ලක් කරන කාලය තවදුරටත් දීර්ඝ කළ යුතු බවත් සමාජ දුරස්තීකරණ ක්‍රියාවලිය තවත් දිගු කළ යුතු බවත්ය. 

''වසංගත රෝග නිවාරණය පිළිබඳ විශේෂඥයන්ගේ මතය වන්නේ වෛරසය ආසාදනය වී සුව වූ අයට වෛරසය නැවත නැවත ආසාදනය වන්නේ නම් එය ඉතා නරකම තත්වයක් බවත් ඒ අනුව ආසාදිතයන් නිරෝධායනයට ලක් කරන කාලය තවදුරටත් දීර්ඝ කළ යුතු බවත් සමාජ දුරස්තීකරණ ක්‍රියාවලිය තවත් දිගු කළ යුතු බවත්ය. ''

විය හැකි අනෙක් සිද්ධිය හෙවත් වැරදි පරීක්ෂණ ප්‍රතිඵල පෙන්වීම සම්බන්ධයෙන්ද අවධානය යොමු කළ යුතු බව ඔවුන්ගේ අදහසයි. ඒ අනුව පරීක්ෂණ ක්‍රමවේද පිළිබඳවද නැවත සලකා බැලීම කළ යුතු බව ඔවුන්ගේ අදහස වී තිබේ.

දකුණු කොරියාව COVID-19 වසංගතය සාර්ථකව මැඬ්ලූ රටක් ලෙස උදාහරණ සැපයූ රටක් විය. ආසාදිතයන් 10,400ක් සහ ආසාදනයෙන් සිදු වූ මරණ 204 ක් දකුණු කොරියාවෙන් වාර්තා වූ අතර දැඩි නිරෝධායන ක්‍රමවේද, සමාජය පුරා පැතිරුණු ආසාදිතයන් පරීක්ෂණයට ලක් කරණ විශාල පරීක්ෂණ ප්‍රමානයක් සහ වෛරසය ආසාදනය වූවන් සමඟ සම්බන්ධ වූවන් හඳුනා ගන්නා දියුණු ක්‍රම වේද මගින් වෛරසය පැතිරීම කෙටි කළක් තුළ පාලනය කරණු ලැබීය.

තවත් නරකම පුවතක් !

200208092529 wuhan culver pkg full 169තවත් නරකම පුවතක් ලැබෙමින් පවතින්නේ COVID-19 වෛරසය පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී සොයාගත් චීනය ආශ්‍රිතවයි. 

තවත් නරකම පුවතක් ලැබෙමින් පවතින්නේ COVID-19 වෛරසය පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී සොයාගත් චීනය ආශ්‍රිතවයි. වුඩාන් සරසවියේ විද්‍යාඥයන් පිරිසක් විසින් COVID-19 වෛරසය ආසාදනය වී සුවය ලැබූවන් 175 දෙනෙකු ආශ්‍රිතව කරණු ලැබූ පර්යේෂණ වල ප්‍රතිඵලයක් ලෙස දකින්නට ලැබුනේ ඔවුන්ගෙන් තුනෙන් එකක කොටසකගේම වෛරසයට එරෙහිව නිපදෙවෙන ප්‍රතිදේහ ඉතා පහළ මට්ටමක පවතින බවත් 10 දෙනෙකුගේම කිසිදු ප්‍රතිදේහයක් නිපදවී නැති බවත්ය.

වෛද්‍යය කණ්ඩායම පසුගිය සඳුදා නිකුත් කළ මූලික පර්යේෂණ වාර්තාවට අනුව මෙම හඳුනාගත් පිරිස තුළ නැවත වෛරසය ආසාදනය වීමේ ඉඩකඩ ඇතිද එසේ නැතහොත් බාහිරෙන් ඔවුනට වෛරසය ආසාදනය වීමට ඉඩකඩ ඇතිද යන්න වෙනමම පරීක්ෂණයක් මගින් තහවුරු කර ගත යුතුය. 

මෙම පර්යේෂණය අවසාන විමසුමට ලක් කර අවසාන නිගමණයකට එළඹියේ නැති වුවද COVID-19 වෛරසය ආසාදනය වී සුව් වූවන්ගේ ප්‍රතිදේහ ක්‍රමානුකූල විශ්ලේෂණයකට ලක් කළ ප්‍රථම පර්යේෂණය බව  වෛද්‍ය විශේෂඥයන්ගේ මතයයි.

රුධිරය තුළ ප්‍රතිදේහ නිපදවීම පහළ මට්ටමක.. 

පර්යේෂණ කණ්ඩායම පවසන ආකාරයට වෛරසය ආසාදනය වී සුළු අපහසුතාවයෙන් පෙළුණු සහ වෛරසය ආසාදනය වී සුව වූ වයස අවුරුදු 15-39 අතර වූ තරුණ වයසට අයත් වූ වයස් කාණ්ඩයේ අයවළුන්ගේ රුධිරය තුළ ප්‍රතිදේහ නිපදවීම පහළ මට්ටමක පවතී. 

ප්‍රතිදේහ නිපදවීම වයස අවුරුදු 60-85 වයස් කාණ්ඩය සමඟ සංසන්දනය කිරීමේදී පළමුව සඳහන් කළ කාණ්ඩයට වඩා දෙවැනි කාණ්ඩයේ ප්‍රතිදේහ නිපදවීම තුන් ගුණයකින් පමණ ඉහළය.

යම් විදියකින් වෛරසය ආසාදනය වී සුව වූවෙකුගේ දේහය තුළ ප්‍රතිදේහ නිපදවී නැතිනම් එන්නත් කිරීම සහ ශරීරයේ ප්‍රතිශක්තීකරණය සම්බන්ධයෙන් බරපතල ප්‍රශ්නයක් මතුවන බව පැවසේ. 

චීනයේ ප්‍රධාන භූමිය තුළ වෛරසය ආසාදනය වුවන් 83,000ක් ලේඛනගතවී සිටින අතර වෛරසය ආසාදනයෙන් 3.339 දෙනෙකු මියගියේය. ඉතා දැඩි නිරෝධායන ක්‍රමවේදයක් ක්‍රියාත්මක වූ වූහාන් සහ හුබෙයි පලාතෙන් පසුගිය දිනවල  එකදු ආසාදිතයෙකු හෝ වාර්තා නොවීය. 

දැඩි නිරෝධායන කටයුතු හේතුවෙන් චීනයේ ආර්ථිකයට දැවැන්ත බලපෑමක් එල්ලවූ අතර වෛරසය දිගින් දිගටම චීන සමාජයට බලපෑම් එල්ල නොකරනු ඇතැයි යන්න සහතික දීමට චීන බලවතුන්ට තවම හැකියාවක් නැති බව වාර්තා වේ.

මේ අතර චීන රජයේ නිළ ජේෂ්ඨ විද්‍යා උපදේශකයෙකු වන මහාචාර්ය වන්ග් චෙන් පසුගිය සඳුදා ප්‍රකාශ කර සිටියේ “කවුද දන්නේ මෙම වෛරසය  සෘතුමය උන රෝගය හෝ නිදන්ගත රෝගයක් වූ හෙපටයිටීස් බී හෝ SARS වෛරසය බඳු තුරන්ව යන රෝගයක්ද කියා.” ලෙසයි.


(ජීවන්ත ජයතිස්ස, This email address is being protected from spambots. You need JavaScript enabled to view it.)

මූලාශ්‍ර – 
 Unbeatable virus or false positive? Doctors alarmed after some Covid-19 patients test positive after recovering 

උපුටා ගැනීම : lankaleadnews.com


සබැඳි පුවත් :
කොරෝනා දෙවන රැල්ල ඇරඹේ ! දකුණු කොරියාවේ සුවවූ 91කට නැවත කොරෝනා වැළදිලා ! 
කොරෝනා පාලනයට පැන වූ සීමා ලිහිල් කළහොත්, ප්‍රතිපලය මාරාන්තිකයි -ලෝක සෞඛ්‍ය ප්‍රධානියා කියයි 

 

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්