මහාචාර්ය සාරා ගිල්බර්ට් (Sarah Gilbert)
කොරෝනා වෛරසය සඳහා වන එන්නතක් ලබන සැප්තැම්බර් මාසය වන විට නිපදවිය හැකිවනු ඇති බව බ්‍රිතාන්‍ය පවසයි.
බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් සරසවියේ මහාචාර්යවරියක් (Professor of Vaccinology at the University of Oxford) වන සාරා ගිල්බර්ට් (Sarah Gilbert) කොරෝනා වෛරසයට එරෙහිව එන්නතක් සොයා ගැනීමේ පර්යේෂණ කටයුතු මෙහෙයවනු ලබයි.
ඇය සඳහන් කර සිටින්නේ ඉදිරි දින කිහිපය තුලිදී අදාළ එන්නත පළමු මිනිස් අත්හදා බැලීම සඳහා වන කටයුතු ඉදිරි දින කිහිපයේදී ආරම්භ කිරිමට නියමිතව ඇති බවයි.
කොරෝනා වසංගතය සඳහා වන එන්නතක් නිපදවීමට මාස 18ක පමණ කාලයක් ගත වෙනු ඇති බවට පර්යේෂකයින් මිට ඉහත දී කියා සිටියේය.
නමුත් දැනට සිදුකරමින් සිටින පර්යේෂණය යහපත් ලෙස සිදුවුවහොත් කොරෝනා වසංගතයට එරෙහි පළමු එන්නත ලබන සැප්තැම්බර් මාසය වන විට නිපදවීමට හැකිවනු ඇති බව ඇය ප්‍රකාශ කර සිටියි.
" මම හිතනවා අපි සාර්ථක වෙයි කියලා. මිට පෙර මෙවැනි වෛරස සඳහා අපි මේ ආකාරයේ එන්නත් සාදා ඒවායෙන් සාර්ථකත්වයක් ලබා තිබෙනවා" ඇය ටයිම්ස් පුවත්පත සමග සම්මුඛ සාකජාවකට එක්වෙමින් පවසා ඇත.
" මෙය හුදු මතයක් නොවෙයි. සෑම සතියක් අවසානයේදී අපි සිදුකරන පර්යේෂණ වලින් අපිට ලැබෙන දත්ත විශාල සංඛ්‍යාවක් ගැන අවධානය යොමු කිරිමට තිබෙනවා. මගේ පෞද්ගලික මතය අනුව එය සීයයට 80ක් පමණ සාර්ථකයි යන්නයි."
ඉදිරියේදී යම් හෙයකින් දෙවන වරටත් කොරෝනා වසංගත තත්ත්වයක් ව්‍යාප්තවිමක් ඇතිවීම වලක්වා ගැනීම අපේ මුලික අරමුණයි. ඒ සඳහා අපට අවශ්‍ය පහසුකම් ලබා ගැනීම සහ එන්නත සාර්ථක වුවහොත් එය නිෂ්පාදනය කිරිමට අවශ්‍ය කර්මාන්තශාලා ආදීය අවශ්‍යයි. ඒ සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය රජය සමග සාකච්ජා කළා. එහිදී ලැබුනේ සුබවාදී පිළිතුරක්, මහාචාර්ය සාරා ගිල්බර්ට් සඳහන් කර සිටියා ය.
(nethnews.lk)






