ප්‍රංශයේ සුප්‍රසිද්ධ යුධ නෞවකාවක් වන චාර්ලස් ඩිගෝල් යුධ නැවේ සේවය කරන පිරිස අතර 50 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ශරීර ගතවී අසාධ්‍ය වු තිදෙනෙකු
මේවන විටත් නෞකාවෙන් ඉවත් කොට හෙලිකොප්ටර් යානා මගින් දකුනු දිග ප්‍රංශයේ තුලූන් ප්‍රදේශයේ රෝහලකට රැගෙනවිත් ඇත්තේය.
2000 කට ආසන්න සේවක පිරිසක් සේවය කරන මෙම යුධ නෞවකාව අත්ලන්තික් සාගරයේ යුධ නිරීක්ෂණ අවසන් කොට ප්‍රංශය බලා යාත්‍රා කරමින් සිටින අතර වාරේ මෙලෙස රෝගයට ගොදුරු වූ බව සොයා ගැනීමෙන් අනතුරුව සියලූම සේවකයන් වෛද්‍ය පරීක්ෂණයන්ට භාජනය කිරීමෙන් පසු රෝගයට ගොදුරුවූ පිරිස හඳුනා ගැනීමට හැකිවී තිබේ.
යුධ නිරීක්ෂණ කටයුතු සඳහා ජනවාරී මස 21 වෙනිදා ප්‍රංශයෙන් පිටත්වූ මෙම නෞවකාව අප්‍රේල් 23 වෙනිදා නැවත දකුනු දිග ප්‍රංශයේ තුලූන් ප්‍රදේශයේ පිහිටා ඇති නාවික හමුදා කඳවුර වෙත පැමිනීමට නියමිතව තිබුනත් ඇතිවූ අවදානම් තත්වය මත අප්‍රේල් 12 වෙනිදා නැවත ප්‍රංශයට පැමිනීමට නියමිතය. මාර්තු 15 වෙනිදා සිට කිසිදු බාහිර මානුෂික සම්බන්ධයක් නොතිබුනු මෙම නෞවකාවේ සේවකයන්ට වෛරසය ඇතුලූ වූයේ කෙසේද?
මාර්තු 15 වෙනිදා සිට කිසිදු බාහිර මානුෂික සම්බන්ධයක් නොතිබුනු මෙම නෞවකාවේ සේවකයන්ට වෛරසය ඇතුලූ වූයේ කෙසේද? යන්න ප්‍රශ්නයක් බවත් ඒ ගැන පුළුල් පරීක්ෂණයක් සිදුවන බවද ප්‍රංශ ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් පැවසීය.
වෛරසයෙන් අසාධ්‍යවූ රෝගීන් තිදෙනා පෘතුගාල මුහුදු සීමාව පසු කරමින් සිටි නෞවකාවෙන් වහාම ඉවත් කොට ඇති අතර අනෙක් සේවක පිරිස කිසිදු උග්‍ර අසාධ්‍ය තත්වයන්ට පත්වී නොමැති බවත් එසේ නමුදු ඔවුන් සියලූ දෙනා නිරෝධායනයන්ට යටත් වියයුතු බවත් ප්‍රංශයේ ආරක්ෂක ඇමතිනී ෆොලෝරන්ස් පාර්ලි මහත්මිය ප්‍රකාශ කළේය.
නවීන තාක්ෂනයේ දැවැන්ත නිර්මානයක්වූ න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක ලෝකයේ යුධ නෞවකාවන් අතර ඉදිරියෙන්ම සිටින මෙහි දිග මීටර 261කි. වේගය පැයට කි:මී: 50ක් නොහොත් නෝට් 27කි. සාමාන්‍ය හා රෆායල් වර්ගයේ ප්‍රහාරක ගුවන් යානා 40ක්, ගුවන් මගින් පූර්ව අනතුරු ඇඟවීම් හා පාලනය කරන හවර්ක්ස් වර්ගයේ ගුවන් යානා 02ක් බහු භූමිකා සහිත හමුදා හෙලිකොප්ටර් පැන්තම් හා ඩොෆින් වර්ගයේ යුරෝකොප්ටර්, හා විවිධ වර්ගයේ මිසයිල ස්ථාන ගත කර ඇති මෙම ප්‍රංශ යුධ නෞවකාව දැනට ලෝකයේ ඇති හොඳම න්‍යෂ්ටික යුධ නෞවකාව ලෙස සැලකේ.
(සුනිල් ආනන්ද පැරීසියේ සිට)






