leader s

කොරෝනා වෛරසය පිළිබඳව චීනයේ වුහාන් හී ක්ෂේත්‍ර රෝහලක සිදු කරන ලද අධ්‍යයනයකින් හෙළිදරව් කර ගෙන ඇති වාර්තාවක්,

ඇමැරිකානු රෝග නිවාරණය හා පාලනය කිරීමේ මධ්‍යස්ථානය විසින් පසුගිය සිකුරාදා ප්‍රකාශයට පත් කොට තිබේ.

මෙම අධ්‍යයනයෙන් සොයා ගෙන ඇති නවතම කරුණු වලින් එකක් වන්නේ, නව කොරෝනා වෛරසය ආසාදිතයෙකු ගෙන් පිට වන වෛරස් අංශු මීටර 4 ක් දුරට විහිදෙන බවය. 

අනෙක් කරුණ වන්නේ, මෙම වෛරසය ස්පර්ෂයෙන් මෙන්ම වාතයෙන් ද ආසාදනය වන බවය.

රෝගීන්ගේ කිවිසුම් යාමෙන් හෝ හුස්ම පිට කිරීමෙන් පිටවන මෙම වෛරසය මීටර් 4 ක් දක්වා පියාසර කළ හැකි නමුත් , ඊටත් වඩා වැදගත් වන්නේ මෙසේ පිටවන ඉතා කුඩා අංශුවක් යමෙකුට මෙම රෝගය ආසාදනය කිරීමට තරම් ප්‍රමාණවත්වීමයි.

පසු ගිය පෙබරවාරි 19 සිට මාර්තු 02 දක්වා අතරතුර කාලයේ චීනයේ වුහාන් රෝහලේ සිදු කොට ඇති මෙම පර්යේෂණයට, මෙම පර්යේෂකයන් විසින් එම රෝහලේ දැඩි සත්කාර ඒක්කයේ සිටි රෝගීන් 15 දෙනෙකු සහ සාමාන්‍ය ප්‍රතිකාර ඒකකයේ සිටි රෝගීන් 24 දෙනකු ගේ සාම්පල උපයෝගී කර ගෙන තිබේ.

වුහාන් පිහිටි මෙම රෝහල චීන හමුදාව විසින් වෛරස් වසංගතය ආරම්භයේ දී දින 10 ක් තුළ ඉඳි කරන ලද රෝහල ය.

Workers prepare the Wuhan International Conference and Exhibition Center to serve as a temporary hospital for novel coronavirus patients in Wuhan, China, on Feb. 4. Stringer/Anadolu Agency via Getty Images

අදාල චීන පර්යේෂකයන් විසින් එම රෝහලේ ගොඩනැගිලි වලින්, පරිගණන මූසික (Computer mouse ), කසළ බඳුන්, රෝගීන්ගේ මුඛ ආවරණ, සාත්තු සේවකයන්ගේ ආරක්ෂක උපකරණ,  කාමර වල වායු කුහර තුළ පිහිටි ද්‍රව්‍ය, කාමර තුළ පැවැති වාතය යන දෑ භාවිතා කොට ඇත.

අදාල පරිශ්‍රය තුළ පැවැති වායු ගෝලයේත්, එහි තිබූ වස්තූන්ගේ මතුපිටත්, මෙම වෛරසය පුළුල් ලෙස ව්‍යාප්ත වී තිබූ බවත්, ඒ හේතුව නිසාම හෙද කාර්‍ය මණ්ඩලය සහ අනෙකුත් සමීප සබඳතා වලට මෙම වෛරසය ආසාදනය වීමේ ඉහළ අවදානමක් ඇති බවත් මෙම පර්යේෂකයන්ගේ නිගමනය වී ඇත.

අදා පරිශ්‍රය තුළ වඩාත්ම වෛරසය පැතිර තුබූ ප්‍රදේශය ලෙසට මෙම පර්යේෂකයන් පෙන්වා දී ඇත්තේ, දැඩි සත්කාර ඒකක වල සිටින රෝගීන් අසල ස්ථානය ය.

මෙම වෛරසය වඩාත්ම පුළුල් ලෙස පැතිර තිබු වස්තුව පරිගණක මූසිකය බවත්, ඊට පසු මෙම වෛරසය වැඩිපුරම පැතිර තිබුණේ කසළ බාජන, ඇඳන් සහ දොරවල්වල සවි කර තිබූ හැඬලය මත බවත් මෙම පර්යේෂකයන් පෙන්වා දී ඇත.

හෙද කාර්‍ය මණ්ඩලය පලඳින පාවහන් වලින් අඩක ද මෙම වෛරසයේ අංශු මාත්‍ර තිබූ බව පෙන්වා දෙන මෙම අධ්‍යයන වාර්තාව,  රෝගීන් සිටින ස්ථානවලින් ඉවත්ව යෑමට පෙර පාවහන් විෂබීජ හරණයකට ලක් කිරීම අනිවාර්‍ය කළ යුතු බවට මෙම පර්යේෂකයන් නිර්දේශ කර ඇත.

භාවිතා කිරීමෙන් පසුව මුඛ ආවරණ ඉවත විසි කිරීමට පෙර ඒවා ද විෂබීජ හරණය කළ යුතු බවට පර්යේෂකයන් විසින් උපදෙස් දී ඇත.

පර්යේෂණයට භාජණය කළ රෝහල් පරිශ්‍රය තුළ තිබූ වාතයෙහි මෙම වෛරසය තිබූ බවත්, එම ප්‍රමාණය වෛද්‍යවරුන් සිටි ස්ථාන වලට වඩා රෝගීන්ගේ ඇඳන් අසල බෙහෙවින් පැවැති බවත් පර්යේෂකයන් පෙන්වා දී ඇත.

මේ පර්යේෂණයේ දී කොරෝනා ආසාදිත රෝගීයාගේ සිට මීටර් 4 ක් එපිටින් මෙම වෛරසය සොයාගත් බවත්, ඒ අනුව මෙම වෛරසය මීටර් 4 ක උපරිම දුරක් සම්ප්‍රේෂණය වන බවත් පරේෂකයන් ගේ නිගමනය වී ඇත.

රෝගියාගෙන් පරිසරයට පරිසරයට වෛරසය පැතිරීම පිළිබඳව සැලකිල්ලට ගත් විට, කොරෝනා ආසාදිත පුද්ගලයන් නිවස තුළ හුදකලා කොට සිදු කරන නිරෝධායනය රෝගය පාලනය කිරීමට කිසිසිදු ඵලදායී උපාය මාර්ගයක් නොවන බව මෙම පර්යේෂකයන් ගේ මතය වී අැත.

නව කොරෝනා වෛරසය පැතිරීමේ ප්‍රධානම ක්‍රමය වන්නේ රෝගියා කහින විට හෝ කිවිසුම් යවන විට සාපේක්ෂව නිපදවන විශාල ප්‍රමාණයක් වූ ජල බිඳිති ය.

පැය 24 තුළ ප්‍රංශයේ කොරෝනා ආසාදිත රෝගීන් 561 ක් මිය ගිහින්:

535070
මේ අතර,  ඊයේ (අප්‍රේල් 12) ප්‍රංශ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ජෙරොම් සලොමොන් විසින් ප්‍රංශය තුළ පවතින කොරෝනා ව්‍යාප්තිය පිළිබඳ නවතම සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කළේය.

එම සංඛ්‍යා ලේඛන වලට අනුව,

# 12 වැනිදායින් ගෙවුණු පැය 24 තුළ ප්‍රංශයේ කොරෝනා ආසාදිත රෝගීන් 561 ක් මිය ගොස් ඇත.

#  කොරෝනා වෛරස් වසංගතය ආරම්භයේ සිට ඊයේ  (12 ) දක්වා කාලය තුළ ප්‍රංශය තුළ මරණයට පත් වී ඇති ආසාදිතයන් ප්‍රමාණය 14,393 ක් බවත්,

#  රෝගය ආසාදනය වී ඇති පුද්ගලයන් ප්‍රමාණය 1,32,591 කි.

# දැඩි සත්කාර ඒකක වල සිටින රෝගීන් ගණන 6, 845 ක් වන අතර 

#  මේවන විට රෝගයෙන් සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති ප්‍රමාණය 27, 186 ක් ය.

නිවෙස් වල රඳවා තැබීමේ කාලය මැයි මස මැද දක්වා දීර්ඝ කරයි :

මේ අතර පසුගිය දා ප්‍රංශ යුධ ගුවන් යානා ප්‍රවාහන නෞකාවෙන් සොයාගත් කොරෝනා ආසාදිතයන් 50 දෙනා මේ වන විට තුලෝන් හි පිහිටි යුධ හමුදා රෝහලට ඇතුළත් කොට ඇති අතර එම නෞකාවේ සිටි ඉතිරි 1,600 දෙනාම දින 14 ක නිරෝධායනයකට යොමු කොට ඇත.

නිවෙස් වල රඳවා තැබීමේ කාල සීමාව මේ මස 15 වැනිදායින් අවසන් වීමට නියමිත නමුත් එම කාල සීමාව ලබන මැයි මස මැද දක්වා දීර්ඝ කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව වාර්තා වී ඇත.

 ( සුනිල් ගාමිණී - ප්‍රංශයේ සිට )

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්