leader s

කොරෝනා රෝගීන්ගේ මෘතදේහ භූමදානය නොකිරීම සම්බන්ධයෙන් හා වෛරී ප්‍රකාශ නතර කිරීමට ගත් ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය රජයෙන් කරුණු විමසයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශ පිළිගනිමින් කොරෝනා රෝගයෙන් මිය යන මුස්ලිම් ප්‍රජාවගේ භූමදාන අයිතියට ගරු කරන ලෙසත්, මුස්ලිම් ප්‍රජාව ඇතුළු සුළු ජාතීන්ට එරෙහිව ගෙනයන වෛරී ප්‍රචාර නැවැත්වීමට වහා පියවර ගන්නා ලෙසත්, එය ශ්‍රී ලංකාව බැදී සිටින ජාත්‍යන්තර වගකීමක් බවත් දන්වමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙනුවෙන් ආගමික අයිතිවාසිකම් පිළිබඳ නියෝජිතයා අප්‍රේල් 8 වෙනි දින ලිපියක් මගින් දැනුම් දී ඇතැයි 'කලම්බු ටෙලිග්‍රාප්'  වාර්තා කරයි.

කොරෝනා හෙවත් කෝවිඩ්19 රෝගයෙන් මියගිය තැනැත්තන්ගේ මෘතදේහයන් භූමදානය කිරීමට අදාලව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් විශේෂඥ නිර්දේශ අනුව ලබා දී ඇති ආරක්ෂණ ක්‍රමවේදයන් වලට අනුකූල වන ලෙස දැනට ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කර ඇති මාර්ගෝපදේශ සංශෝධනය කරන ලෙස දන්වා ඇති එක්සත් ජාතීන්ගේ සංවිධානය, එසේ නොකරන්නේ නම් එයට එම සංවිධානය වෙත හේතු පැහැදිලි කරන ලෙසද දන්වා ඇතැයි වාර්තා වේ.

සුළු ජාතිකයන් සම්බන්ධයෙන් සිදු කෙරෙන වෛරී ප්‍රකාශ :


එසේම, මේ වන විට මුස්ලිම් ප්‍රජාව ඇතුළු සුළු ජාතිකයන් සම්බන්ධයෙන් සිදු කෙරෙන වෛරී ප්‍රකාශ නැවැත්වීමට රජය ගෙන ඇති ක්‍රියා මාර්ග පිළිබඳවද එක්සත් ජාතීන්ගේ සංවිධානය දැනුවත් කරන ලෙසද එම ලිපියේ දක්වා ඇත.

එසේම දැනට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් භුමදානය තහනම් කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ගය හේතුවෙන් සුළු ජාතීන් වෙනස්කමකට භාජනය කර නැත්තේ කෙසේද? යන්න පිළිබඳව හේතු පැහැදිලි කරන ලෙසද එක්සත් ජාතීන්ගේ සංවිධානය දැනුම් දී ඇත. 

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා විසින් එවන එම හේතු පැහැදිලි කිරීම් පැය 48 ක් තුළ එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් වෙබ් අඩවියේ පළ කරන බවත්, එසේම එය එක්සත් ජාතීන්ගේ මීළග මානව හිමිකම් පිළිබද සැසිවාරයට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන වාර්තාවට ඇතුළත් කරන බවද දන්වා ඇත.

කොරෝනා රෝගය මැඩ පැවැත්වීමට සියලු දෙනා එකව කටයුතු කළ යුතු අවස්ථාවක, මේ ආකාරයට යම් ජන කොටසකගේ අයිතීන් උල්ලංඝනය වන ආකාරයට ක්‍රියා කිරීම යෝග්‍ය නොවන බවත්, මෘතදේහයන් භූමදානය කිරීම වළක්වාලන නියෝග ඒක පාර්ශවිකව ගැනීම සිදු නොකළ යුතු බවද එම ලිපිය මගින් පෙන්වා දී ඇත.


මුලාශ්‍ර පුවත මෙතනින් 
Respect Burial Rights; Stop Hate Speech Against Muslims: UN Tells Gota


UN Part 1UN Doc Part 2

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්