leader s

ලෝක සෞඛ්‍ය සංවිධානය කොවිඩ්-19 ට එරෙහිව විවිධ රටවල පනවා ඇති සීමාවන් ඉවත් කළ යුතුද යන්න පිළිබඳව සලකා බැලීමේදී එම රටවල් විසින් සලකා බැලිය යුතු නව, නිර්ණායක හයක් ඉදිරිපත් කොට තිබේ.


#  පළමුව, එකී රටවල් වෛරසය සම්ප්‍රේෂණයවීම පාලනය කර ඇති බව තහවුරු කරගත යුතුය.

#  දෙවනුව, කොවිඩ්-19 හි සෑම බෝවීමක්ම හඳුනා ගැනීමට, පරීක්ෂා කිරීමට, හුදකලා කිරීමට සහ ප්‍රතිකාර කිරීමට මෙන්ම රොගීන්ගේ සෑම සම්බන්ධතාවයක්ම සොයා ගැනීමට සෞඛ්‍ය පද්ධතිවලට හැකියාව ඇති බව සහතික කරගත යුතුය.

#  තෙවනුව, විශේෂයෙන් සෞඛ්‍ය සේවා ස්ථාන සහ සාත්තු නිවාස වැනි ස්ථානයන්හිදී වලදී වෛරසය පුපුරා යාමේ අවදානම අවම කිරීමට වග බලා ගත යුතුය.

#  සිව්වනුව, රටවල් සේවා ස්ථාන, පාසල් සහ වෙනත් අත්‍යවශ්‍ය ස්ථානයන්හි අසාදනයන් වැළැක්වීමේ පියවර ගත යුතුය.

#  පස්වනුව, වෙනත් රටවලින් අසාදනයවීම් කළමනාකරණය කරගත යුතුය.

#  හයවනුව, එදිනෙදා ජීවිතයේ “නව සම්මතයට” හැඩගැසීමට ප්‍රජාව දැනුවත් කිරීම, සම්බන්ධකර ගැනීම සහ බලගැන්වීම කළ යුතුය.

(srilankabrief.org)

ඇඳිරි නීතිය ඉවත් කිරීම දෙවන කොරෝනා රැල්ලක් නොවන්නට....

ශ්‍රී ලංකා රජය විසින් සීමාවන් ලිහිල් කිරීමට ගනු ලබන ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් අදහස් දක්වන ප්‍රවීන දේශපාලන විචාරක, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කුසල් පෙරේරා පවසන්නේ, මේ විරාමය ඉතා ප්‍රවේසමෙන් හා ඉවසීමෙන් කලමනාකරණය කර නොගතහොත් අප දෙවැනි රැල්ලකට ගොදුරු විය හැකි බවයි.එවැන්නක් පළමු ව්‍යාප්තියට වඩා බරපතල් විය හැකි බවද ඔහු අවධාරණය කර සිටියි.

කුසල් පෙරේරා සිය FB පිටුවේ පළකර ඇති කෙටි සටහනේ මෙසේද සඳහන් වේ.


■ ඇඳිරි නීතිය අඛණ්ඩව පනවා ඇත්තේ පොලිස් බල ප්‍රදේශ 432 න් 24 ට පමණි. ඉන් 11 ක් කොළඹ දිස්ත්‍රික්කයෙහි ය.

■ මේ සමාජය විශේෂ ගැසට් නිවේදන ගැන විමසීමකින් තොරව ජනාධිපති මාධ්‍ය ඒකකයේ නිවේදන මගින් කෙරෙන නියෝග හා විධාන පිළිපදිනු ලබන්නේය.

■ මැතිවරණ සමය දෙවන කොරෝනා රැල්ලකට ඉඩ සැපයිමේ කාලයක් විය හැක.

■ විපක්ෂයට කළ හැකි කිසිත් නොවන්නේද ඔවුන්ට යැයි දේශපාලනයක් නැති හෙයින්ය.

■ අවශ්‍යම නම්, මැතිවරණය සඳහා ග්‍රාම සේවා නිලධාරි මගින් තැපැල් ඡන්ද පැවැත්විය හැකිය  

මැතිවරණය :

#  ආණ්ඩුවේ නායකත්වය විසින් ඔවුන්ගේ දේශපාලන න්‍යාය පත්‍රයට අනුව ලබන මස අග වන විට පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමේ දැඩි තීන්දුවක පිහිටා රට පුරා ඇඳිරි නීති ලිහිල් කිරීමට කටයුතු කළේය. 

#  චීනයේ වූහාන් නගරය මාස 02 ට වැඩි කාලයක් පූර්ණ ලෙස වසා තැබුවාක් මෙන් මේ රට වසා තැබීමට මේ ආණ්ඩුවේ ප්‍රබලයින් එකඟ නොවූයේම ඔවුන්ට පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමේ හදිස්සියක් තිබුණු හෙයිනි. එබැවින් දිස්ත්‍රික් මට්ටමින් ඇඳිරි නීතිය පනවා සමාජ ආර්ථික ජීවිතය සීමා කෙරුනු පාලනයක් පවත්වා ගැනීමට පමණක් ආණ්ඩුව පියවර ගත්තේය.

#  දැන් ක්‍රියාත්මක යැයි නිවේදනය කෙරෙන්නේ කෝවිඞ්-19 වසංගත පාලනයෙන් “ඉවත්වීමේ මූලෝපායක්” නොවේ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ආණ්ඩුවේ “ඉවත්වීමේ මූලෝපායක්” ගැන කතා කළද, එවැනි යෙදුම් ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිකුත් කෙරුණු නිවේදන සතුව නැත. නිවේදනය කරනු ලැබූයේ ඇඳිරි නීතිය කලමනාකරණය කිරීමේ පිළිවෙතකි. 

#  ඕනෑම සමාජයක ලිඛිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සහ අණපනත් වලංගු වන්නේ ජනතාව ඒ වෙනුවෙන් පෙනී සිටින තාක් කල් පමණි. ජනතාව අනුමත කරන්නේත් පෙනී සිටින්නේත්, අවනත වන්නේත් කවර නියෝග හා විධානයන්ටද, එය හැර වෙනත් නීතියක් රටක වලංගු වන්නේ නැත. 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා මහජන ආරක්ෂක පනත ආදිය උපුටා දක්වමින් ඇඳිරි නීතියෙහි නිත්‍යානුකූල හා වලංගු බව ගැන තර්ක කළද, සමස්ථ සමාජය ඇඳිරි නීතියට අනුගතවන හෙයින් තර්ක කරනවුන්ට පවා ඇඳිරි නීතියට අවනත වන්නට සිදුව ඇත. එවිට එහි නිත්‍යානුකූල බව හා වලංගු බව ඔවුන් විසින්ම සකසා හමාර කරනු ලැබේ. 

අද ඇඳිරි නීතිය පැනවීම හා ඉවත් කිරීම පිළිබඳව විශේෂ ගැසට් නිවේදන ගැන විමසීමකින් තොරව ජනතාව විසින් ජනාධිපති මාධ්‍ය ඒකකයේ නිවේදන මගින් කෙරෙන නියෝග හා විධාන පිළිපදිනු ලබන්නේ ඒ අනුවය. 


5e74413fa5b9f 5e743a3c4e892 5e7439e2239ca 17                       පාර්ලිමේන්තුවක් නැතිව, හදිසි නීති නැතිව, හමුදාව පාරට ගෙනැවිත්...

#  පාර්ලිමේන්තුවක් නැතිව, හදිසි නීති නැතිව, හමුදාව පාරට ගෙනැවිත් ඇඳිරි නීති ජනාධිපති මාධ්‍ය ඒකකය ඔස්සේ ක්‍රියාත්මක කළ වැඩ බලන තාවකාලික ආණ්ඩුවේ මැදිහත්වීම් සමාජය හමුවේ සුජාත මැදිහත්වීම්ය. 

#  එබැවින් ඇමති නියෝගය මත ආඥා පනත් සංශෝධනය කර, මෘත ශරීර ආදාහනය කිරීමට බලය අතට ගත් ආණ්ඩුවකට අභියෝග කරන්නට තරම් මේ සමාජයේ විපක්ෂයක් නොසිටි බව අමතක නොකළ යුත්තකි. 

#  මැතිවරණය පැවැත්වෙන්නේද නැද්ද යන්න තීන්දු වනු ඇත්තේද එළෙසින්ම යැයි මම විශ්වාස කරමි. අවසන් වශයෙන් මැතිවරණය තීන්දු වනු ඇත්තේ කොරෝනා වයිරසයේ පැතිරීම අනුව හා ඒ මත ආණ්ඩුවේ දේශපාලන නායකයින් කරන මැන බැලීම් අනුවය. 

එහෙත් ඒවාට එකඟවන නොවන හැමට ඉතිරිවන ප්‍රශ්නය වනුයේ බලයක් සහිත සුපරීක්ෂණ හා නියාමන යාන්ත්‍රණයක් ප්‍රාදේශීය මට්ටම දක්වා ස්ථාපිත නොවුනු පසුබිමක මෙලෙසින් සමාජ ආර්ථික ක්‍රියාකාරකම් සඳහා සමාජ අවකාශයන් ලබාදීමෙන් දෙවන කොරෝනා රැල්ලකට පාර කැපීමේ බරපතල අවදානමය. එය වඩාත් භයානක විය හැක්කේ මැතිවරණ කටයුතුද ඊට එකතු වුවහොතින්ය. 

වයිරසය:

කොරෝනා වයිරසය තුරන් කළ හැක්කේ ඊට එරෙහි එන්නතක් මගින් පමණක් යැයි දැන් වෛද්‍ය හා විද්‍යා ලෝකයේ ඇති පිළිගැනුම ය. ලොව සියල්ලන්ට ලබා ගත හැකි ලෙස එවැනි සක්‍රීය එන්නතක් වාණිජමය මට්ටමින් නිෂ්පාදනය කරන්නට තව සැළකිය යුතු කාලයක් ගතවන බවද ඔවුන්ගේ නිගමනය වේ. 

ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරන්නේ එතෙක් ප්‍රජා ව්‍යාප්තියකින් තොර, අවම මට්ටමකින් කොරෝනාව පාලනය කර ගැනීමේ පිළිවෙත් අනුගමනය කිරීම ය.  

එබැවින් දැන් කතා කළ යුත්තේ ඇඳිරි නීතිය ලිහිල් කිරීම සමග ඇතිවිය හැකි තත්ත්වයට මුහුණ දෙන්නේ කෙසේද යන්නය. කොරෝනා වයිරසය පැතිරීම පුද්ගල මට්ටමින් නතරකර තබා ගන්නේ කෙසේදැයි කතා කිරීමය. 

ඇත්තම කතාව නම්, ඇඳිරි නීතිය යටතේ මෙන් නොව, ඇඳිරි නීතිය ඉවත් කළ පසු සැළකිය යුතු සමාජ හා ආර්ථික ක්‍රියාකාරිත්වයක් තුල කොරෝනා වයිරසය පැතිරීම පාලනය කිරීම ඉතාම අසීරු කරුණකි. ඒ සඳහා ඉල්ලා සිටින සමාජ සංයමයක් අපට නැත.

deniyaya 2                               වයිරසය පැතිරීම පාලනය කිරීම සඳහා ඉල්ලා සිටින සමාජ සංයමයක් අපට නැත..

ඉවත්වීම හා දෙවන රැල්ලක් මතුවීමේ අවදානම !

ඇඳිරි නීතිය ලිහිල් කිරීමෙන් පසු කොරෝනා වයිරසය පැතිරීම පාලනය කිරීම ගැන පැහැදිලි නිශ්චිත සැළසුමක් ආණ්ඩුවද ඉදිරිපත්කර නැත. 

ජනාධිපති මාධ්‍ය ඒකකයේ නිවේදනයට අනුව ඇඳිරි නීතිය අප්‍රේල් 27 වන දින වනවිට සියලු දිස්ත්‍රික්කවල ලිහිල් කරනු ලැබේ. එහෙත් කොරෝනාව පැතිර ඇති රටාව අනුව ඇතැම් දිස්ත්‍රික්කයන්හි පොලිස් බල ප්‍රදේශවල ඇඳිරි නීතිය ක්‍රියාත්මක වනු ඇත.

මෙහිදී කොරෝනා වයිරසය පැතිරීම පාලනය කිරීමේදී තරමක බරපතලක් මතුවේ.  මෙතැනින් එහාට බොහෝ දේ සිදුවනු ඇත්තේ සමාජයේ පුද්ගල වගකීම් හා හැසිරීම් අනුවය. 

එතෙක් පවත්වා ගත් දැඩි පාලනයෙන් ඉවත්වීමේ මූලෝපායන් සමග සාමාන්‍ය තත්ත්වයට යළි පිවිසීමේ පියවර ගත් රටවල පවා දෙවන රැල්ලක් මතුව ඇත. 

සිංගප්පූරුව, තායිවානය, හොංකොං ඉතා මැනවින් කොරෝනා වයිරසයේ පැතිරීම පාලනය කරගත් රටවල් ලෙස සඳහන් වුනි. චීනය, දකුණු කොරියාව සහ ජපානය පළමු රැල්ලෙන් පසු සාර්ථකව කොරෝනා වයිරසය පාලනය කර ගත්තේ යැයි වාර්තා විය. 

ඒ හැම රටක්ම දැන් දෙවන රැල්ලකට හසුව ඇත. නැවත නිරෝධායන පිළිවෙත් හා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීමේ දැඩි පියවර ගැනීමට ඔවුහු තීන්දු කරති.Kusal text 21 

එබැවින් අපද ඇඳිරි නීතිය ලිහිල් කිරීමේ මේ තීන්දුව සමග මැතිවරණ ක්‍රියාකාරිත්වයක්ද අමුණා ගතහොත් දෙවන කොරෝනා රැල්ලකට ගොදුරු විය හැක. එසේ නොවනු ඇතැයි කිසිවකුට සහතික දිය හැක්කේද නොවේ. 

එබැවින් අනෙක් රටවල අත් දැකීම් සමග ඇඳිරි නීතිය සමග පනවා ඇති ඉතාම සීමිත පාලනය වඩා විධිමත්, කාර්යක්ෂම සහ තියුණු ක්‍රියාකාරිත්වයක් සහිත සුපරීක්ෂණ හා නියාමන ප්‍රාදේශීය පාලනයකට මාරුකර ගැනීමේ අත්‍යාවශ්‍ය ඉල්ලුමක් ඇත. 

ශ්‍රී ලංකා ප්‍රජා විශේෂඥ වෛද්‍ය සංවිධානය විසින් පසුගිය සතියේ “කෝවිඞ්-19 වසංගතය පාලනය කිරීමෙන් ඉවත්වීමේ මූලෝපාය” ලෙස ක්‍රියාත්මක කළ යුතු වැඩසටහනක් ජනාධිපතිට හා සෙසු ප්‍රධානීන්ට ලබා දී තිබුණි. ඒ යෝජනාවල වැදගත් අදහස් අඩංගුව තිබිණ. 

වෛද්‍යවරුන්ගේ සංගමය විසින් කෙරුණු යෝජනා මාලාව එතරම්ම ප්‍රයෝජනයක් නොවනවාට අමතරව, ඔවුන්ගේ සුපුරුදු මුස්ලිම් විරෝධයත් ඊට මුහුකර තිබීමෙන් එය ඉවත දැමිය යුතුව ඇත. 

වගකීම:

ජනාධිපති සහ ආණ්ඩුව විසින් මේ යෝජනා දෙකම ඉවත දැමූ බවක් දැකිය හැකිය. එහෙත් ඒවා යෝජනා කෙරුණු පසුබිම සමග ආණ්ඩු පාලනයට හා සමාජයට පැවරෙන ප්‍රධානම හා ඉවත දැමිය නොහැකි වගකීම වනුයේ කොරෝනා දෙවන රැල්ලකට ඉඩ නොලැබෙන ලෙස කටයුතු කිරීමේ වගකීමය. 

ඒ සඳහාවන මූලික පියවර ගණනාවක් මෙසේ මෙහි සඳහන් කරමි. ඒවා මා දිගින් දිගටම යෝජනා කළ සහ පසුගිය මාර්තු 28 වන දින “ඬේලි මිර” පුවත් පතට ලියූ යෝජනා යළි අලුත් කර මෙහි සටහන් කිරීමකි. 

සුපරීක්ෂණ හා නියාමන පියවර රටපුරා ක්‍රියාත්මක කිරීමේදී, 

1. ඇඳිරි නීතිය ක්‍රියාත්මකවන පොලිස් බල ප්‍රදේශ 24 අදාල දිස්ත්‍රික්කයන්හි සමාජ ක්‍රියාකාරිත්වයෙන් ඉවත්කර වසා තැබීම එළෙසින්ම පවත්වා ගැනීම.

2. දිස්ත්‍රික් අතර ගමනා ගමනය අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණක් අවම මට්ටමින් පවත්වා ගැනීම.

3. සියලු පාසල් හා විශ්ව විද්‍යාල මැයි මස අවසානය දක්වා විවෘත නොකිරීම සහ නැවත විවෘත කිරීම මැයි මස දෙවන සතියෙන් පසු සළකා බැලීම.

4. සිනමා ශාලා, මහජන පුස්තකාල. නෘත්‍යාගාර හා සම්මන්ත්‍රණ ශාලා මැයි අවසානය තෙක් වසා තැබීම.

5. ආගමික කටයුතු පෞද්ගලික වතාවන් ලෙස පමණක් තබා ගැනීම.

6. සියලු උත්සව සහ රැස්වීම්. මංගල සහ අවමංගල්‍ය කටයුතුද ඇතුලුව උපරිම 10 කුට සීමා කිරීම.

7. ප්‍රසිද්ධ දේශපාලන රැස්වීම් තහනම් කිරීම.

8. රාජ්‍ය හා පෞද්ගලික මගී ප්‍රවාහන සේවා දිස්ත්‍රික්ක වලට සීමා කෙරුණු සේවා ලෙස පමණක් පවත්වා ගැනීම.

9. රජයේ හා පෞද්ගලික සේවා ආයතන පවත්වා ගැනීම. ඇඳිරි නීතිය ලිහිල් කිරීමේ අංක 62 දරණ 2020 අප්‍රේල් 18 වන දින ජනාධිපති මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයට අනුව පවත්වා ගැනීම.

10. පෞද්ගලික අංශයේ නිෂ්පාදන කම්හල් යළි ආරම්භ කිරීම. වෘත්තීය සමිති. හාම්පුතුන් සහ කම්කරු අමාත්‍යාංශය අතර සාකච්ඡාකර එළැඹෙන එකඟතා මත පමණක් ආරම්භ කිරීම. 


Corona Sri Lanka
ඉහත පියවර කොරෝනාව පැතිරීම සම්බන්ධයෙන් සමාජ ක්‍රියාකාරිත්වය සීමා කර ගැනීමේ හා පාලනය කර ගැනීමේ පියවර වන අතර. කොරෝනාව පැතිරීම ප්‍රාදේශීය මට්ටමින් නියාමනය කිරීම හා ජනතාව නිරන්තරව දැනුවත් කිරීමේ කාර්යන් සඳහා ජාතික මට්ටමින් ජාලගත කෙරෙන යාන්ත්‍රණයක් අවශ්‍ය වන්නේය. 

එය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල කේන්ද්‍ර කර ගනිමින් පිහිටුවිය යුතු යැයි මම කලෙක සිට අවධාරණය කෙරුවකි. එවැනි කාර්යාල රට පුරා 350 ට වැඩිය ඇත. ඒවායේ සේව කරන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 2.700 ක් පමණද. පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 4.300 ක් පමණද ඇත. ඔවුන් සැවොම ප්‍රජා සෞඛ්‍ය සේවා පිළිබඳව පුහුණුවක් ලැබූ නිලධාරීන්ය.   

ඒ අනුව,

01. කොරෝනා වයිරසය පාලනය කිරීමේ හා නියාමනය කිරීමේ ප්‍රධාන ප්‍රාදේශීය මධ්‍යස්ථාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල යැයි නිල වශයෙන් නම් කළ යුතුය. ජනතාවට අවශ්‍ය තොරතුරු ලබා ගැනීම සඳහා සියලු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල වලට විශේෂ අංකයක් සහිත දුරකතන පහසුකමක් වහා ලබාදිය යුතු අතර ඒ වෙනුවෙන් විශේෂ තොරතුරු නිලධාරියකු හෝ නිලධාරිනියක යෙදවිය යුතුය. 

02. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් ඇතුලු ඒවායේ සේවය කරන සියලු දෙනට කොරෝනා වයිරසය සම්බන්ධවත් එය පාලනය කර ගැනීම සම්බන්ධවත් විධිමත් හා කඩිනම් දින 02 ක දැනුවත් කිරීමේ වැඩ සටහන් පැවැත් විය යුතුය. ඒ සඳහා විවෘත නොකර ඇති වෛද්‍ය පීඨ ඇදුරන් යොදා ගත හැකිය.

03. ග්‍රාම සේවා නිලධාරීන්ද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ කොරෝනා සම්බන්ධ කාර්යන්ට නිල වශයෙන් අන්‍යුක්ත කළ යුතු අතර, ඔවුන්ද ඉහත පුහුණු වැඩ සටහනට ඇතුලු කළ යුතුය.

04. සියලු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල කොරෝනා වයිරස තොරතුරු හා දත්ත ඒකකයක් පිහිටුවිය යුතුය.

05. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල ප්‍රධානීන් සියලු දෙන වෛද්‍යවරුන් වන හෙයින් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අයත් බල ප්‍රදේශයේ ආසාදනයවීම් පරීක්ෂා කිරීමේ වගකීම ඔවුන්ට පැවරිය යුතු අතර, සියලු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල සඳහා අවශ්‍ය පහසුකම් නොඅඩුව, නොපමාව ලබාදිය යුතුය.  

06. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල ආසාදිතයින් ස්වයං නිරෝධායනට යටත් කිරීමෙන් පසු ඔවුන්ව හා ඔවුන්ගේ නිවසේ සෙසු සාමාජිකයින් දෛනිකව නිරීක්ෂණය කිරීම, මහජන සෞඛ්‍ය පරීක්ෂකට හා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියට පැවරෙන වගකීමක් වන්නේය. ඒ පිළිබඳ දෛනික කෙටි වාර්තාවක් ඔවුන් තොරතුරු හා දත්ත ඒකකයට ලබා දිය යුතුය. 

07. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල තොරතුරු හා දත්ත ඒකක සියල්ල සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ තොරතුරු හා දත්ත ඒකකය හා ජාලගත කළ යුතුය. ඒ අනුව ඔවුන් දෛනිකව ජාතික මට්ටමින් තත්ත්ව වාර්තාවක් නිකුත් කළ යුතුය.

08. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල ප්‍රදේශයෙන් බැහැර කටයුත්තක් සඳහා යාමට කිසියම් පුද්ගලයෙකුට අවශ්‍ය විටෙක, ඒ සඳහා එම දිස්ත්‍රික්කයට සීමා කෙරුණු සහ අවශ්‍ය කාරණාවට අදාලව එක් දිනකට වලංගු විශේෂ අවසර පතක් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් නිවසේ එක් අයෙකුට පමණක් ලබා දිය යුතුය.    

09. දිස්ත්‍රික්කයේ සියලු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් හා ප්‍රාදේශීය ලේකම්වරුන්ද, දිස්ත්‍රික් සෞඛ්‍ය අධිකාරිවරයාද, රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි සහ පොලිස් අධිකාරිවරයා, සෑම සතියකම නිශ්චිත එක් දිනක් දිස්ත්‍රික් ලේකම්ගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් කොරෝනා වයිරස නියාමන කමිටුව ලෙස රැස්විය යුතුය. ඔවුන්ගේ වගකීම වනුයේ, 

අ.  දිස්ත්‍රික්කයේ පොදු සේවා සහ පහසුකම් පවත්වා ගැනීම සහ ඒවායේ සෞඛ්‍ය ප්‍රමිතීන් රැක ගැනීම
ආ. ආර්ථික ක්‍රියාවලියෙහි තත්ත්වය මැන බැලීම හා වර්ධනය සඳහා ගත යුතු පියවර තීන්දු කිරීම
ඇ. දිස්ත්‍රික්කයේ පූර්ණ ලෙස ආවරණය කෙරුණු පොලිස් බල ප්‍රදේශ ඇතොත් ඒවායේ සති පතා තත්ත්ව වාර්තාවක් ලබා ගැනීම හා එම බල ප්‍රදේශ සම්බන්ධයෙන් ගත යුතු ඊළග පියවර පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයට නිර්දේශ ඉදිරිපත් කිරීම
ඇ. දිස්ත්‍රික් මායිම් නිසියාකාරව පාලනය කිරීම.

10. මැතිවරණය පැවැත්වීමට අවශ්‍යම නම්, ආසන්න දින දෙකක් නියම කර ග්‍රාම සේවා නිලධාරි මගින් තැපැල් ඡන්ද පැවැත්විය හැකිය. ග්‍රා.සේ.නි කාර්යාලයට ඇතුළු වන්නට පෙර අවශ්‍ය සමාජ දුරස්ථභාවය රකිමින් ඡන්ද නියාමනය සඳහා පක්ෂ මැතිවරණ නියෝජිතයින්ට ඉඩ දිය හැකිය.  

මෙය තව වර්ධනය කළ හැකි යැයි සිතමි. ඒ වෙනුවෙන් මෙය සමාජ මාධ්‍ය ජාලියන්හි පළ කිරීමට අදහස් කරනු ලැබූයේ මේ විරාමය ඉතා ප්‍රවේසමෙන් හා ඉවසීමෙන් කලමනාකරණය කර නොගතහොත් අප දෙවැනි රැල්ලකට ගොදුරු විය හැකි හෙයින් සහ එවැන්නක් පළමු ව්‍යාප්තියට වඩා බරපතල් විය හැකි හෙයිනි.

කුසල් පෙරේරා       
2020 අප්‍රේල් 19 වන දින

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්