leader s

වැලිසර කඳවුර සම්පුර්ණයෙන් හුදෙකලා කරයි 

වැලිසර නාවික හමුදාවේ සේවය කළ සෙබළුන් 29 දෙනෙක් නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ඒ සම්බන්ධයෙන් සිදුකළ PCR පරීක්ෂණයකින් තහවුරු වී ඇතැයි යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කරයි.

ඊයේ (22) දිනයේදී පොළොන්නරුව ප්‍රදේශයෙන් වාර්තා වූ කොරෝනා ආසාධිත නාවික සෙබලා ද ඇතුළු මෙලෙස නාවික හමුදා නිලධාරින් 30 දෙනෙක්ට කොරෝනා වෛරසය වැලදී ඇති බවට තහවුරු වී ඇති බව යුධ හමුදාපතිවරයා පැවසිය.

ඒ අනුව වැලිසර නාවික හමුදා කඳවුර සම්පුරණයෙන් හුදෙකලා කිරීමට නාවික හමුදාපතිවරයා පියවර ගෙන ඇත.


පොලොන්නරුව ප්‍රදේශයෙන් වාර්තා වූ කොරෝනා ආසාදිත නාවික සෙබළාට ඔහු සිටි නාවික භට නිවාසයේ සෙබළෙකුගෙන් වෛරසය ආසාදනය වී ඇති බවත්, එම භටයා ඇතුළු අනෙකුත් නිලධාරීන් පසුගිය දිනවල දී  සුදුවැල්ල ප්‍රදේශයේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වු පිරිස නිරෝධායනයට ලක් කිරීමේ දී මෙම නාවිකයින්ට වෛරසය ආසාදනය වි ඇතැයි තහවුරු වී ඇතැයි ද යුද හමුදාපතිවරයා කියා සිටියේය.

ඒ අනුව වැලිසර නාවික හමුදා කඳවුරේ සිට නිවාඩු ලබා නිවෙස් වෙත ගිය සියලුම නිලධාරීන් යලි කඳවුරට කැඳවා ඔවුන්ට නිරෝධායනයට යටත් කිරීමට නාවික හමුදාව මේ වන විටත් අවශ්‍ය පියවර ගෙන ඇති බවද යුධ හමුදාපතිවරයා සඳහන් කළේය. 

මේවනවිටත් තවත් නාවික හමුදා සෙබළුන් 150ක පමණ PCR පරීක්ෂණය වෙත යොමුකර ඇති අතර ඒ සම්බන්ධයෙන් ප්‍රතිපල හෙට උදැසන වනවිට ලැබීමට නියමිතය.
වීඩියෝ 

 

************************ UPDATE 9.30 ***********************

 මෙරටින් අද (23) සවස වාර්තා වූ කොරෝනා ආසාදිතයා නාවික හමුදා සෙබලෙක් බවට තහවුරු වී ඇත. වැලිසර නාවික හමුදා කඳවුරේ සේවය කරනු ලබන මෙම සෙබලා පසුගියදා වාරියපොළ ප්‍රදේශයේ පිහිටි සිය

නිවසට නිවාඩු ලබා පැමිණ සිටියදී මෙලෙස ආසදිතයෙක් බවට හදුනා ගෙන ඇත.

මෙම නාවික සෙබලා ඊයේ දිනයේදී පොළොන්නරුවෙන් වාර්තා වූ කොරෝනා ආසාධිත සෙබලා සමග සිට ඇති බවට කරුණු අනාවරණය වී තිබේ.

කුරුණෑගල ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය චන්දන කන්දෙගමුව සඳහන් කලේ මෙම නාවික හමුදා නිලධාරියා ඊයේ දිනයේදී අසනීප තත්ත්වයකට රෝහල් ගතවූ බවත් ඒ අනුව සිදුකළ PCR පරීක්ෂණයේදී ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වූ බවට අද තහවුරු වූ බවයි. 

ඒ අනුව මෙම නාවික හමුදා සෙබලා මේ වන විට අංගොඩ පිහිටි IDH රෝහලට මාරු කර යවා ඇති බව නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

30 දෙනෙකු ගැන සැකයක් !

මේ අතර නිල නොවන ආරංචිමාර්ග වලින් වාර්තා වන්නේ වැලිසර හා බුස්ස නාවික කඳවුරු වල සෙබළුන් 30 දෙනෙකුට කොරෝන ආසදනයවී ඇත්දැයි සැකයක් මතුව ඇති බවයි. 

එවැනි තත්වයක් මතු වුවහොත් එම කඳවුරුවල අදාළ අංශ හුදෙකලා කිරීමට අවදානය යොමු වී ඇති බව එම ආරංචිමාර්ග වැඩි දුරටත් පවසයි.

ඉදිරියේ අවදානම් තත්වයක් - රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි 

අද දිනයේදී මේ දක්වා ආසාධිතයින් 07දෙනෙක් වාර්තා වී ඇතැයි නිල වශයෙන් ප්‍රකාශයට පත්ව ඇති අතර ඒ අනුව මෙරට දී කොරෝන ආසාදනය වූ ශ්‍රී ලාංකිකයින් ගණන 337 දක්වා ඉහල ගොස් ඇත.

කොවිඩ් -19 වෛරසය අසාදිතයන් රටේ විවිධ ප්‍රදේශවලින් හමුවීමත් සමග ඉදිරි දින කිහිපය අවදානම් කාලයක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ පවසයි.

මේ ආකාරයෙන් ඉදිරි දින කිහිපයේදීත් දිගින් දිගටම විවිධ ප්‍රදේශවලින් රෝගීන් වාර්තා වුවහොත් එළැඹෙන 27 වැනිදා වන විටද රට විවෘත කිරීමට නොහැකි වන බවද වෛද්‍ය අලුත්ගේ පවසයි.


සබැඳි පුවත් :

ඊයේ 20ක් : නාවික හමුදා සෙබලෙකුට ආසාදනය වෙලා ! - පොලොන්නරුවේ ගම්මාන 12ක් හුදෙකලා කරයි

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්