leader s

කොරෝනා මෘතදේහ බහාලුම් 1000ක් ඉල්ලා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජාත්‍යන්තර රතුකුරුස සංවිධානයට යොමුකළ ලිපියක පිටපතක් අද පස්වරුවේ සිට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් තිබෙන අතර එහි

ඇත්ත නැත්ත සම්බන්ධයෙන් මාධ්‍යවේදීන්ට පවා ගැටළුවක් මතුව තිබිණ. 

ඒ සම්බන්ධයෙන් theleader.lk කල සොයා බැලීමක දී අනාවරණය වුයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (සෞඛ්‍ය සේවා) වෛද්‍ය සුනිල් ද අල්විස්ගේ අත්සනින් යුතු එම ලිපිය සත්‍ය බවයි.

එවැනි ලිපියක් යොමුකළ බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයා තහවුරු කළ බව 'ලංකා වෙබ්' අඩවිය ද වාර්තා කර ඇත.

අවදානමට පෙර සුදානම ....

මෙරට කොවිඩ්-19 අවදානම බරපතළ වීම නොවන බවත්, රතු කුරුස සංවිධානයේ ඉල්ලීමකට අනුව එම ලිපිය යොමු කළ බවත් ලේකම්වරයා වැඩිදුරටත් සදහන් කර ඇත. 

ඉදිරියේ දී එවැනි තත්ත්වයක් මතු වුවහොත් ප්‍රයෝජනයට ගැනීම සඳහා මළ සිරුරු බහාලන ආරක්ෂිත කවර මෙරට නොමැති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මගින් අවධාරණය කිරීමෙන් පසු, රතු කුරුස සංවිධානය මගින් දැනුම් දී ඇත්තේ තම සංවිධානයට එවැනි ආරක්ෂිත කවර 1,000 ක් ලබාදීමේ හැකියාව ඇති බවයි.

මේ සම්බන්ධයෙන් සටහනක් තබා ඇති ජනාධිපතිවරයාගේ මාධ්‍ය උපදේශකයකු වන මිලින්ද රාජපක්ෂ සිය FB පිටුවේ සඳහන් කර ඇත්තේ මෙසේය.

''රතු කුරුසෙ, ජාත්‍යන්තර ආධාර දෙන ආයතනයක් විදියට අමාත්‍යාංශයෙන් request letter එකක් ඉල්ලනව. අතිරේක ලේකම් දොස්තර සුනිල් ද අල්විස් මහත්තයාගේ අත්සනට මේ ලියුම එයාගෙ කණිෂ්ඨ නිළධාරින් හදල යවනවා. මේ වගේ ලියුම් දෙතුන් සීයක් අමාත්‍යාංශ ලේකම් කෙනෙක් දවසට අත්සන් කරනවා. විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශය මේ වෙලාවේ ලංකාවේ 'බිසීම' තැන. 

බහාලුම් 300 බෙදල ඉවරයි !

මේ බහාලුම් 300 ක් විතර ගිය මාසයේ අමාත්‍යාංශය සතුව තිබිල. සෞඛ්‍ය බලධාරීන් තීරණයක් ගන්නවා රට පුරා රෝහල් වල සිදුවන හදුනානොගත් / ලෙඩේ තහවුරු කර නොගත් මරණ සියල්ලම මේ බහාලුම් වලට දාන්න. උදාහරණයක් විදියට නිකන් නිව්මෝනියාව හැදිල මැරුණත් දාන්නෙ මේ බෑග්වලට. ඒක වැඩි හොදට අපි ගත්ත බුද්ධිමත් සෞඛ්‍ය තීරණයක්. 

ඉතින් අර බහාලුම් 300 රට පුරා බෙදල ඉවර වෙනවා. අලුත් බහාලුම් ඕන වෙනවා ඊලග මාස වල බෙදන්න. ඉතින් පුරුදු විදියට සෞඛ්‍ය අමාත්‍යාංශය 1000 ක් ඉල්ලනව රතු කුරුසෙන්. මේ වෙනකොට කොරෝනා වලින් ලංකාවෙ මැරුනෙ 07 යි.''

මෙම ලිපිය මහජනතාව කැළඹෙන පරිදි එලියට දැම්මෙ කව්දැයි රාජ්‍ය බුද්ධි අංශ වහාම සොයාබැලිය යුතු බව පවසන මිලින්ද රාජපක්ෂ, මෙවැනි පුවත් මවන්නන්, ජනතාව උසි ගන්වන්නන්, බොරු ප්‍රචාර යවන්නන් ප්‍රශ්න කල යුතු යයි ද කියා සිටියි.

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්