leader s

කොරෝනා වසංගතය රට තුළ ව්‍යාපෘතිය සමඟ විවිධ නිර්මාණ බිහිවිය."සැමියා" කෙටි මොබයිල් දුරකථන ටෙලි නිර්මාණය එම නිර්මාණවල දිගුවකි.

කැලුම් පාලිත මහීරත්නගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වූ "සැමියා" සම්පූර්ණයෙන්ම ජංගම දුරකථන හරහා රූගත කරන ලද්දකි.

මෙම නිර්මාණය සඳහා දායකවන සියලු ශිල්පීන් තම තමන්ගේ නිවෙස්වල සිට නිර්මාණය සඳහා දායකත්වය දැක්වීම සුවිශේෂී කාරණාවකි.

නිවෙස්වල රැඳී සිටින ශිල්පීන් එම ස්ථානයේ සිටම එක් නිර්මායක් සඳහා දායක කරගැනීමේ පළමු සාර්ථක අත්හදාබැලීම් ලෙස "සැමියා" හඳුන්වාදිය හැකිය.

එක් සුළු වචනයක් කට කතාවක් බවට පත්වෙමින් ඉතා සීඝ්‍රයෙන් ව්‍යාප්තවීම සැමියා හරහා විනාඩි කිහිපයකින් කතා බහ කරනු ලැබේ.

"ඇත්තටම කොරෝනා වසංගතය සමඟ නිවෙසට වී කාලය ගත කරන රංගන ශිල්පීන් ශිල්පිනියන් යොදාගනිමින් නව නිර්මාණයක් කරන්නට දින කිහිපයක් තිස්සේ සැලසුම් කළා. අවසානයේ ලෝකයේ සැමදෙනාගේම නිරතුරුවම භාවිතයට ගන්නා ජංගම දුරකථන හරහා නිර්මාණශීලී දෙයක් කරන්න සැලසුම් කළා. මේ සෑම නිර්මාණකරුවෙක් සමඟම සියලු අදහස් හුවමාරුව සිදුවුණේ දුරකතනය හරහා. ඉන් අනතුරුව එක තැනකදී ඔවුන් විසින් පිටපතට අනුව කළ රඟපෑම් සහ රූගත කිරීම් සංස්කරණය කරනු ලැබුවා. එය ඉතාමත් සාර්ථක නිර්මාණයක් බවට පත්වුණා. අපි රාමුවෙන් එළියට ගිහිං පොඩ්ඩක් හිතුවොත් වෙනස් ක්‍රමයේ නිර්මාණ කරන්නට පුළුවන් කියන පණිවිඩය දෙන්න තමයි අපි කණ්ඩායම කටයුතු කළේ. මෙම නිර්මාණය වෙනුවෙන් වෙහෙසුණු සහ මෙම අභියෝගය භාරගත් සියලුදෙනාට මගේ ස්තුතිය පිරිනැමිය යුතුයි.මෙම ක්‍රමය යටතේ ඉදිරියේදී තවත් නිර්මාණ කිහිපයක් එළි දැක්වීමට අපේ කණ්ඩායම සූදානම්. 

"සැමියා " නිර්මාණය වූ ආකාරය පිළිබඳ අධ්‍යක්ෂ කැලුම් පාලිත මහීරත්න theleader.lk සමග එසේ අදහස් දැක්වුහ. 

මෙම නිර්මාණය සඳහා ගයනා සුදර්ශනී, සරත් චන්ද්‍රසිරි, සහන් විජේසිංහ, කුමාර තිරිමාදුර, නුවනි වලිමුණි, චන්ද්‍රසේන වලිමුණි, චන්දන ක්‍රිෂාන්ත සහ චමිලා ක්‍රිෂාන්ති දායක වී තිබේ.

"සැමියා"K&D Media  සහ Small Fry bites සුසංයෝගයකි.

වීඩියෝ 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්