leader s

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකුට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් දුරකථන ඇමතුම් ලබා දි ඇතැයි වාර්තාවේ.

ඒ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන සහ කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් යන මන්ත්‍රීවරුන් දෙදෙනාටය.

එලෙස දුරකථන ඇමතුම් ලබා දී ඇති රනිල් වික්‍රමසිංහ ඔවුන්ට උපදෙස් දී ඇත්තේ, එළඹෙන පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳව සොයා බැලීම සදහා තේරීම් කාරක සභාවක් පත් කරන ලෙස ඉල්ලා සිටින ලෙසය.

පාර්ලිමේන්තුවේ ඉහළම තනතුර වන කතානායක ධූරයට පත් වූ මන්ත්‍රීවරයාගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳව මේ දිනවල මහත් ආන්දෝලනයක් ඇතිවී තිබෙන බවත් හොරු අල්ලන්නට කියා පැමිණි ආණ්ඩුවේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳව හොරුන් බවත් අවසා ඇති රනිල් වික්‍රමසිංහ, ඒවා ප්‍රශ්න කිරීම ප්‍රධාන විපක්ෂය ලෙස සමගි ජන බලවේගයේ කාර්යභාරයක් බව ද පවසා තිබේ.

කෙසේවෙතත්, එම වගකීම සමගි ජන බලවේගය විසින් පැහැර හැර ඇති බව පවසා ඇති රනිල් වික්‍රමසිංහ අදාළ මන්ත්‍රීවරු දෙදෙනාගෙන් ඉල්ලා ඇත්තේ ඒ පිළිබඳව මැදිහත් වන ලෙසය.

මේ අතර කතානායකවරයාගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ ගේ උපදෙස්මත අද පස්වරුවේ එකසත් ජාතික පක්ෂය විසින් මාධ්‍ය හමුවක් කැඳවා ඇත. තලතා අතුකෝරල හා වජිර අබේවර්ධන හිටපු අමාත්‍යවරුන් එම මාධ්‍ය හමුවට සහභාගිවීමට නියමිතය. 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්