බොහෝ කලාකරුවන් සමුගනිමින් සිටී. අපිට ඔවුන්ට සමුදෙන්නටවත් ඉඩක් දී නැත. මේ කාලය තුළ සමුගත් කලාකරුවන් අතරට ජෝෂප් මැනුවෙල් ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු නම් වූ ජ්‍යෙෂ්ට කලාකරුවා ද වේ.

ඔහු ටික කලක් රෝගීව සිටියේය. මිය යන විට ඔහු 80 වියෙහි පසුවිය.


 ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු නමින් ප්‍රසිද්ධ වූ ඔහු සිනමාවේ දුෂ්ටයෙකි. විටෙක වීරයෙකි. ඔහු දුෂ්ටයාට නැතුවම බැරි සිනමා යුගයක් විය. ඔහු ක්‍රියාදාම අධ්‍යක්‍ෂවරයෙක්ද වේ.

ඇලෙක්සැන්ඩර් St. Benedict's College සහ St. Anthony's Boys Collegeයන පාසල්වල අධ්‍යාපනය හාදාරා ඇති අතර පාසලේ වඩාත් දක්‍ෂතා දක්වා ඇත්තේ බොක්සින් ක්‍රීඩාවට සහ පිහිණුම් ක්‍රිඩාවටය. 

චිත්‍රපට 120ක ට පමන රගපෑ ඔහු දමිළ සහ ඉංග්‍රීසි චිත්‍රපටයකටද රංගනයෙන් දායක වී තිබේ. වේදිකාවේද ඔහු රගපෑ ඇති අතර ඔහු සිනමාවට අවතීර්ණ වන්නේ 1963 වෙන 'ස්වර්ගයක් කුමකටද' චිත්‍රපටයේ රංගනයට එක්වෙමිනි. එහි අධ්‍යක්‍ෂණය ටී සෝමසේකරන් ගෙනි. ඇලෙක්සැන්ඩර් එහි රගපෑවේ හෙන්රි ජයසේනයන් සමගිනි. නමුත් එම සටන් ජවනිකාව එම චිත්‍රපටයෙන් ඉවත් කර තිබේ. 

අනතුරුව ඔහු හාර ලක්‍ෂය, ශ්‍රී මාධාරා, රජ ගෙදර පරෙවියෝ, පස මිතුරෝ ආදී ජනප්‍රිය චිත්‍රපටවල රංගනයෙන් දායක වී තිබේ. සරදියෙල්ගේ පුතා චිත්‍රපටයේ ඔහු කළ රංගනය ඔහුගේ ජනප්‍රියම සිනමා චරිතය වේ.

ඉන්පසු ටයිටස් තොටවත්ත, නීල් රුපසිංහ, තම්පෝ, යසපාලිත නානායක්කාර, සතිස්චන්ද්‍ර එදිරිසිංහ වැනි අධ්‍යක්‍ෂවරුන් යටතේ චිත්‍රපට රැසක රංගනයෙන් දායක විය. 

ගාමිනී ෆොන්සේකා වැනි රංගවේදීන් වාණිජ සිනමා රිදී තිරයේදී වීරයෙක් බවට පත්වන්නේ ඇලෙක්සැන්ඩර් වැනි නළුවන් ගුටි කෑ නිසාය.

ඇලෙක්සැන්ඩර් වැනි රංගධරයන් වර්තමාන සිනමාවේ දකින්නට නැත. කඩවසම් පෙනුමත් දක්‍ෂතාවත් කැටිවුනු  මෙවන් රංගධරයන් සිනමා සම්මාන උළෙලවල් වල කිසිදා ඇගයීමකට ලක්නොවීය. සැමවිටම දුෂ්ටයන් නිසා වීරයන් බවට පත්වූ අය සම්මාන ගනිද්දි මෙවන් රංගවේදීන් සතුටු සිතින් බලා සිටින්නට ඇතුවාට සැකයක් නැත.

මෙවන් මිනිසුන්ගේ වටිනාකම් සිනමාවේ අයිතාකාරයින්ට කිසිදා අගයක් නොවීය.

දැන් ඉතින් මෙවැනි සටහන් වළින් මෙන්ම ගුණකතන කරනවා හැර කරන්නට යමක් ඉතිරිව නැත. සිනමාවේ පතාක යෝධයන් එකිනෙකා සමුගනිමින් හිදී.

ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දුනම් වූ කෘතහස්ත රංගන වේදියාට අපගේ ආචාරය මෙසේ පුදකරමු. 

(mirrorarts.lk)

වීඩියෝ 


මේ ගීතය ඔබ දකින විට මෙහි ප්‍රධාන චරිතය රංගනය කරන ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු මහතා අද උදෑසන මෙලොවින් සමුගෙන ඇත එතුමා මෙන්ම ඇන්තනි සී පෙරේරා බැප්ටිස් ප්‍රනාන්දු ශාන්ති ලේඛා යසපාලිත නානායක්කාර යන රංගන ශිල්පීන්ද දැනට ජීවතුන් අතර නොවේ ..සියල්ලන්ටම අපි නිවන් සම්පත් ප්‍රර්ථනා කරමු ..මේ ගීතය නැසීගිය සියල්ලන්ටම උපහාරයක් වේවා .

ගීතය .."රන්වන් සිනා පෑ මනෝ මන්දිරේ "

චිත්‍රපටය ..."ඇගේ ආදර කතාව "

සංගීත අධ්‍යක්‍ෂණය – පී එල් ඒ සෝමපාල

ගායනය - එච් ආර් ජෝතිපාල

රංගනය -ඇන්තනි සී පෙරේරා, ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු, සෝනියා දිසා, ගීතා කුමාරසිංහ, බැප්ටිස් ප්‍රනාන්දු, ශාන්ති ලේඛා සහ නාත් ගුණසේකර

1977.09 .23 තිරගතවී තිබේ. යසපාලිත නානායක්කාරගේ අධ්‍යක්ෂණයකි.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්