leader s

යුරෝපයේ ජීවත්වන ළමුන් අතර නව මාදිලියේ රෝගයක් පැතිරෙමින් පවතින බවට යුරෝපා රටවල සෞඛ්‍ය ක්ෂේත්‍ර අනතුරු අඟවමින් සිටී.

මෙම අනතුරු ඇඟවීම පළමුවෙන්ම සිදු කරනු ලැබුවේ, බ්‍රිතාන්‍යයේ ළමා රෝග දැඩි සත්කර සංගමය (PICS) සහ බ්‍රිතාන්‍ය ජාතික සෞඛ්‍ය සේවා අධිකාරිය විසිනි.

බ්‍රිතාන්‍ය තුළ නව රෝගයක් හටගෙන ඇති බවත්, බ්‍රිතාන්‍යයේ  සිටින කුඩා ළමුන්ට මෙම රෝගය වැලඳී ඇති බවත්,  බ්‍රිතාන්‍ය සෞඛ්‍ය අමාත්‍ය Matt Hancockc ප්‍රකාශ කර ඇත.Hent 04. 30

මෙම රෝගය,  කිරීටක වෛරසයේම ප්‍රභේදයක් බවට විශ්වාස කිරීමටත්, නොකිරීමටත් හේතු ඇතැයි වෛද්‍ය විශෙෂඥයන් පවසති.

ප්‍රංශයේ ළමා බෝවන රෝග පිළිබඳ විශේෂඥවරියක් මෙන්ම ළමා බෝවන රෝග විද්‍යාත්මක කවුන්සිලයේ සාමාජිකාවක්වන Véronique Hentgen පවසන්නේ, ප්‍රංශයේ ළමුන් තුළ කිරීටක වෛරසයෙන් ඇතිවිය හැකි සංකූලතා පිළිබඳව අප්‍රේල් 27 වැනි දින එවැනිම අනතුරු ඇඟවීමක් කර ඇති බවය. 

පීඩාවට පත් දරුවන් බොහෝවිට දැඩි සත්කාර සඳහා රෝහල්ගත කරන බවද ඇය පවසා ඇත.

ළමුන්ට ආසාදනය වෙමින් පවතින මෙම රෝගය 1967 දී ජපානයේදී සොයාගත් කවාසාකි රෝගයට ආසන්න රෝග ලක්ෂණ පෙන්නුම් කරන බව වෛද්‍යවරුන්ගේ මතය වී තිබේ.

මෙම රෝගයට ලක්වූ දරුවන් දරුණු රෝග ලක්ෂණ වලින් පෙළෙන බවත්, විෂ කම්පනයක් ශරීය තුළ ඇතිකරන බවත්, එය සමහරවිට හෘදයාබාධ ඇතිවීමට හේතුවන තරමට උග්‍ර බවත් වෛද්‍යවරුන්ගේ මතය වී තිබේ.

කොරෝනා වසංගතය ආරම්භයේ දී පිළිගැණුනු මතය වූයේ එය දරුවන්ට හානි නොවන බවකි. එහෙත් මෙම උපකල්පනය දැඩි ප්‍රශ්න කිරීමකට ලක් කරමින්, ප්‍රංශය ඇතුළු යුරෝපයේ රටවල් කිහිපයක ළමුන් විශාල Belto 30 ප්‍රමාණයකට බරපතළ ආසාදන ඇතිවී තිබෙන බව මේ වන විට වාර්තා වේ.

ප්‍රංශයේ Ile - de - France  පළාත තුළ උදර වේදනාව සහ හෘද දැවිල්ල වැනි රෝග ලක්ෂණ සහිත ළමුන් 20 දෙනකු පමණ සොයාගෙන ඇති බවත්, ඔවුන් අවුරුදු 2 ත් 10 ත් අතර වයසේ පසුවන දරුවන් බවත් ප්‍රංශ වෛද්‍යවරු පවසති.


ප්‍රංශයේ ලියොන් නගරයේ සිටින මාතෘ සහ ළමා රෝග විශේෂඥ මහාචාර්‍ය Alexandre Belot ,  " මෙය අපි ප්‍රංශයේ දී ඉතා බැරෑරුම් ලෙස සලකන අනතුරු ඇඟවීමක්. ඔබ  ඉතා සුපරික්ෂාකාරී විය යුතු බවට අපි අනතුරු අඟවනවා. "  යැයි පවසා තිබේ.


රෝගය ආසාදනය වූවන්ගේ රෝග ලක්ෂණ :

istock 1134379218
මෙම රෝගය ආසාදනය වූවන්ගේ රෝග ලක්ෂණ, ආහාර ජීර්ණ ආබාධ වලින් ආරම්භ වන අතර, ශ්වසන කම්පනය දක්වා වර්ධනය වේන බවත්, හෘදයේ මාංශ පේශී පටක ඉදිමීම ( myocarditis) නිසා හෘදයාබාධා ඇතිවීමට හේතුවන බවත්, වෛද්‍යවරු පෙන්වා දෙති.

ළමුන්ගේ ප්‍රතිශක්තීකරණ පද්ධතියට ප්‍රබල ලෙස ප්‍රතික්‍රියා කොට ඊට හානි සිදු කරන බව ප්‍රංශ ළමා රෝග විශේෂඥ Véronique Hentgen  ප්‍රකාශ කරයි.

ප්‍රංශ මහජන  සෞඛ්‍ය ආයතනය වෙත නිරීක්ෂණ වාර්තාවක් ඉදිරිපත් කරන ප්‍රංශ වෛද්‍යවරුන් කිහිප දෙනෙකු පෙන්වා දී ඇත්තේ, සති තුනක් තුළ අවම වශයෙන් දැඩි සත්කාර ඒකක තුළ මෙවැනි රෝගීන් 25 ක් හඳුනාගෙන ඇති බවයි.

ප්‍රධාන වශයෙන් වයස අවුරුදු 8 ත් 15 ත් අතර වයස්වල පසුවන මෙම රෝගීන් තුළ වඩාත් බරපතල සංකූලතාව වන්නේ  මයොකාඩයිටීස් ( Myocarditis ) රෝගීන් 15 ක් පමණ සිටීම යැයි ඔවුන්ගේ වාර්තාවෙන්  වැඩි දුරටත් පෙන්වා දී තිබේ.

දින 10 ක් තුළ මෙවැනි විෂ කම්පනයක් ඇති වුණු අවස්ථා තුණක් ගණනය කර ඇති බව ටෝසෝ  රෝහලේ ( l' hôpital Trousseau ) ළමා පුණර්ජීවනය පිළිබඳ ප්‍රධානී මහාචාර්‍ය Pierre - Louis  පවසා තිබේ.

මේ අතර පැරීසියේ Robert Debré  සහ Necker යන රෝහල් තුළ මෙවැනි ආසාදිතයන් කිහිප දෙනකු සිටින බව වාර්තා කොට තිබේ.

උණ , ආහාර ජීර්ණ අපහසුතා සහ ශරීය තුළ  ගිණි ඇවිලෙන තරමේ වේදනාව වැනි රෝග ලක්ෂණ සහිත, හෘදයාබාධ ඇතිවිය හැකි තරමේ අවදානමක් සහිත ළමුන් 15  දෙනකු පමණ පිළිබඳව පැරීසියානු කණ්ඩායම් වලින් අනතුරු ඇඟවීමක් ලැබී ඇතැයි, ප්‍රංශ සෞඛ්‍ය අමාත්‍ය ඔලිවියෙර් වෙරොන් ප්‍රංශ ජනමාධ්‍ය ඔස්සේ  තහවුරු කර තිබේ.

"මගේ දැණුමට අනුව නම්, මෙම දුර්ලභ රෝග තත්ත්වයේ සංකූලතාවයෙන්,  කිසිම දරුවෙකු වාසනාවකට මෙන් මිය ගියේ නෑ." යැයි සෞඛ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කර තිබුණු අතර ඔහු මෙම සංසිද්ධිය ඉතා බැරෑරුම් ලෙස සලකන බවද ප්‍රකාශ කොට ඇත.

කෙසේ වෙතත් ප්‍රංශයේ සහ එක්සත් රාජධානියේ වෛද්‍යවරුන් කිහිප දෙනෙකු විසින්, මෙම විශේෂිත ආසාදනය තවමත් සලකන්නේ ව්‍යතිරේකයක් හැටියටය. ඔවුන් එසේ කර ඇත්තේ මෙම රෝගයෙන් දරුවන් තුළ සංකූලතා ඇතිවීමේ සම්භාවිතාව පිළිබඳ ගණනය කිරීමෙනි.

බ්‍රිතාන්‍ය රාජකීය ළමා රෝග හා ළමා සෞඛ්‍ය විද්‍යාලයේ සභාපති මහාචාර්‍ය රසල් විනර් පවසන්නේ , කොරෝනා වෛරසය ඇති දරුවන් තුළ සංකූලතා ඇතිවීමේ සම්භාවිතාව අඩු මට්ටමක පවතින බවය.

''බ්‍රිතාන්‍ය රාජකීය ළමා රෝග හා ළමා සෞඛ්‍ය විද්‍යාලයේ සභාපති මහාචාර්‍ය රසල් විනර් පවසන්නේ , කොරෝනා වෛරසය ඇති දරුවන් තුළ සංකූලතා ඇතිවීමේ සම්භාවිතාව අඩු මට්ටමක පවතින බවය.''

මෙම විෂ කම්පනයෙන් පීඩාවට පත් ළමුන් අතරින් කිසිවෙකුත් වාසනාවකට මෙන් මෙතෙක් මිය නොගිය පරිසරයක් තුළ සහ  ඉහත සඳහන් වෛද්‍යවරුන්ගේ සක්ෂි අනුව රෝගීන් සුව වනු ඇතැයි ප්‍රංශය විශ්වාසය පළ කරයි.

 කොවිඩ් -19 වෛරසයේ නව ප්‍රභේදයක්  මගින් හටගත් මෙම රෝගය මගින් කුඩා දරුවන්ගෙ ප්‍රතිශක්තීකරණ පද්ධතියට බලපැමක් එල්ල කරන බව මේ වන විට පැහැදිළි වී තිබේ.

මේ වන විට ස්පාඤ්ඤය, බෙල්ජියම, ස්ව්ස්ටර්ලන්තය සහ උතුරු ඉතාලිය තුළ සිටින ළමුන් සෑහෙන ප්‍රමාණයකට මෙම රෝගය වැලඳී ඇති බවට වාර්තා වි තිබේ.

කෙසේ වෙතත්, මැයි 11 වැනිදා සිට ප්‍රංශයේ පාසල් නැවත විවෘත කිරීමේ මතභේදාත්මක තීරණය ගැන ප්‍රශ්න කිරීමට මේ මොහොතේ අවශ්‍යතාවයක් නැති බවත්,  ප්‍රංශය තුළ රෝගාතුරව සිටින දරුවන්ගේ වෛරස් වාර්තාවල ප්‍රතිඵල ඉක්මනට ලැබෙනු ඇති බවත් ප්‍රංශ සෞඛ්‍ය අමාත්‍ය වෙරොන් පවසයි.

මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ජාත්‍යන්තර විද්‍යා පරීක්ෂණ , මුලු ලොවටම අනතුරු ඇඟවීමක් සිදුකොට තිබේ.

එයින් කියැවෙන්නේ ප්‍රතිශක්තීකරණ වැඩසටහන් සඳහා අවශ්‍ය කරන එන්නත් නිෂ්පාදන යාන්ත්‍රණය ඉදිරියේදී සමහරවිට අඩාල විය හැකි බවය.

ප්‍රතිශක්තීකරණ ශක්තිය යටපත්වී ඇති අවස්ථාවල එය එන්නත් මගින්  වැඩි දියුණු කිරීම් සිදු කරන අතර එමගින් රෝගවලට ඔරොත්තුදීමේ හැකියාව ඇති කිරීම සාමාන්‍යයෙන් සිදුවන්නකි.

එන්නත් නිෂ්පාදනය අඩාල වුවහොත්, එය ආසියානු හා අප්‍රිකානු කලාපවල ප්‍රතිශක්තීකරණ වැඩසටහන් වලට සෘජු ලෙස බලපානු ඇති බව ඉතා පැහැදිළිය.

(සුනිල් ගාමිණී -ප්‍රංශයේ සිට... )

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්