leader s

ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන්නේ දූෂණයෙන් තොර ආගමානුකූලව කටයුතු කරන පුද්ගලයෙකු බව කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා පවසයි.

 

සිය පක්ෂයෙන් විවිධ පුද්ගලයින් ඉදිරිපත් වන බවට පළ වන වාර්තා අසත්‍ය බව 'නෙත් නිවුස්' වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේය.

"මේ වෙනකොට අපිට ඉතාම නිශ්චිතව.. අපේ පක්ෂයෙන් අපේක්ෂකයෙකු කැමැත්තෙන් ඉන්නවා. ඒ අපේක්ෂකයා ධම්මික පෙරේරා නෙමෙයි. මේ වෙනකොට දේශපාලනයේ ඉන්න.. පසුගිය කාලයේ සිදුවුණු වැරදිවලට වගකීමක් නැති.. තමන්ගේ වැඩේ හරියට කරලා තියෙන.. දැන උගත්..තරුණ නායකයෙක්. නම දැන්ම කිව්වාම ඒක රහක් නෑනේ." යනුවෙන්ද සඳහන් ඔහු වැඩිදුරටත් පැවසිය.

(නෙත් නිව්ස්)

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්