අප්‍රේල් 30 වැනිදා සිට පාර්ලිමේන්තු මැතිවරණය පවත්වා නව පාර්ලිමේන්තුව රැස් කරන දින දක්වා වන කාලය තුළ රාජ්‍ය වියදම් දැරීමට තිබෙන බලතල ඔප්පු කරන්නැයි හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර
ජනාධිපතිවරයාට හා රජයට අභියෝග කර සිටියි.
ඔහු එම අභියෝගය ඉදිරිපත් කර ඇත්තේ ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර වෙත අද දිනයේ (මැයි 05) ලිපියක් යොමු කරමිනි.
රට පත්ව ඇති අවදානම් අවස්ථා සැලකිල්ලට ගෙන පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ වල සහාය ලබා ගෙන 2020 අප්‍රේල් 30 සිට පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමෙන් පසු අභිනව පාර්ලිමේන්තුව යළි රැස්කරණ තෙක් රාජ්‍ය සේවාවට වැටුප් ගෙවීම ඇතුළු අත්‍යාවශ්‍ය වියදම් අනුමත කරවාගැනීමට වහා පාර්ලිමේන්තුව යළි රැස් කළ යුතු යැයි ද හිටපු ඇමතිවරයා සිය ලිපිය මගින් අවධාරණය කර සිටියි.
කොරෝනා වසංගත තත්ත්වය හමුවේ රටත් ජනතාවත් මුහුණ දී සිටින අතිශයින් ම පීඩාකාරී අර්බුද මැද, අප්‍රේල් 30 දිනයෙන් ඔබ්බට රාජ්‍ය වියදම් අනුමත කිරීම ව්‍යවස්ථානුකූලව ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැනනැගී ඇති බරපතල මුල්‍ය අර්බුදය විසඳා ගැනීම සඳහා වූ යෝජනා ඇතුලත් විශේෂ ලිපියක් මංගල සමරවීර හිටපු මුදල් අමාත්‍යවරයා විසින් 2020 අප්‍රේල් 28 වන දින ජනාධිපති වෙත ඉදිරිපත් කර තිබු අතර ඒ සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර විසින් පිළිතුරු ලිපියක් අප්‍රේල් 30 දා මාධ්‍ය වෙත මුදා හැර තිබිණ.
එම පිළිතුරු ලිපිය සම්බන්ධයෙන් එදින පස්වරුවේ ම ට්විටර් පණිවිඩයක් නිකුත්කර තිබු හිටපු මුදල් අමාත්‍යවරයා, ජනාධිපති ලේකම්වරයාගේ පිළිතුර හඳුන්වා දී තිබුනේ, 'යන්නේ කොහෙද මල්ලේ පොල් කතාවක්' ලෙසිනි.
''අතිගරු ජනාධිපතිතුමාට මා විසින් යවන ලද ලිපියට ලේකම් පි.බී. එහි ඇති වැදගත් ව්‍යවස්ථාමය ප්‍රශ්න මග හරිමින් “කොහෙද යන්නේ - මල්ලේ පොල්” පන්නයේ ප්‍රතිචාරයක් ලබා දී ඇත.'' එම ට්විටර් පණිවිඩයේ සඳහන් විය.
150 (3) වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයාට හිතෙන පරිදි කටයුතු කිරීමට හිස් චෙක්පතක් නොලැබන බව මම නැවත කියමි. ඔහුට මුදල් වෙන් කළ හැක්කේ “අභිනව පාර්ලිමේන්තුව රැස්වීමට කැඳවූ දිනයේ සිට” මාස 3 ක් ඉකුත් වන තෙක් පමණි. අභිනව පාර්ලිමේන්තුව කැඳවිය යුතු දිනය කුමක්ද?'' එම ට්විටර් පණිවිඩයෙන් විමසා තිබිණ.
ජනපති ලේකම්ගේ ''යන්නේ කොහෙද මල්ලේ පොල් ' ලිපියට ප්‍රතිචාර දක්වමින් හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර අද නිකුත්කල නිවේදනයේ මෙසේ සඳහන් වේ.
ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඔබ්බට ගිය අර්බුදයක් !
''උද්ගතව ඇති අර්බුදය ව්‍යවස්ථානුකූලව විසඳීම සඳහා සහ රාජ්‍ය වියදම් අනුමත කිරීම සඳහා පාර්ලිමේන්තුව යළි රැස්කරන මෙන් ඉල්ලමින් ජනාධිපතිතුමා වෙත පසුගිය 28 වනදා ඉදිරිපත් කරන ලද ලිපියේ වැදගත් කාරණය සම්බන්ධයෙන් පිළිතුරක් ලබා දීම පසෙකලා පරිබාහිර වෙනත් කරුණු කිහිපයක් මතු කරමින් පිළිතුරක් ඉදිරිපත් කිරීම පිළිබඳව අතිශයින් කණගාටු වෙමි.
ජනතාවගෙන් කරුණු වසං කිරීම සඳහාත් ජනතාව නොමඟ යැවීමේ අරමුණින් ද පසු ගිය රජයට මඩ ගසන චේතනාවෙන් පදනම් විරහිත දේශපාලනික පිළිතුරක් එවීම ඔබ වැනි ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරියෙකුට තරම් නොවටිනා බව ප්‍රකාශ කරමි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යනු රටේ උත්තරීතර නීතියයි. එම නීතිය කඩ නොකර ආරක්ෂා කරන බවට විශේෂයෙන් රටේ පාලකයන් ප්‍රසිද්ධියේ ප්‍රතිඥා දෙනු ලබන්නේ නීතියෙන් තොර රටක් පාලනය කරන ප්‍රජාතන්ත්‍රවාදයක් තිබිය නොහැකි යන්න උදාර සංකල්පය මතයි. රජයන් බිහි වන්නේ ද එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් ආකාරයට ය.
වර්තමානයේ ශ්‍රී ලංකාවේ ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඔබ්බට ගිය අර්බුදයක් නිර්මාණය වී ඇත. එනම් පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇති බවට ජනාධිපති වරයා විසින් අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් නිවේදනය කර ඇති නමුදු එහි සඳහන් දිනවලට පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට බැරිවී ඇත. එමෙන්ම එම ගැසට් නිවේදනයේම සඳහන් පරිදි විසුරුවා හැරීමෙන් පසු මාස තුනක් අවසන් වීමට මත්තෙන් එනම්, ජුනි 02, අභිනව පාර්ලිමේන්තුව රැස්කිරීමට ද නොහැකිය.
යථෝක්ත සංදර්භය තුළ ඔබගේ ලිපියේ සඳහන් ආකාරයට මෙන්ම හා ආන්ඩුක්‍රම ව්‍යවස්ථා විචාරකයන් ද පවසන පරිදි පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබූ විට ඒකාබද්ධ අරමුදලෙන් මුදල් නිකුත් කිරීමටත්, වැය කිරීමටත් ජනාධිපතිවරයාට බලය ලැබෙනුයේ අභිනව පාර්ලිමේන්තුව කැඳවීමට නියමිත දින සිට ඉදිරියට මාස තුනක කාලයක් සඳහා පමණි.
''යථෝක්ත සංදර්භය තුළ ඔබගේ ලිපියේ සඳහන් ආකාරයට මෙන්ම හා ආන්ඩුක්‍රම ව්‍යවස්ථා විචාරකයන් ද පවසන පරිදි පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබූ විට ඒකාබද්ධ අරමුදලෙන් මුදල් නිකුත් කිරීමටත්, වැය කිරීමටත් ජනාධිපතිවරයාට බලය ලැබෙනුයේ අභිනව පාර්ලිමේන්තුව කැඳවීමට නියමිත දින සිට ඉදිරියට මාස තුනක කාලයක් සඳහා පමණි.''
''අයවැයක් සම්මත කර ගත නොහැකිවීම මේ සියලු අර්බූදවලට හේතුවය''
2019 නොවැම්බර් මස බලයට පත්වු පොදුජන පෙරමුණු රජයට ඔවුන්ගේ නොහැකියාව මත 2020 වසර සඳහා අයවැයක් සම්මත කර ගත නොහැකිවීම මේ සියලු අර්බූදවලට හේතු විය. 2020 අප්‍රේල් 30 දිනෙන් පසුව රාජ්‍ය මුදල් වැය කිරීමට අදාළ වන පාර්ලිමේන්තුව විසින් නිසි ලෙස සම්මත කළ විසර්ජන පනතක් හෝ අතුරු සම්මත ගිණුමක් නොමැති බව සවිස්තරාත්මකව ජනාධිපතිවරයා අමතන ලද මාගේ අප්‍රේල් 28 ලිපියෙන් අවධාරණය කර ඇත්තෙමි.
ඒ අනුව පාර්ලිමේන්තුව සතු මූල්‍ය බලතල අභිබවා ඒකාබද්ධ අරමුදලෙන් මුදල් වියදම් කිරීමට ජනාධිපතිවරයාට හැකි වනුයේ මැතිවරණයෙන් පසුව ඇරඹෙන අභිනව පාර්ලිමේන්තුව රැස්වීමෙන් පසු මාස තුනක කාලයක් සඳහා පමණි.
එබැවින්,අප්‍රේල් 30 වැනිදා සිට පාර්ලිමේන්තු මැතිවරණය පවත්වා නව පාර්ලිමේන්තුව රැස් කරන දින දක්වා වන කාලය තුළ රාජ්‍ය වියදම් දැරීමට තිබෙන බලතල ඔප්පු කරන්නැයි ජනාධිපති වරයාට හා රජයට අභියෝග කරමි.
'' ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 150(3) - ප්‍රතිපාදන වලින් පරිබාහිරව රජයේ සේවාවන් සඳහා ඒකාබද්ධ අරමුදලෙන් මුදල් ලබා ගැනීමට හා වැය කිරීමට ජනාධිපතිවරයාට නිසි බලයක් පවරන ප්‍රතිපාදනයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නොමැත.''
කෙසේ වෙතත්, ව්‍යවස්ථාවේ 150(4) ප්‍රතිපාදන යටතේ මහ මැතිවරණයක් පැවැත්වීමට අදාළ වියදම් සඳහා ඒකාබද්ධ අරමුදලෙන් මුදල් නිකුත් කිරීමටත් වැය කිරීමටත් ජනාධිපතිවරයාට බලය ඇත. එම තත්ත්වය යටතේ හැර යථෝක්ත ව්‍යවස්ථාවේ - එනම් 150(3) - ප්‍රතිපාදන වලින් පරිබාහිරව රජයේ සේවාවන් සඳහා ඒකාබද්ධ අරමුදලෙන් මුදල් ලබා ගැනීමට හා වැය කිරීමට ජනාධිපතිවරයාට නිසි බලයක් පවරන ප්‍රතිපාදනයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නොමැත.
# ඒ අනුව මා විසින් ජනාධිපති තුමා වෙත එවන ලද ලිපියෙන් ද අවධාරණය කර ඇත්තේ, 2020 අප්‍රේල් 30 වෙනිදා සිට කවදා හෝ යළි පාර්ලිමේන්තුව කැඳවන තෙක් රාජ්‍ය මුදල් වැය කිරීම පිණිස නීත්‍යනුකූල බලයක් ලබා දිය හැක්කේ පාර්ලිමේන්තුවට පමණක් බවයි.
# 2020 ජුනි මස 20 වන දින මහ මැතිවරණය පැවැත්වෙන බව මැතිවරණ කොමිසම විසින් ප්‍රකාශයට පත් කර තිබුනා වුවද අභිනව පාර්ලිමේන්තුව රැස් වන්නේ කවදාද යන්න නිල වශයෙන් මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැත.
# ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 ව්‍යවස්ථාව ප්‍රකාර රාජ්‍ය මූල්‍ය පිළිබඳ සම්පුර්ණ පාලනය පාර්ලිමේන්තුව සතු වන බවද මෙහිදී සඳහන් කරමි.
# 2019 නොවැම්බර් 16 වෙනි දින පැවතී ජනාධිපතිවරණයෙන් පිහිටුවන ලද සුළුතර ආණ්ඩුවට මේ වන විට මාස 5 කට අධික කාලයක් ගතවී ඇතත් විසර්ජන කෙටුම්පතක් හෝ මාස කිහිපයකට බලපාන පරිදි අතුරු සම්මත ගිණුමක් හෝ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කර ගැනීමට අපොහොසත් වී ඇත.
# 2015 ජනවාරි මාසයේ බලයට පැමිණි එක්සත් ජාතික පක්ෂය ප්‍රමූඛ ආණ්ඩුවද මාස 9ක් පුරාවට පැවතියේ සුළුතර ආණ්ඩුවක් වශයෙන් බවද සිහිපත් කරමි. එසේ වුවත් පක්ෂ විපක්ෂ සැමගේ කැමැත්ත ලබාගත හැකි ආකාරයට 2015 වර්ෂය සඳහා අයවැයක් 2015 ජනවාරි මාසයේදීම ඉදිරිපත් කොට පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත ලබා ගෙන සම්මත කර ගැනීමට අපට හැකි විය.
# 2019 නොවම්බර් 16 වෙනිදායින් පසුව ඇරඹුන වර්තමාන සුළුතර ආණ්ඩුව විසින් පොදුවේ පාර්ලිමේන්තුවේ බහුතරයට එකඟ විය හැකි අතුරු සම්මත ගිණුමක් හෝ අයවැයක් ඉදිරිපත් කිරීමට දිගින් දිගටම අපොහොසත් වී මැසිවිලි නැගීම, ස්වකිය වගකීම් පැහැර හැරීමක් වෙනවා මෙන්ම කණගාටුදායක තත්වයක් මතු කරන්නකි.
# 2020 අප්‍රේල් 30 න් පසුව නීත්‍යනුකූලව ක්‍රියාත්මක කළ හැකි අයවැයක් හෝ අතුරු සම්මත ගිණුමක් හෝ පාර්ලිමේන්තුව විසින් මේ දක්වා සම්මත කර නොමැත.
''රජය නීතිවිරෝධී ලෙස පාර්ලිමේන්තුව විසින් අනුමත සීමාව ඉක්මවා ණය ලබාගෙන''
# පසු ගිය රජය මගින් සම්මත කරන ලදුව 2020 අප්‍රේල් 30 වනදායින් අවසන් වූ අතුරු සම්මත ගිණුම ද මෙම රජය විසින් දැනටමත් උල්ලංඝණය කර තිබේ. එම අතුරු සම්මත ගිණුම අනුව ලබාගත හැකි වූ ණය සීමා ව වූයේ රුපියල් බිලියන 721 කි.
# එහෙත් මෙම රජය නීතිවිරෝධී ලෙස, පාර්ලිමේන්තුව විසින් අනුමත එම සීමාව ඉක්මවා ණය ලබාගෙන ඇත. එමගින් රටේ රාජ්‍ය මූල්‍ය තත්ත්වය අර්බූදයකට තල්ලු කර ඇති අතර අනාගතයේ දී පත්වන රජයකට එසේ සීමාව ඉක්මවා ලබාගන්නා ලද ණය වල නීත්‍යනුකූල භාවය සම්බන්ධයෙන් සලකා බැලීමට සිදු වනු ඇත.
එබැවින්, පත්ව ඇති මේ අවදානම් අවස්ථා සැලකිල්ලට ගෙන පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ වල සහාය ලබා ගෙන 2020.04.30 සිට පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමෙන් පසු අභිනව පාර්ලිමේන්තුව යළි රැසකරණ තෙක් රාජ්‍ය සේවාවට වැටුප් ගෙවීම ඇතුළු අත්‍යාවශ්‍ය වියදම් අනුමත කරවාගැනීමට වහා පාර්ලිමේන්තුව යළි රැස් කළ යුතු යැයි අවධාරණය කරමි.
සබැඳි පුවත් :
මංගලගේ ලිපියට පිළිතුරක්: ''ජනාධිපති ලේකම්ගේ ලිපිය 'යන්නේ කොහෙද මල්ලේ පොල්' කතාවක්''- මංගලගෙන් ට්විටර් පණිවිඩයක්!
මංගලගෙන් ජනපතිට විශේෂ ලිපියක් : ප්‍රජා අයිතිය පවා අහිමිවිය හැකි 'මරාලයකින්' බේරීමට උපදෙසක්!







