පැවති පාර්ලිමේන්තුව ඉක්මනින් කැඳවිය යුතු බවට අගමැති මහින්දගේ පාර්ශ්වය තුළ සාකච්ඡාවක් ඇතිව තිබෙන බව lankaviews.com පුවත් වෙබ් අඩවිය අනාවරණය කර තිබේ.
කොරෝනා වසංගතය හේතුවෙන් දිගින් දිගටම මහමැතිවරණය කල්යන පසුබිමක ව්‍යවස්ථා අර්බුදයක් හරහා ඇතිවන අස්ථාවරභාවය, සිය බලය තහවුරුකර ගැනීමේ සැලැස්මට අනතුරුදායක බව අගමැති මහින්ද රාජපක්ෂගේ සමීපතමයන්ගේ අදහස වී ඇතැයි ද එම පුවත් වාර්තාවේ සඳහන් වේ.
එම විශේෂ පුවත් අනාවරණය පහත පළවේ.
ව්‍යවස්ථා අර්බුදයකින් බලය අවදානමේ – මහින්ද පාර්ශ්වයේ නොසන්සුන්තාවක්!
කොරෝනා වසංගතය හේතුවෙන් දිගින් දිගටම මහමැතිවරණය කල්යන පසුබිමක ව්‍යවස්ථා අර්බුදයක් හරහා ඇතිවන අස්ථාවරභාවය, සිය බලය තහවුරුකර ගැනීමේ සැලැස්මට අනතුරුදායක බව අගමැති මහින්ද රාජපක්ෂගේ සමීපතමයන් අතර සාකච්ඡා වී ඇත.
''කොරෝනා වසංගතය හේතුවෙන් දිගින් දිගටම මහමැතිවරණය කල්යන පසුබිමක ව්‍යවස්ථා අර්බුදයක් හරහා ඇතිවන අස්ථාවරභාවය, සිය බලය තහවුරුකර ගැනීමේ සැලැස්මට අනතුරුදායක බව අගමැති මහින්ද රාජපක්ෂගේ සමීපතමයන් අතර සාකච්ඡා වී ඇත.''
පොදුජන පෙරමුණේ පක්ෂ නායකයන් අතර මහින්ද රාජපක්ෂට සමීපතමයන්ගේ අරමුණ වූයේ 2019 නොවැම්බර් මහමැතිවරණයෙන් ලද ජයග්‍රහණයේ උණුසුම මතින්ම මහමැතිවරණයේදී සිය පාර්ලිමේන්තු බලය සහතික කරගැනීමය.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට සමීපතමයන් එහිදී අවධානය යොමුකර තිබුණේ මහින්දගෙ පසුගිය පාලන සමයේ අපකීර්තියට පත් පුද්ගලයන්ම නැවත අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් කිරීමෙන් ඇති විය හැති අවාසිය ගැනය.
විශේෂයෙන්ම, ‘වියත්මග’ හා ‘එළිය’ වැනි ගෝඨාභයට පක්ෂපාති සංවිධානවල කැපී පෙනෙන පුද්ගලයන්ගේ අරමුණ වූයේ තම සාමාජිකයන්ට අපේක්ෂකත්වය හිමිකරගෙන ගෝඨාභය රාජපක්ෂ වටා පාර්ලිමේන්තු බලයක් ශක්තිමත් කිරීමය.
මේ අනුව, අප්‍රේල් 25 පැවැත්වීමට සූදානම් වූ මහමැතිවරණයේදදී පහසු ජයක් හිමිකර ගැනීමට, ගෝඨාභය පාර්ශ්වය මෙන්ම මහින්ද පාර්ශ්වය විසින්ද සැලසුම් සකස්කරන ලදී.
ජනාධිපතිවරණයෙන් හිමිකරගත් වාසිය දිනෙන් දින දුර්වල වෙමින් ...

එහෙත් වසංගත තත්වය යටතේ මහමැතිවරණය කල්දැමීමෙන් ජනාධිපතිවරණයේ ජයග්‍රහණය නිසා හිමිකරගත් වාසිය දුර්වලවන බවට මෙම දෙපාර්ශ්වයේම ගණන් බැලීම වී ඇත.
වසංගතය එළඹෙද්දී පවා ජනතාව එයින් ආරක්ෂා කිරීමේ පියවර ගන්නවා වෙනුවට ආණ්ඩුව මහමැතිවරණය කෙසේ හෝ පැවැත්වීමේ සූදානමක සිටියේ ඒ අනුවය. නාම යෝජනා කැඳවීමෙන් පසුව වසංගතය මැඩපැවැත්වීමේ පියවර ගනු ලැබීම නිසාද ආණ්ඩුව, ජනතාව අතර යම් කිසි අප්‍රසාදයකට ලක් විය.
කෙසේවෙතත් දැන් මහමැතිවරණය ජූනි මස 20ට කල්තබා ඇති අතර වසංගතය තවදුරටත් හානිකර ප්‍රතිපල ගෙනදුනහොත් එය තවදුරටත් කල්දමන්නට සිදුවන තත්වයක් තිබේ. තවද, මේ වනවිට මහමැතිවරණය සම්බන්ධ අධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සම් ගණනාවක් ඉදිරිපත්ව තිබේ.
පාර්ලිමේන්තුව නොකැඳවා මුල්‍ය බලයක් දරා සිටීම...
නාම යෝජනා කැඳවීම සහ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව නොකැඳවා මුල්‍ය බලයක් දරා සිටීම ගැනද විවාදසම්පත්න තත්වයක් ඇතිව තිබේ. එවැනි තත්වයකදී ව්‍යවස්ථාමය අර්බුදයක් සහ ජනතාව අතර විශ්වාසය බිදවැටීමේ අනතුරක් පවතී.
''නාම යෝජනා කැඳවීම සහ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව නොකැඳවා මුල්‍ය බලයක් දරා සිටීම ගැනද විවාදසම්පත්න තත්වයක් ඇතිව තිබේ. එවැනි තත්වයකදී ව්‍යවස්ථාමය අර්බුදයක් සහ ජනතාව අතර විශ්වාසය බිදවැටීමේ අනතුරක් පවතී. ''
පාර්ලිමේන්තුවේ 2/3 බහුතර බලයක් අත්පත් කරගැනීමේ අපේක්ෂාවෙන් සිටින ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශ්ව දෙකටම මෙය අවාසිදායකය. බලය ස්ථාවර කරගැනීම කල්යනවාට වඩා පැවති පාර්ලිමේන්තුව තුළ විපක්ෂයේ අපකීර්තිමත් හා කල්ලිවලට බෙදුණු ස්වභාවය අනාවරණය කෙරෙන තත්වයක් ඇතිකිරීමද උපක්‍රමික අවශ්‍යතාවක් ලෙස ඔවුන් කරුණු දක්වා ඇත.
මේ නිසාම පැවති පාර්ලිමේන්තුව ඉක්මනින් කැඳවිය යුතු බවට අගමැති මහින්දගේ පාර්ශ්වය තුළ සාකච්ඡාවක් ඇතිව තිබෙන බවට තොරතුරු වාර්තා වේ.
පැවති පාර්ලිමේන්තුවට ඉදිරි අගෝස්තු මාසය තෙක් රැස්වීමට ඇති අවස්ථාව නැවත ලබාදිය හැකිවන ආකාරයට මාර්තු 2වැනිදා ගැසට් නිවේදනය අහෝසි කිරීම හෝ වසංගතය නිසා හදිසි තත්වයක් කැඳවා පාර්ලිමේන්තුව යළි කැඳවීම ජනාධිපතිවරයා සතුව තිබෙන කාර්යයක් බව ව්‍යවස්ථා නීතිය සම්බන්ධ විද්වතුන්ද අදහස් දක්වා තිබිණි.
ජනාධිපති දුරදිග නොබලා ගන්න තීන්දු පොහොට්ටුවට අවාසිදායක බව...
''මෙවැනි පසුබිමක ජනාධිපතිවරයාගේ ප්‍රතිරූපය පවත්වාගෙන යමින් පොදුජන පෙරමුණට අවාසිදායක, ව්‍යවස්ථාමය අර්බුදයකට පාරකපනවාට වඩා පැවති පාර්ලිමේන්තුවේ ක්‍රියාකාරිත්වය වාසිදායක බව අගමැතිවරයාගේ පාර්ශවයේ අදහස වී ඇත.''
මහින්ද රාජපක්ෂගේ සමීප උපදේශකයන් මේ සම්බන්ධ කරුණු දක්වා ඇත. විශේෂයෙන්, ජනාධිපතිවරයා සිය සමීප හමුදා නිලධාරින් සමග විශ්වාසය තබමින් ගෙන යන ක්‍රියාදාමයේදී දේශපාලන වශයෙන් දුරදිග නොබලා ගන්න තීන්දු දේශපාලන වශයෙන් අවාසිදායක බවට මහින්දගේ උපදේශකයන් කරුනු දක්වා ඇත.
එවැනි පසුබිමක ජනාධිපතිවරයාගේ ප්‍රතිරූපය පවත්වාගෙන යමින් පොදුජන පෙරමුණට අවාසිදායක, ව්‍යවස්ථාමය අර්බුදයකට පාරකපනවාට වඩා පැවති පාර්ලිමේන්තුවේ ක්‍රියාකාරිත්වය වාසිදායක බව ඔවුන්ගේ අදහස වී ඇත.






