leader s

 මුස්ලිම් දේහයන් ආදාහනය කොට භෂ්මාවශේෂ භූමදානය කිරීම ඉස්ලාමීය පිළිවෙත යැයි මුෆ්ති එම්.අයි.එම් රිස්වි තුමන් ප්‍රකාශ කළා යැයි පලවන වාර්තා මුළුමනින් ම අසත්‍ය බව සමස්ත ලංකා ඉස්ලාම් ආගමික
විද්වතුන්ගේ සභාවේ (ACJU) අවධාරනය කර සිටියි. 
 
වෙබ් අඩවියක පලවී ඇති වාර්තාවක් සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින්, 'සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව (ACJU) විසින් අද (මැයි 10 ) නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක එබව සඳහන් වේ. 
 
 එම නිවේදනයේ මෙසේ ද දැක් වේ.
 
පසුගියදා වෙබ් අඩවියක් විසින් පළ කර තිබූ ප්‍රවෘත්ති වාර්තාවක, කොවිඩ්-19 ආසාදනය හේතුවෙන් මරණයට පත් වූ මුස්ලිම් දේහයන් ආදාහනය කොට භෂ්මාවශේෂ (අළු) භූමදානය කිරීම ඉස්ලාමීය පිළිවෙත යැයි අප සභාපති මුෆ්ති එම්.අයි.එම් රිස්වි තුමන් ප්‍රකාශ කළා යැයි වාර්තා කර ඇත. එය මුළුමනින්ම  අසත්‍ය වාර්තාවකි.
 
මන්දයත්, මිනිසෙකු මරණයට පත් වීමෙන් අනතුරුව භූමදානය කළ යුතු යැයි ඉස්ලාමය තුළින් අවධාරණය කරයි. ඒ අනුව මුස්ලිම්වරයෙකු මිය ගිය විට; එම දේහය සේදීම, කෆන් හෙවත් රෙද්දකින් ආවරණය කිරීම, මරණය සදහා වූ නැමදුම ඉටු කිරීම සහ භූමදාන කිරීම යනාදී කරුණු ජීවතුන් අතර සිටින්නන්ට නියම වන්නේය.
 
මළවුන් පුළුස්සා දැමීම හෝ ආදාහනය කිරීම ඉස්ලාමයේ තහනම් කර ඇති අතර මෙය ප්‍රතික්ෂේප කළ නොහැකි කරුණකි. 
 
 ''අවදානම් අවස්ථාවන්හිදී හෝ බලහත්කාරයෙන් ආදාහනය කරනු ලැබුවහොත් එය මුස්ලිම්වරුන්ට පාපයක් ලෙස නොසැලකේ.''
නමුත් වර්තමානයේ අප මුහුණ දෙමින් තිබෙන ආකාරයේ අසාමාන්‍ය තත්ත්වයකදී, විශේෂයෙන් ඉස්ලාමය ප්‍රායෝගික දහමක් වීම නිසා ප්‍රතික්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව අපට මඟ පෙන්වනු ලැබ ඇත. අවදානම් අවස්ථාවන්හිදී හෝ බලහත්කාරයෙන් ආදාහනය කරනු ලැබුවහොත් එය මුස්ලිම්වරුන්ට පාපයක් ලෙස නොසැලකේ.
 
නමුත් ඉහත වෙබ් අඩවිය එම වාර්තාව පළ කිරීමට උපුටා ගත් රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවේදී අප සභාපති වරයා මුස්ලිම් ප්‍රජාවට ලබා දුන් මඟපෙන්වීම වූයේ අසාමාන්‍ය හෝ බලහත්කාර තත්ත්වයකදී මුස්ලිම්වරයෙකු ප්‍රතිචාර දැක්විය යුතු හෝ හැසිරිය යුතු ආකාරයයි. 
 
කිසිම අවස්ථාවක එය සාමාන්‍ය තත්ත්වයකදී සිදුකළ යුතු දෙයක් ලෙස අප අර්ථකථනය නොකළ යුතුය. මුළු ලෝකයම අර්බුදයකට හා අවිනිශ්චිතතාවකට මුහුණ දී සිටින තත්ත්වයක් තුළ, රටේ වගකිවයුතු පුරවැසියෙකු සහ ප්‍රජා නායකයෙකු වශයෙන් ඉවසීම හා සන්සුන් භාවය කරා ජනතාව මෙහෙයවීමට එතුමන් උපරිම උත්සාහයක් ගෙන තිබේ. 
 
 Muthif 2020. text
 
කිසිම අවස්ථාවක අපගේ ක්‍රියාවන් හා ප්‍රවේශය ජනතාව අතර ප්‍රචණ්ඩත්වයක් හා කැලඹීමක් ඇති කර රටේ නීතියට පටහැනි නොවිය යුතුය යැයි එම රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවේදී මුෆ්ති එම්.අයි.එම් රිස්වි තුමන් මුස්ලිම් ප්‍රජාවට උපදෙස් දුන් අතර එහිදී එතුමන් ලාංකීය මුස්ලිම් ප්‍රජාව වෙනුවෙන් සිවිල් සංවිධාන හා වෘත්තිකයින් යන සියලු දෙනාම භූමදානය කිරීම සදහා රජයේ අනුමැතිය ලබා ගැනීමට උත්සාහ කරනු ලැබේ යනුවෙන්ද ප්‍රකාශ කළහ.
 
එහිදී එතුමන් මුස්ලිම් දේහයන් ආදාහනය කොට භෂ්මාවශේෂ භූමදානය කිරීම ඉස්ලාමීය පිළිවෙත බව ප්‍රකාශ කළා යැයි වෙනත් ආකාරයකින් අර්ථකථනය කිරීම අසත්‍ය බව දන්වන්නට කැමැත්තෙමු.''
 
 
 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්