leader s

'සිළුමිණ' පුවත්පතේ නියෝජ්‍ය කතුවරිය ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනී සුමුදු චතුරාණී ජයවර්ධන, ලේක්හවුස් ආයතනයට එරෙහිව මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනුකර තිබේ.
 
මෙම නඩුව ගොනු කර ඇත්තේ, ශ්‍රේෂ්ඨාධිකරණයේ SCFR 17/2025 නඩු අංකය යටතේය.


සිළුමිණ පුවත්පතේ නියෝජ්‍ය කතුවරිය වශයෙන් සේවය කරමින් සිටියදී 2025 ජනවාරි 3 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි ලේක්හවුස් මාධ්‍ය ඇකඩමිය වෙත වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවක් ලබාදීම සම්බන්ධයෙන් මානව හිමිකම් කඩ වී තිබෙන බවට එහි සඳහන් වේ.

මෙම නඩුවේ වග උත්තරකරුවන් ලෙස සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති ගාමිණී වර්ෂමාන ප්‍රමුඛ අධ්‍යක්ෂ මණ්ඩලය ඇතුළු වගඋත්තරකරුවන් 14ක් නම් කර ඇත.

මෙකී මූලික අයිතිවාසිකම් නඩුව වෙනුවෙන් නීතිඥ යොහාන් පීරිස්ගේ උපදෙස් පරිදි ජනාධිපති නීතිඥ සාලිය පිරිස්, ජ්‍යෙෂ්ඨ නීතිඥ සුදර්ශන ගුණවර්ධන, නීතිඥ සරින්ද ජයවර්ධන යන නීතිඥ මඬුල්ල පෙනී සිටිති.

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්