leader s

මධ්‍යම අධිවේගි මාර්ගයේ සිව්වන කොටස ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව කිසිඳු ටෙන්ඩර් පාටිපාටියකින් තොරව පෞද්ගලික සමාගමකට ලබාදී ඇත්තේ ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දරගේ අභිමතය පරිදි බවත් ඒ

සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා පුර්ව දැනුවත්වීමක නොසිටි බවත් ආණ්ඩුවට පක්ෂපාති වෙබ් අඩවියක් විසින් වාර්තා කර තිබේ. 

ඊට අදාළ කැබිනට් පත්‍රීකාව පුර්ව කැබිනට් මණ්ඩල රැස්වීමට ද ඉදිරිපත් කර නොමැති බව ද පැවසේ.

මෙම කොන්ත්‍රාත්තුව පිරිනැමූ ආකාරය හා ඒ සම්බන්ධයෙන් සිදුවූ රහස්‍ය වැඩපිළිවෙල පිළිබඳව මේවනවිට දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි කතාබහකට ලක්වෙමින් තිබෙන අතර, මෙම ටෙන්ඩරය ලබාදී ඇති  රවුටන් ඉන්ටර්නැෂනල් ලිමිටඩ් (Roughton International Ltd) සමාගම  ඉදිකිරීම් ක්ෂේත්‍රයේ  කිසිදු අත්දැකීමක් නොමැති සමාගමක් බව ඉහත පුවත් වෙබ් අඩවිය පවසයි.

Ranjith Sudathඑක්සත් රාජධානියේ ලියාපදිංචි උපදේශන සමාගමක් වන රවුටන් ඉන්ටර්නැෂනල් ලිමිටඩ් (Roughton International Ltd)  හිමිකාරීත්වය එම්.ජී. කන්සල්ටන්ට්ස් පුද්ගලික සමාගමේ (MG Consultants Pvt Ltd) කළමනාකාර අධ්‍යක්ෂ රංජිත් ගුණරත්න විසින් දරනු ලැබේ. ඔහු යහපාලන ආණ්ඩුවේ ඇමතිවරයෙකුව සිටී සරත් ගුණරත්නගේ සහෝදරයෙකු බව ඉහත වෙබ් අඩවිය වැඩිදුරටත් අනාවරණය කර තිබේ.

එම්.ජී. කන්සල්ටන්ට්ස් පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු වන සුදත් ජයසුන්දර, යහපාලන ආණ්ඩුවේ හිටපු ඇමතිවරයකුට අයත් Blue Diamonds Jewellery Worldwide Plc. සමාගමේ සභාපතිවරයා වේ.

'අධිවේගී මාර්ග හදිසි ගනුදෙනු සැක කටයුතුයි'  - පාඨලි චම්පික


මේ අතර හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක පවසන්නේ, කොවිඩ් නිසා ආදායම අහිමි වූ ජනතාවට රු. 5,000 බැගින් කෝටි 850 ක් ලබාදෙන ආණ්ඩුව, එවැනි හතර ගුණයක් අධිවේගී මාර්ගයේ කොන්ත්‍රාත්තුවක් හදිසියේ ලබාදීමට කටයුතු කරමින් නැවතත් මෙගාඩීල් දැමීමට කටයුතු කරමින් සිටින බවයි.  එම තත්ත්වයන් ප්‍රශ්න කිරීමට ලක්කෙරෙන හෙයින් පාර්ලිමේන්තුව කැඳවීමට ක්‍රියා නොකරන බව ද ඔහු කියා සිටියි.

ඔහු මේ බව සඳහන් කර සිටියේ 'සමඟි ජන බලවේගය' විසින් මැයි 03 දා කැඳවා තිබූ මාධ්‍ය හමුවක් අමතමිනි.

පාර්ලිමේන්තුව නැවත කැඳවුහොත් මෙවැනි ගණුදෙණුවල ටෙන්ඩර් ක්‍රියා පටිපාටිය, තාක්ෂණික ඇගයීම් කමිටු වාර්තා, ටෙන්ඩර් කමිටු සංයුතිය වැනි දෑ ගැන ප්‍රශ්න කිරීමෙන් තමන්ට රිසි සේ මෙගා ඩීල්වලට යා නොහැකි බව දන්නා ආණ්ඩුව, මුල්‍ය බලය පවතින පාර්ලිමේන්තුවේ ක්‍රියාකාරීත්වය අකර්මන්‍ය කර තිබෙන බවද හිටපු අමාත්‍යවරයා එහිදී කියා සිටියේය.

Sunday Times අනාවරණය :

චම්පික රණවක හිටපු අමාත්‍යවරයා අනාවරණය කල 'මෙගා ඩීල්' කතාවට පාදක වූ කරුණු ඇතුලත් විශේෂ අනාවරණය sundaytimes.lk හි පලවී තිබිණ.

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනී නාමිණි විජේදාස විසින්  Cabinet approves borrowing of Rs. 31.7bn to kick start first stage of Central Expressway යන ශීර්ෂයෙන් යුතුව එම විශේෂ අනාවරණය සිදුකර තිබිණ.


සබැඳි පුවත් :

අධිවේගී මාර්ග හදිසි ගනුදෙනු සැක කටයුතුයි: 'ආණ්ඩුව පාර්ලිමේන්තුව වහගෙන ආයෙත් මෙගාඩීල්වල' - පාඨලි චම්පික

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්