leader s

අප්‍රේල් 3 වැනිදා පටන් මෙම නගරයෙන් කිසිදු කොරෝනාවෛරස් රෝගියෙකු වාර්තා වී නොතිබුණි

නව කොරෝනාවෛරසය මුලින් ම වාර්තා වූ චීනයේ වූහාන් නගරයෙන් නැවතත් ආසාදිතයන් පිරිසක් වාර්තා වී තිබේ.

පසුගිය සති අන්තය වන විට ආසාදිතයන් හය දෙනෙකු වූහාන් නගරයෙන් පමණක් සොයාගෙන ඇති අතර එම පිරිස එක ම ස්ථානයක පවතින නිවාස කිහිපයකින් වාර්තා වී ඇති බව චීන බලධාරීහු පවසති.

අප්‍රේල් 3 වන දා පටන් මෙම නගරයෙන් කිසිදු කොරෝනාවෛරස් රෝගියෙකු වාර්තා වී නොතිබුණි.

වුහාන් නගරයට පනවා තිබු දැඩි නීති සහ සීමා අප්‍රේල් 8 වැනිදා ඉවත් කෙරුණේ කොරෝනාවෛරස් රෝගීන් වාර්තා වීම අවම වීමත් සමඟය.

නමුත් නීති ලිහිල් වීමෙන් අනතුරුව ජනතාව නිදහසේ සංචරණය කිරීම නිසා නැවතත් රෝගය පැතිරීමේ අවදානමක් ඇතිවිය හැකි බවට සෞඛ්‍ය බලධාරීන් සහ විශේෂඥයන් අනතුරු අඟවා තිබුණි.

අලුතින් රෝගීන් වාර්තා වීමත් සමඟ වූහාන් දිස්ත්‍රික්කයේ සිටින සියලුම දෙනා පරීක්ෂාවට ලක් කිරීම සඳහා සැලසුම් කරමින් සිටින බව එරට මාධ්‍ය වාර්තා කළේය.


 112242139 whatsubject                                                            මෙම පළාතේ ජනගහනය මිලියන එකොළහක්
මෙම පළාතේ ජනගහනය මිලියන එකොළහක් වන අතර මේ සියලු දෙනා දින දහයක් ඇතුළත් පරීක්ෂා කිරීම සඳහා බලධාරීන් සැලසුම් කරන බව එම වාර්තාවල සඳහන් විය.

වුහාන් නගරයෙන් වාර්තා වූ නව ආසාදිතයන් සියලු දෙනා වර්ගීකරණය කර ඇත්තේ, කොරෝනාවෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති නමුත් කැස්ස හෝ උණ වැනි රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන අය ලෙසිනි.

මොවුන් රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන නමුත් වෛරසය පැතිරීම ඔවුන් හරහා සිදුවනු ඇත.

මේ අතරතුර උතුරු කොරියාව සහ රුසියාව වෙන්කෙරෙන චීනයේ ඊසාන දිග දේශ සීමා අද්දර පිහිටි Shulan නගරයෙන් ද තවත් කොරෝනාවෛරස ආසාදිතයන් 11 දෙනෙකු සති අන්තය තුළ වාර්තා විය.

මෙම නව ආසාදන ගෘහාශ්‍රිතව සිදු වී ඇති බව චීන රාජ්‍ය මාධ්‍ය වාර්තා කර තිබිණි.

ඉන් දිනකට පසුව මෙම ප්‍රදේශය වසා දමා මාෂල් නීතිය පැනවීමට චීන බලධාරීන් පියවර ගත් බව ග්ලෝබල් ටයිම්ස් පුවත්පත වාර්තා කළේය.


 112243569 52637654                                             ශැන්ග්හයි නගරයේ ඩිස්නිලන්තය ද මාස තුන හමාරකට පසු, සඳුදා විවෘත කළේය

මෙම ප්‍රදේශය අධි අවදානම් කලාපයක් ලෙස මේ වන විට ප්‍රකාශයට පත් කර ඇති අතර චීනය තුළ පවතින එකම අධි අවදානම් කළාපය මෙය වේ.

මෙම තත්වය උදා වී ඇත්තේ චීනයේ සියලුම පළාත් අවම අවදානම් කලාප ලෙස පසුගිය සතියේ ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුවය.

චීනයේ අනෙක් පෙදෙස්වල තත්වය කෙබඳු ද?

චීනය පුරා වාර්තාවන කොරෝනාවෛරස් ආසාදිතයන්ගේ ගණන අඩුවී යාමත් සමඟ ලොක්ඩවුන් නීති ලිහිල් විය.

ඇතැමුන් සිය රැකියා යළි ආරම්භ කළ අතර බොහෝ පාසල් ද යළි විවෘත විය. ශැන්ග්හයි නගරයේ ඩිස්නිලන්තය ද මාස තුන හමාරකට පසු, සඳුදා විවෘත කළේය.

නමුත් සඳුදා වන විට නව ආසාදිතයන් 17 දෙනෙකු චීනයෙන් වාර්තා විය. අප්‍රේල් 28 වැනිදාට පසුව දිනක් ඇතුළත කොරෝනාවෛරස් ආසාදිතයන් වැඩිම ප්‍රමාණයක් වාර්තා වූ අවස්ථාව මෙය වේ.

ඒ අනුව චීනයෙන් වාර්තා වූ සමස්ත කොරෝනාවෛරස් ආසාදිතයන්ගේ ගණන 82,918 දක්වා ඉහළ ගියේය. මේ දක්වා චීනයෙන් නිවේදනය වූ මුළු කොරෝනාවෛරස් මරණ සංඛ්‍යාව 4,633කි.

යුරෝපයේ ඇතැම් බොහෝ රටවල් මෙන්ම එක්සත් ජනපදය ද ලොක්ඩවුන් නීති ලිහිල් කරමින් සිටින නමුත් සෞඛ්‍ය විශේෂඥයන් අනතුරු අඟවමින් කියා සිටින්නේ කොරෝනාවෛරස් වසංගතය නිම වීමට තව බොහෝ කලක් ගත වනු ඇති බවය.

දකුණු කොරියාව:
South Korea Coronavirusමේ අතර සෝල් අගනුවර රාත්‍රී සමාජශාලා පිහිටි කලාපයකින් කොරෝනාවෛරස් ආසාදිතයන් 101 දෙදෙනකු හමු වූ බව දකුණු කොරියාව නිවේදනය කළේය.

පොකුරු මට්ටමේ ව්‍යාප්තියක් ලෙස පෙනී යන එම පිරිස දකුණු කොරියාවේ සතියක් ඇතුළත වාර්තා වාර්තා වූ වැඩිම කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාවයි.

කොරෝනා වෛරස් වසංගතය ගෝලීය වශයෙන් ව්‍යාප්තවෙමින් පවතින අතරවාරයේ වෙනත් කිසිදු රාජ්‍යයක සිදු නොවූ අයුරින්, දකුණු කොරියාව පසුගියදා මහ මැතිවරණයක් පැවැත්වීය. 


(බීබීසී සිංහල සේවය)

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්