leader s

කොරෝනා වෛරසය  ආසාදිත නැවියන් පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සෞඛ්‍ය බලධාරීන්ට ලබා දීමෙන් වැළකී සිටින බවට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිලධාරීන් විසින් කරන ලද චෝදනා  ආරක්ෂක

අමාත්‍යාංශය විසින් තරයේ  ප්‍රතික්ෂේප කර තිබේ.

 ශ්‍රී ලංකා නාවික හමුදාවේ  පළමු කොරෝනා වෛරසය  ආසාදිත නාවිකයා අප්‍රේල් 22 වන දින හඳුනාගත් දා සිට, වැලිසර  නාවික හමුදා පරිශ්‍රයේ රාජකාරි කරන නාවික භටයන් සඳහා නාවික හමුදාව විසින් PCR පරීක්ෂණ සිදු කිරීම පුළුල් කර ඇති බවයි එම අමාතාංශය පවසන්නේ.

 ශ්‍රී ලංකා නාවික හමුදාව තුළ කොරෝනා වෛරසය පැතිරීම හා සම්බන්ධ සැබෑ තත්වය නාවික හමුදාව විසින් වසන් කරන බවට ඇතැම් විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය විසින් සිදු කරන ලද චෝදනා ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න විසින්  තරයේ ප්‍රතික්ෂේප කරන බව ආරක්ෂක අමාතාංශයේ මාධ්‍ය අධ්‍යක්ෂ,  ශානිකා ශ්‍රියානන්ද මාධ්‍ය ආයතන වෙත නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ප්‍රකාශයක් !

කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ තොරතුරු නාවික හමුදාව විසින් වසංකිරීම නිසා රෝග ව්‍යාප්තිය සීමා කිරීමට බාධා වී ඇති බවට අනාවරණය කර තිබුනේ  නිවාරණ රාජකාරියේ නියුතුව සිටින මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපතිවරයා විසිනි.

''කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ තොරතුරු නාවික හමුදාව විසින් වසංකිරීම නිසා රෝග ව්‍යාප්තිය සීමා කිරීමට බාධා වී ඇති බවට අනාවරණය කර තිබුනේ  නිවාරණ රාජකාරියේ නියුතුව සිටින මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපතිවරයා විසිනි.''

 නාවික හමුදා පාලනය යටතේ පවතින නිරෝධායන මධ්‍යස්ථාන තුළ සිටින සාමාජිකයන්, කොරෝනා වෛරස් ආසාදිතයන් බවට පත්වුවහොත් ඔවුන්ගේ  තොරතුරු සෞඛ්‍ය අංශවලට වාර්තා නොවන බව එම සංගමය  පවසා තිබුනි. 

 "මේ මධ්‍යස්ථාන ඇතුළේ මේ අය පොසිටිව් වෙනවාද නැද්ද කියන තොරතුරු සෞඛ්‍ය අංශවලට වාර්තා වෙන්නේ නැහැ,” යි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති එම්.ජී. උපුල් රෝහණ "රාවය" පුවත් පත සමග පැවැති සාකච්ඡාවකදී සිදු කර තිබු අනාවරණය නැවත විද්‍යුත්, හා වෙබි මාධ්‍ය විසින්ද වාර්තා කර තිබුනි.

 ආරක්ෂක අමාතාංශයේ මාධ්‍ය අධ්‍යක්ෂ,  ශානිකා ශ්‍රියානන්ද විසින් නිකුත් කර තිබෙන නිවේදනයේ වැඩි දුරටත් සඳහන්ව ඇත්තේ නාවික හමුදාව ඇතුළු ත්‍රිවිධ හමුදාවන්ගේ  කොරෝනා වෛරසය  ආසාදිත ආරක්ෂක හමුදා සාමාජිකයන් සහ පරීක්ෂණ ක්‍රියාවලියන් පිළිබඳ තොරතුරු සන්නිවේදනය කිරීමේ  ක්‍රියාවලිය දැඩි විනිවිදභාවයකින් යුතුව සිදුකරන බවයි.

 ආසාදිත වුවන් සමග සම්බන්ධතා පවත්වා ඇති පුද්ගලයන් සොයා ගැනීම තවදුරටත් සිදු කරමින් පවතින අතර, පීසීආර් පරීක්ෂණ මගින් කොරෝනා වෛරසය  ආසාදිත බව හඳුනාගෙන ඇති නාවික හමුදා සාමාජිකයන් ප්‍රතිකාර සඳහා රෝහල් වෙත යවනු ලැබන බවද එම නිවේදනයේ දැක්වේ.

විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩනගේ උපදෙස් මත :

 කෙසේ වෙතත්, වැලිසර නාවික හමුදා පරිශ්‍රයෙන් කොරෝනා වෛරසය ආසාදිතයන් හඳුනා ගැනීම ආරම්භයේ සිටම මහජන සෞඛ්‍ය පිළිබද නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩනගේ උපදෙස් මත ශ්‍රී ලංකා නාවික  හමුදාව වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා අවශ්‍ය සියලු පූර්වාරක්ෂක ක්‍රියාමාර්ග  ගෙන ඇති බවද එහි දැක්වේ.

 "සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝවන රෝග පිළිබඳ විශේෂඥ  වෛද්‍ය තිලංග පතිරණ ඇතුළු නිලධාරීන් පිරිසක් සහ ගම්පහ ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්‍ෂ  කාර්යාලයේ නිලධාරියෙක් විසින් නාවික හමුදා පරිශ්‍රය පරීක්ෂා කළහ."

 "ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මේ සම්බන්ධයෙන් ගම්පහ ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලයෙන් වෛද්‍ය උපදෙස් ලබාගෙන ඇති අතර රජය විසින් පුහුණු කරන ලද නාවික හමුදා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ද ඊට අදාළ කාර්යයන් ඉටු කිරීම සඳහා නාවික හමුදා පරිශ්‍රයේ රදවා ඇත."

නාවික භටයින් වෙනුවෙන් සිදුකරනු ලබන PCR පරීක්ෂණ 

covid sri lanka testing lg 1 700x394ආසාධිත හෝ ආසාධිත නොමැති අවස්ථා දෙකෙහිම තොරතුරු ඇතුළුව නාවික භටයින් වෙනුවෙන් සිදුකරනු ලබන PCR පරීක්ෂණ පිළිබඳ තොරතුරුද COVID-19  පැතිරීම  වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය වෙත ඉදිරිපත් කර ඇති බව ආරක්ෂක ලේකම්වරයා පවසයි.

 “කොරෝනා වෛරසය  ආසාදිත නැවියන් සහ පරීක්ෂණ ක්‍රියාවලියන් සම්බන්ධයෙන් සහ එහි තත්ත්වය පිලිබදව වාර්තා කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සෞඛ්‍ය හා අනෙකුත් වගකිවයුතු බලධාරීන් සමඟ අවශ්‍ය සියලු තොරතුරු හුවමාරු කරගනිමින් සිටී.” ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න පැවසු බව එම  නිවේදනයේ වැඩි දුරටත් සදහන්ය.

 ශ්‍රී ලංකා නාවික හමුදාව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව පරීක්ෂා කර ආසාදනය වී ඇති බව තහවුරු වී ඇති නාවිකයන්  පිලිබදව සියලු තොරතුරු ලබා දීම  සදහා කැපවී සිටින බව ද එහි දැක්වේ.

 වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව  විසින් ලබා දුන් සහයෝගය පැසසුමට ලක් කරමින් නාවික හමුදාව, කොරෝනා වෛරසය ආසාදනය වුවන් පිළිබඳ කිසිදු තොරතුරක් සඟවා නොගන්නා බව ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න වැඩි දුරටත් සදහන් කර තිබේ.

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්