එජාප හිටපු මන්ත්‍රී කාවින්ද ජයවර්ධනගේ යැයි හැඟවෙන ආකාරයෙන් මෑතකදී සමාජ මාධ්‍ය ඔස්සේ මුදා හැර තිබු ආන්දෝලනාත්මක 'සමරිසි' වීඩියෝව

සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට පොලිසිය මේවනවිට සමත්ව තිබේ.

එම කරුණු අනාවරණය වී ඇත්තේ එජාප හිටපු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන විසින් මැයි 02දා කොළඹ අපරාධ කොට්ඨාශයත්, මැයි 03 දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් ඉදිරිපත්කර තිබු පැමිණිලි සම්බන්ධයෙන් සිදුකල විමර්ශනවලට අනුවය.

ඒ සම්බන්ධයෙන් තවදුරටත් කරුණු අනාවරණය කර ගැනීම සඳහා හිටපු පළාත් සභා මන්ත්‍රීනි මල්ෂා කුමාරතුංගට  අද (මැයි 18) කොළඹ අපරාධ කොට්ඨාශය (CCD) වෙත කැඳවා ඇති බවත් ඇයගේ දුරකථනය පොලිසිය බාරයට ගැනීම සඳහා අධිකරණ නියෝගයක් ලබාගෙන ඇති බවත් පොලිස් මුලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසිය.

මෙම ආන්දෝලනාත්මක වීඩියෝව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා කොළඹ අපරාධ කොට්ඨාශය (CCD)  විසින් සිදුකළ විමර්ශන වලින් අනාවරණය වී ඇත්තේ, මෙම වීඩියෝව මිට ඉහතදී ඉන්දියාවේ දී සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබු බවකි.

මෙම වීඩියෝව 2018 වසරේ ජුලි, අගෝස්තු හා සැප්තැම්බර් මාසවල දී දී සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබු බවත් එරට ප්‍රකට නිල් චිත්‍රපට ශිල්පීන් දෙදෙනෙකු එහි රඟපා ඇති බවත් පොලිසිය විසින් තහවුරු කරගෙන ඇත. එය විනාඩි 45කට ආසන්න කාලයක් පුරා දිවෙන වීඩියෝ වකි.

social media post

කාවින්ද ජයවර්ධනගේ ස්වරුපයට සමාන පුද්ගලයකු සමලිංගික දර්ශනයක පෙනීසිටින ආකාරය දැක්වෙන එම වීඩියෝව සමාජ මාධ්‍යවෙත මුදාහැර තිබුනේ, පසුගිය මැයි මස 01දාය. දේශපාලන ක්ෂේත්‍රය තුල මෙම වීඩියෝව ලැව්ගින්නක් ආකාරයෙන් පැතිර ගොස් තිබිණ.

police reciptඑම තත්වය තුල කාවින්ද ජයවර්ධන මෙන්ම ඔහුගේ පවුලේ සාමාජිකයින්ද පෞද්ගලික වශයෙන් හා සමාජීය වශයෙන් බරපතල අපහසුතාවයකට ලක්ව තිබු අතර ඒ අනුව ඔහුගේ පවුලේ ගනතියකු මේ පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙතද දැනුම් දී තිබු බව වාර්තාවේ. කාවින්ද  පොලිසියට පැමිණිලි කර ඇත්තේ ඉන් අනතුරුවය.

 

අඟපසඟ සමාන දැයි සොයා බැලීමට JMO වෙතට !

අදාල පැමිණිල්ල සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයන් හිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කාවින්ද ජයවර්ධන, අධිකරණ වෛද්‍ය නිලධාරී (JMO ) හමුවට ඉදිරිපත් කර ඔහුගේ ඔහුගේ අඟපසඟ හා වීඩියෝවේ සිටින පුද්ගලයාගේ අඟපසඟ සමාන දැයි පරීක්ෂණයක් ද සිදුකර ඇත.

එම වෛද්‍ය පරීක්ෂණයෙන් සහතික කොට ඇත්තේ, වීඩියෝවේ සිටින පුද්ගලයා කාවින්ද ජයවර්ධන නොවන බවයි.

 

ඉරාජ් ඒ නංගි රිෂිනි කියපු කතාව !

අදාල වීඩියෝ පටය සමාජ ජාලා වෙත මුදා හැරියෙ කවුදැයි පොලිසිය පරීක්ෂණ කරමින් සිටියදී ප්‍රකට සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන ඉරාජ් වීරරත්නගේ නැගණිය වන රිෂිනි වීරරත්න පවසා ඇත්තේ, එම වීඩියෝව තමන් වෙත සමාජ මාධ්‍ය හරහා ඒවා තිබුනේ  මල්ෂා කුමාරතුංග විසින් බවකි.

ඒ අනුව, හිටපු පළාත් සභා මන්ත්‍රීනි මල්ෂා කුමාරතුංග ගෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා පොලිසිය ඇය නැවතී සිටි කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ සුඛෝපභෝගී නිවස්නයකට ද ගොස් තිබිණ.

අනතුරුව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා මැයි මස 14 බ්‍රස්පතින්දා ඇයව කොළඹ අපරාධ කොට්ඨාශයට කැඳවා තිබිණ.

තමාගේ දුරකතනයේ දත්ත මැකී ඇතිබව ඇය එහිදී පැවසු බැවින් දුරකථනය තමන් බාරයට ගැනීම සඳහා  අධිකරණ නියෝගයක් ගැනීමට පොලිසිය කටයුතු කළ බව අප වෙත තොරතුරු ලබාදුන් පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා වැඩිදුරටත් පැවසිය.

 

ෆේස් බුක් එකත් හැක් කරලා !

මේ අතර කාවින්ද ජයවර්ධනගේ මුහුණු පොත ද කිසියම් කණ්ඩායමක් විසින් පසුගිය දා 'හැක් කර' එහි දත්ත වෙනස් කර ඇත.

මේ සම්බන්ධයෙන් ද කාවින්ද ජයවර්ධන අපරාධ පරික්ෂ දෙපාර්තමේන්තුවට මෙන්ම ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRC -Telecommunications Regulatory Commission of Sri Lanka ) වෙත ද පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

ඒ සම්බන්ධයෙන් FB සමාගමට කළ කරුණු දැක්වීමක් මත දින කිහිපයකට පසු ඔහුගේ FB පිටුව යලිත් යාවත්කාලින කර දීමට කටයුතු කර තිබේ.

Kavinda

 

ප්‍රහාරයට පෙර 'කොටියා' කල හැටි !

කාවින්ද ජයවර්ධන හිටපු මන්ත්‍රීවරයා ඉලක්ක කර ගනිමින් 'සමරිසි' වීඩියෝව මුදා හැරීමට දින කිහිපයකට පෙර දී ඔහු රජයේ නිරෝධායන වැඩපිළිවෙලට එරෙහිවූවකු බවත්, මරණිය දඬුවම් ලබාසිටි හමුදා සාමාජිකයකු නිදහස් කිරීමට එරෙහිව පැමිණිලි කිරීමට ඔහු  ජිනීවා යාමට සුදානමින් සිටින බවත් දැක්වෙන 'පොස්ටු' සමාජ මාධ්‍ය ඔස්සේ පළකර තිබීම ද විශේෂිත කාරණයකි.

post pp

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්