leader s

අන්තර්ජාල පහසුකම් සහිත හෝ රහිත ඕනෑම දුරකථනයක් භාවිතයෙන් ගාස්තු රහිතව  නිවසේ සිට තම පාසලේ ගුරුවරුන්ගෙන් අධ්‍යාපනය ලැබීමට දරුවන්ට අවස්ථාව සලසා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය සමග

ඩයලොග් ආසියාටා සමාගම එක්ව සිටී.

ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශයේ 1377 දුරකථන අංකයෙන් එකවර සිසු දරුවන් 45ක් දක්වා වූ ප්‍රමාණයක් සම්බන්ධ කරගනිමින් ඉගැන්වීමේ කටයුතු කිරීමට පාසල් ගුරුභවතුන්ට අවස්ථාව ලැබේ.

මෙම වැඩසටහනට අදාළ පරිගණක මෘදුකාංග ඩයලොග් ආසියාටා සමාගම විසින් සපයා තිබේ. ආරම්භක අදියරේ දී දිවයිනේ පළාත් නවයෙන් තෝරා ගත් පාසල් 100ක මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මෙහි සමාරම්භක අවස්ථාව ඊයේ (28) අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුමගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්විණි. මෙම අවස්ථාවට  ඩයලොග් ආසියාටා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සුපුන් වීරසිංහ ද එක්ව සිටියේය.
Dalas text 05.29ලර්න්ඒෂියා ආයතනය මගින් කරන ලද සමීක්ෂණයකට අනුව වයස අවුරුදු 18ට අඩු පාසල් දරුවන් සිටින පවුල්වලින් අන්තර්ජාල පහසුකම් ඇත්තේ, 34%කට පමණි.

එයිනුත් වැඩි ප්‍රතිශතයක් අන්තර්ජාල භාවිත කරනුයේ ස්මාර්ට් ජංගම දුරකතන හරහා බව එම ආයතනය පවසයි.

එහි අදහස වයස අවුරුදු 18ට අඩු පවුල්වලින් 66%ක ප්‍රතිශතයකට අන්තර්ජාල පහසුකම් නොමැති බවය.

එවැනි තත්ත්වයක් තුළ ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමය හරහා ඇතැම් පිරිසකට අසාධාරණයක් සිදුවන බවට විවිධ අදහස් සමාජ මාධ්‍ය ඔස්සේ ද පළ වී තිබේ. 

අන්තර්ජාල පහසුකම් සහිත හෝ රහිත ඕනෑම දුරකථනයක් භාවිතයෙන් ගාස්තු රහිතව  නිවසේ සිට තම පාසලේ ගුරුවරුන්ගෙන් අධ්‍යාපනය ලැබීමට දරුවන්ට අවස්ථාව සලසා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය සමග ඩයලොග් ආසියාටා සමාගම එක්ව සිටින්නේ එවැනි වටපිටාවක් තුලය. 

Dalas 2020.05.29
සබැඳි පුවත් :
ශ්‍රී ලංකාවේ ඔන්ලයින් අධ්‍යාපනය: "පාසල් දරුවන් සිටින පවුල්වලින් 66%කට ඉන්ටර්නෙට් නෑ"

‘ඔන්ලයින්’ අධ්‍යාපනය: 'ශිෂ්‍ය ප්‍රජාවෙන් 15%කට අධ්‍යයන අවස්ථා අහිමිවෙලා' -කොළඹ සරසවියේ උපකුලපතිනිය


 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්