හෝමාගම ක්‍රිකට් ක්‍රීඩාංගණය තමන් තවමත් හදවතින් අත්හැර නැතැයි කැබිනට් ප්‍රකාශක තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ, උසස් අධ්‍යාපන, තාක්‍ෂණ හා නවෝත්පාදන අමාත්‍ය, බන්දුල ගුණවර්ධන පැවසීය.

රටේ අනාගතයට මෙම විශාල ක්‍රීඩාංගණය අවශ්‍ය නම් රජයේ හෝ ක්‍රිකට් පාලක මණ්ඩලයේ මුදල් සතයක්වත් නොමැතිව වෙනත් රටක හෝ ආයතනයක ආධාර ලබාගෙන එය ඉදිකිරීමේ හැකියාව තමන්ට තිබෙන බව ද ඇමතිවරයා සඳහන් කළේය.

තමන් එම ක්‍රීඩාංගණය ඉදිකිරීම සඳහා ඉඩම් නිරීක්‍ෂණයට ක්‍රිකට් පාලක මණ්ඩලයට ආසන 40,000ක් ඇති පිට්ටනියක් ඉදිකිරීම සඳහා ඉඩමක් ඉල්ලූ නිසා බව කී ඇමතිවරයා, ඒ සම්බන්ධයෙන් අනවශ්‍ය විවේචන ඉදිරිපත් වූ නිසා එය තාවකාලිකව නවත්වන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ පැවසූ බව ද කීවේය.

කොරෝනා වසංගතයක් තිබියදී රජයේ මුදල් වියදම් කර පිට්ටනි හදන්න යන බවට චෝදනා එල්ල වුවත් මෙය හදිසියේ ඉදිකරන්නක් නොවන බව ද ඇමති බන්දුල ගුණවර්ධන පැවසීය.

ඇමතිවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද(29) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි. 

මහින්දානන්ද කියපු කතාව :


අමෙරිකානු ඩොලර් මිලියන 40ක් වැය කරමින් හෝමාගම දියගම අලුතින් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් සාදන බවට ඇමති බන්දුල ගුණවර්ධන මිට ඉහත දී සිදුකළ ප්‍රකාශය, ''මොකක් හරි මොලේ අමාරුවකට කිව්ව කතාවක් ද දන්නේ නැහැ'' යයි හිටපු ක්‍රීඩා අමාත්‍යවරයකු වන මහින්දානන්ද අලුත්ගමගේ පවසා තිබිණ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට අතිශයින් සමීප දේශපාලනඥයකු වන මහින්දානන්ද අලුත්ගමගේ එබව සඳහන් කර තිබුනේ, SLTOP TUBE සමාජ මාධ්‍ය නාලිකාවේ 'මේ කව්ද මොනවද කරන්නේ' සංවාදශීලි දේශපාලන වැඩසටහනට එක්වෙමිනි.


වීඩියෝ 

logo

 Apekshakaya

subscribeYT

Cyber Window

නවතම පුවත්