ජූනි මස 01 දින සිට බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණෙන මඟින්ගේ නිදර්ශක ලබා ගැනීමක් සිදු වන නමුත් එම නිදර්ශක පරීක්ෂාවට ලක් කෙරෙන ක්‍රමවේදය තවදුරටත් අතිශය ව්‍යාකූල තත්වයක
පවතින බව රජයේ වෛද්‍ය රසායානාගාර විද්‍යාඥ සංගමය පවසයි.
එම පරිශ්‍රය තුල රසායනාගාරයක් ස්ථාපිත කරනු ලබන්නේ නම් ඊට අදාලව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ නිළධාරීවරුන් පත් කිරීමක් අනිවාර්යයෙන්ම සිදු විය යුතු අතර ඒ පිළිබඳව මෙතෙක් කිසිඳු පියවරක් ගෙන නොමැති බව ද එම සංගමය කියා සිටියි.
මෙවැනි ව්‍යාකූල තත්වයක් ඇති කිරීම හරහා ඇතැම් බලධාරීන් උත්සහ කරන්නේ, ගුවන් තොටුපල වෙත පැමිණෙන ආගමණිකයන්ගේ RT-PCR පරීක්ෂණ පෞද්ගලික අංශය වෙත කොන්ත්‍රාත්තුවක් ලෙස පැවරීමට ද ? යන්න පිළිබඳ බරපතල සැකයක් මතුව ඇතැයි ද රජයේ වෛද්‍ය රසායානාගාර විද්‍යාඥ සංගමය කියා සිටියි.
එම සංගමය ඉහත කරුණු සඳහන් කර ඇත්තේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක් යොමු කරමිනි.
''ගුවන් තොටුපල පරිශ්‍රයේ කොව්ඩ් 19 රසායනාගාරය අදිසි හස්තයන් මඟින් නඩත්තු කිරීමට උත්සහ දැරීම'' යන ශීර්ෂයෙන් යුතුව එම සංගමයේ සභාපති රවී කුමුදේශ් විසින් ජනාධිපතිවරයා වෙත එම ලිපිය යොමුකර ඇත්තේ අද (ජුනි 04) දිනය.
ගුවන් තොටුපළේ රසායනාගාරයක් ස්ථාපිත කිරීමේ වැදගත්කම :
රට නැවත විවෘත කිරීමේදී ගුවන් තොටුපළ පරිශ්‍රය තුල කොව්ඩ් 19 පරීක්ෂණ රසායනාගාරයක් ස්ථාපිත කිරීම කාලෝචිත බව පසුගිය පෙබරවාරි 29 වන දින සෞඛ්‍ය අමාත්‍යවරිය සමඟ පැවති සාකච්ඡාවේදී පෙන්වා දී තිබු එම සංගමය, අප්‍රේල් 19 දිනැති ලිපිය මඟින් එහි වැදගත්කම ලිඛිතවද අවධාරණය කර තිබිණ.
තවද අප්‍රේල් මස 20 වැනි දින එම වෘත්තීයවේදී ආයතනය විසින් පැයක පමණ කාලයක් තුල අදාල වාර්තා ලබා දීමට හැකි තාක්ෂණික උපක්‍රම සහිත පළමු යෝජනාවලිය සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත යොමු කරන ලද බවත්, ඒ පිළිබඳව කිසිඳු සැළකිල්ලක් දක්වන බවත් පෙනෙන්නට නොමැති බැවින් මෙසේ ජනාධිපතිවරයා ඇතුළු අදාල වගකිවයුතු පාර්ශ්ව වෙත ඒ පිළිබඳව වාර්තා කිරීමට තීරණය කරන ලද බවත් ජනාධිපතිවරයා වෙත අද (ජුනි 04) යොමුකර ඇති ලිපියේ සඳහන් වේ.
විදෙස් වලින් පැමිණි වැඩි දෙනෙකු කොරෝනා ආසාදිතයන් :
විදෙස් ශ්‍රමිකයන් රට තුලට ගෙන්වීම ආරම්භ කිරීමත් සමඟම ඔවුන්ගෙන් වැඩි දෙනෙකු කොරෝනා ආසාදිතයන් බව තහවුරු වීම මඟින් සෞඛ්‍ය සේවාවේ එතෙක් පැවති යාන්ත්‍රණය බරපතල අභියෝගයකට ලක් වීය.
පසුව ගුවන් තොටුපළ පරිශ්‍රයේ සිට RT-PCR පරීක්ෂණය සඳහා නිදර්ශක ලබා ගැනීම ආරම්භ කෙරුනු අතර ඊට අදාලව ජනාධිපතිවරයා සහ සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් නිසි උපදෙස් ලබා දීම පිළිබඳව කෘතඥ වන බවද රජයේ වෛද්‍ය රසායානාගාර විද්‍යාඥ සංගමය සිය ලිපිය මගින් කියා සිටියි.
කෙසේ නමුත් ජූලි මස 01 දින සිට බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණෙන මඟින්ගේ නිදර්ශක ලබා ගැනීමක් සිදු වන නමුත් එම නිදර්ශක පරීක්ෂාවට ලක් කෙරෙන ක්‍රමවේදය තවදුරටත් අතිශය ව්‍යාකූල තත්වයක පවතින බව පවසන එම වෘත්තීයවේදී සංගමය පවසයි.
පරීක්ෂණ වාර්තාව ලබා දෙන තුරු අවට ඇති හෝටල් නැවත්වීම !
එසේම නිදර්ශක ලබා ගන්නා ආගමණිකයින් පරීක්ෂණ වාර්තාව ලබා දෙන තුරු අවට ඇති හෝටල් සහ ලැඟුම්හල් තුල රඳවන බවට මාධ්‍ය වාර්තා කොට තිබෙන අතර එය රජයට අනවශ්‍ය පිරිවැයක් දැරීමට සිදුවන ප්‍රායෝගික නොවන වැඩපිළිවෙලක් බවද එම සංගමය කියා සිටියි.
සෞඛ්‍ය බලධාරීන් විසින් අනාගතය පුරෝකථනය කරමින් සූදානම් වූයේ නම් ගුවන් තොටුපළ පරිශ්‍රය තුලදීම පරීක්ෂාවන් සිදු කළ හැකි රසායනාගාරයක් නිර්මාණය කිරීමට අතිශය ප්‍රමාණවත් කාලයක් තිබියදී ඊට අදාල යෝජනා අත්තනෝමතික ලෙස ඉවත දැමීම හේතුවෙන් රජයට දැරීමට සිදු වන පිරිවැය අදාල නිළධාරීන් විසින් දැරිය යුතු බව ද එම සංගමය කියා සිටියි.
වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තිකයන් 100කට ආසන්න ප්‍රමාණයක් නිවෙස් වල : කොරෝනා පරීක්ෂණ පෞද්ගලික අංශයට !
''එසේම පූර්ව වශයෙන් ඇති සැළසුම් නොසලකා හරිමින් අනවශ්‍ය ලෙස හදිසි ව්‍යාකූල තත්වයන් නිර්මාණය කර ගැනීම මඟින් මෙම ආගමණිකයන්ගේ RT-PCR පරීක්ෂණ පෞද්ගලික අංශය වෙත කොන්ත්‍රාත්තුවක් ලෙස පැවරීමට උත්සහ දරන්නේද යන්න පිළිබඳ අප සැක පළ කරන්නෙමු.'' යයි එම විශේෂඥයිනගේ සංවිධානය ජනාධිපතිවරයාට වෙත දැනුම් දී සිටියි.
සබැඳි පුවත් :
තත්වය බරපතලයි : පිටරටින් එන අය අතර කොරෝනා ආසාදිතයින් -ගුවන් තොටුපලේ රසායනාගාර පහසුකම් සූදානම් කිරීම අත්‍යාවශ්‍යයි!