16 හැවිරිදි සිසුවියක සියදිවි නසාගැනීම සිද්ධියට අදාළව චෝදනා එල්ල වී ඇති පෞද්ගලික ටියුෂන් ආයතනයේ හිමිකරු විසින් ඊයේ (09) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
ඒ තමාගේ නමට අපහාස කරමින් හිතාමතා පිරිසක් විසින් සිදුකරනු ලබන ප්‍රචාරයන් සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලමින්ය.
මියගිය අදාළ සිසුවිය අසනීප තත්ත්වයෙන් පන්තියට සහභාගි වීම හේතුවෙන් තමා ඇයගේ දෙමාපියන් ගෙන්වා අසනීප තත්ත්වය සුවවූ පසුව පන්තිවලට සහභාගී කරවන ලෙස පමණක් දැනුම්දුන් බව ද එම පුද්ගලයා සඳහන් කළේය.
තමාගේ පින්තූර යොදාගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ලෙස විවේචනයන් එල්ල කිරීම තුළින් තමා අපහසුතාවයට පත්ව ඇති බවත් එය කවුරුන් හෝ සිතාමතා සිදුකරනු ලබන්නක් බවට තමාට සැකයක් ඇති බව ද අදාළ පුද්ගලයා පැවසීය.
කොටහේන ගල්පොත්ත වීදිය මහල් නිවාස සංකීර්ණයක පදිංචිව සිටි ඩිල්ෂි අම්ෂිකා නමැති 16 හැවිරිදි සිසුවියක් එහි 6 වැනි මහළෙන් පැන දිවිනසාගෙන තිබුණේ පසුගිය 29 වැනිදාය.
ඇය දිවි නසාගත්තේ දරුණු මානසික පීඩනයකින් වේදනා විඳිමින් සිටි නිසා බවට මව්පියන් ප්‍රකාශ කළේය.
ඒ බම්බලපිටියේ පාසැලක ඉගෙනු ලැබූ සිය දියණියට එහි ගුරුවරයෙකු විසින් අතවර කර ඇති අතර එය යළිත් වරක් පෞද්ගලික උපකාරක පංතියක හිමිකරුවෙකු විසින් ඇය මානසික පීඩනයකට ලක්වූ බව කියන සිද්ධීන් හේතුවෙනි.
කෙසේ වෙතත්, පොලිසිය පවසන්නේ, දැරියගේ මරණය සම්බන්ධයෙන් රාජ්‍ය නොවන සංවිධාන මැදිහත්වීම හේතුවෙන්, දැරියගේ ඥාතීන්ගේ පාර්ශ්වය විමර්ශන සඳහා කිසිඳු සහායක් ලබානොදෙන බවය.
දිවි නසාගත් සිසුවිය පවුලේ අභ්‍යන්තර සිදුවීමක් හේතුවෙන් වයස අවුරුදු 13දී මානසික ආතතියට ලක්ව ඇති බවත් ඊට රජයේ රෝහලක මනෝ වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ලබාගෙන ඇති බවත් වාර්තා වේ.
පොලීසිය පැවසුවේ, පාසල් ගුරුවරයෙකු තමාට අතවර කළ බවට සිසුවිය මනෝ වෛද්‍යවරයෙකු පැවසීමෙන් පසුව දරුවා අධිකරණ වෛද්‍ය නිලධාරිවරයෙකු වෙත යොමුකර තිබෙන බවය.
අදාළ පාසල් ගුරුවරයා සම්බන්ධයෙන් විමර්ශනය කළ බම්බලපිටිය පොලීසිය ඔහුව අත්අඩංගුවට ගෙන තිබුණේ ඒ අනුවය.
සිද්ධිය සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය හා ළමා හා කාන්තා කටයුතු කාර්යාංශය අතර ඊයේ පස්වරුවේ සාකච්ඡාවක් ද පවත්වා තිබේ.
ජාතික ළමා ආරක්ෂක අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ සිසුවිය මියයෑමේ සිද්ධිය පිළිබඳව විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවය.
සැකකාර ගුරුවරයා අනිවාර්ය නිවාඩුයවයි
මේ අතර කොටහේන ගල්පොත්ත වීදිය මහල් නිවාස සංකීර්ණයක පදිංචිව සිටි 16 හැවිරිදි සිසුවියක සියදිවි නසාගැනීම සිද්ධියට චෝදනා එල්ල වී ඇති සැකකාර ගුරුවරයා අනිවාර්ය නිවාඩු යවා තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය ඊයේ (9) පස්වරුවේ පවසා සිටියේ මෙම සිදුවීමට අදාළ පොලිස් බී වාර්තාව මේ වනවිට තම අමාශ්‍යාංශයට ලැබී ඇති බවයි.
ඒ හේතුවෙන් සිද්ධියට අදාළ ගුරුවරයා, ආයතන සංග්‍රහයේ II කාණ්ඩයේ XLVIII වැනි පරිච්ඡේදයේ 27:9 වගන්තිය ප්‍රකාරව අනිවාර්ය නිවාඩු ගැන්වීමට කටයුතු කරන බවයි.
එමෙන්ම මෙම සිද්ධියට අදාළ මූලික විමර්ශනය මේ වනවිට සිදු කෙරෙමින් පවතින අතර, එහි වාර්තාව ලද වහාම විධිමත් විනය ක්‍රියාමාර්ග ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරන බවද එම අමාත්‍යාංශය පවසයි.
තවද මෙම සමස්ත සිදුවීමේදී යම් පාර්ශ්වයන් තම රාජකාරි වගකීම් පැහැරහැර ඇත්ද යන්න සොයා බැලීමට එම අමාත්‍යාංශය විසින් අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර ඇත
| aruna
මේ පුවතට සම්බන්ධ තවත් විස්තර:
කාන්තා හා ළමා කටයුතු ඇමති සරෝජා පෝල්රාජ් සමාජ මාධ්‍ය තුළ දැඩි විවේචනයකට ලක්වන්නේ ඇයි?
හරිනි නම් 'හරිම නෑ' | කුසල් පෙරේරා
සරෝජනී පෝල්රාජ් ඇමැතිනියගේ ප්‍රකාශය, යහපත් ආණ්ඩුකරණයක ප්‍රතිචාරයක් විය නොහැකිය | Geethika Dharmasinghe
පාසල් සිසුවියකගේ මරණය: ලිංගික අතවර කළ බව කියන ගුරුවරයාට ස්ථාන මාරුවක්
'Black monkey go out': ගුරුවරුන්ගෙන් ඔබේ දරුවාට වාචික හිංසනයක් සිදුවූ විට කළ යුත්තේ කුමක් ද?
ළමුන් පාසල්වලදී කෲරත්වයට පත්වීම වැළැක්වීමට නව නීති
'කියන්න කනගාටුයි... ඉතා කුඩා දරුවන් පවා ලිංගික අපයෝජනවලට ලක්වෙලා'
ළමා දූෂණයට දඬුවම මරණය හෝ වඳභාවය
"බොහෝ ළමා දූෂකයන් පවුලේ ඥාතීන් හෝ හිතවතුන්"







