හිටපු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ හඩපටයක් සම්බන්ධයෙන් වැඩ තහනමකට ලක්ව සිටින අපරාධ පරික්ෂක දෙපාර්තමේතුවේ (CID) හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර මේ වෙනවිට දැඩි ජීවිත අනතුරකට ලක්ව සිටින

බව  වාර්තා වේ.

ඒ සම්බන්ධයෙන් විශේෂ හෙළිදරව්වක් සිදුකර ඇති 'ලංකා දවස' (lankadawasa)  වාර්තා කර ඇත්තේ, රටේ බිහිසුනු අපරාධ විශාල ප්‍රමානයක් හා පාතල කොල්ලකරුවන් ද අතිවිශාල ප්‍රමානයක් කොටුකර ගැනීමට සමත්වූ ශානි අබේසේකරව ඝාතනය කිරීමේ සුදානමක් පවතින බවයි. 

ගෝඨාභය - මහින්ද ආණ්ඩුව බලයට පත්වීමත් සමඟම අති දක්ෂ විමර්ෂකයෙකු වන ශානි අබේසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධුරයෙන් ඉවත්කර දඬුවම් ස්ථාන මාරුවක් ලබාදුන් අතර හා ඔහු සමඟ අපරාධකරුවන් සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ CID පොලිස් නිලධාරින් පසුපස හඹා යාම ඇරඹින.

එම තත්වය යටතේ, ප්‍රධාන පොලිස් පරික්ෂක නිශාන්ත කන්දප්පා ඔහුගේ පවුලේ සාමාජිකයින් සමග මේවනවිට ජීවිත ආරක්ෂාව පතා රටින් පලා ගිය අතර, ඒ වහාම අපරාධ විමර්ෂණ පොලිස් කොස්තාපල් ගේ සිට අධ්‍යක්ෂක දක්වා වූ ශ්‍රේණි වල නිලධාරීන් 712 දෙනෙකුට රටින් පිටවීම තහනම් කරමින් රජය විසින් නියෝගයක් නිකුත් කරනු ලැබිය.

ශානි ගේ වැඩ මෙන්න !
 

ශානි අබේසේකරගේ මෙහෙයවිය යටතේ ප්‍රධාන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් සිදුකල විමර්ෂණ හා සැකකරුවන් මෙසේය.

1. මැදමුලන, ඩී ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදි කිරීමේ දී මිලියන 33.9 ක රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම :
  (සැකකරු - හිටපු ආරක්ෂක ලේකම් නන්දසේන ගෝඨාභය රාජපක්ෂ)

2.  මාධ්‍යවේදි ලසන්ත වික්‍රමතුංග ඝාතනය:
     (සැකකරු - යුධ හමුදා බුද්ධි නිලධාරි දෙදෙනෙකු)

3. වසීම් තාජුදීන් ඝාතනය
     (සැකකරුවන් – නැත)

4. පුද්ගලයන් පැහැර ගෙන් ගොස් කප්පන් ගෙන මරාදැමීම
    (සැකකරු - හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණ්වර්ධන හා ඔහුගේ පුත්)

5. මාධ්‍ය වේදී ප්‍රදීප් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් මරාදැමීම
     (සැකකරු - යුධහමුදා බුද්ධි නිලධාරින් දෙදෙනෙක්)

6.  රෝයල්පාක් ඝාතනය
     (සැකකරු – ජුඩ් ඇන්තනි : ජනාධිපති මෛත්‍රිපාල විසින් විශේෂ සමාවක් දී මරණ දඬුවමින් නිදහස් හරින ලදි.)

7. මිග්යානා ගනුදෙනුව : මිග් යානා මිලදී ගැනීමට සහ මුදල් විශුද්ධිකරණයට අදාළව ඇමෙරිකානු ඩොලර් මිලියන 7.833 කට ආසන්න මහජන මුදල් අවභාවිතය : 
   ( සැකකරු -උදයංග වීරතුංග : දින 11 ක් රක්ෂිත භාරයේ සිට ලක්ෂ 05 ක පුද්ගලික ඇපමත මුදාහැර ඇත)


8. මිරිස විල කුඩා දරුවන් සමඟ සමුහ ඝාතනය
    සැකකරු- යුධ හමුදා සෙබල සුනිල්; රත්නායක ( ජනාධිපති ගෝඨාභය විසින් විශේෂ සමාවක් දී මරණ දඬුවමින් නිදහස් හරින ලදි)

9. වැලිකඩ සිරකරුවන් 27 දෙනෙකු ඝාතනය :
    (සැකකරුවන් – පොලිස් පරික්ෂඛ් රංග ජීව හා බන්ධනාගාර අධිකාරි එමිල් රංජන් ලමාහේවා)


10.  අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය:
       (සැකකරුවන් - ඉබ්‍රාහිම් ප්‍රධාන ආධාර අනුබල දුන් සැකකරුවන් 09 දෙනෙකු)


11. පාසැල් දරුවන් 11 දෙනෙකු පැහැරගෙන් ගොස් කප්පන් ඉල්ලා පසුව මරාදැමීමේ සිද්ධිය :
      (සැකකරුවන්  - නාවික හමුදාවේ ලුතිනන් කොමාන්ඩවරයෙකු හා ඊට ආධාර අනුබල දී ඇත. හිටපුනාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ හා හිටපු නාවික හමුදාපති රවි විජේගුණවර්ධන )   


මෙවනි අපරාධ විමර්ෂකයන් ලෝකයේ වෙනත් රටවල අති සුඛෝපභෝගිව රජයේ වියදමින් ආරක්ෂාකරන නමුත් ශ්‍රි ලංකාවේ  අපරාධකරුවන් රටේ පාලන බලය ලබාගන්නා  බැවින් අපරාධ විමර්ෂකයන්ට සිදුවන්නේ රටි පැන ගොස් ජිවිතය බේරා ගැනීම හෝ කාගේ හෝ උණ්ඩයකට බිලිවීමටය. 

ඒ බරපතලම කාරණය වන්නේ විපක්ෂය හෝ මේ සම්බන්ධයෙන් මුනිවත රැකීමය.


(මුලාශ්‍රය - ලංකා දවස)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්