සිවිල් පරිපාලනය හා රටේ සමස්ත සමාජ දේහය මිලිටරි පාලනයට නිලවශයෙන් නතු කරමින් ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුදා හා පොලිස් ලොක්කන්ගෙන් සැදුම්ලත් ජනාධිපති කාර්ය සාධක බලකායක්

(ජකාසාබ) ස්ථාපිත කර ඇත. 

එකී බලකාය පිහිටුවීමේ ජනාධිපති විධානය සහිත ගැසට් නිවේදනය ජනාධිපති ලේකම් විසින් පසුගිය අඟහරුවාදා (2) නිකුත් කෙරුනි. “සුරක්ෂිත රටක්, විනය ගරුක, ගුන ගරුක හා නීති ගරුක සමාජයක් ගොඩනැගීම සඳහා” එය පිහිටුවන බව ගැසට් නිවේදනයේ සඳහන් වෙයි. 

රාජපක්ෂගේ පාලක කල්ලියේ ප්‍රධානියෙකු වන, ආරක්ෂක ලේකම් කමල් ගුනරත්න සභාපති ලෙස නම් කර ඇති බලකායේ සමස්ත සාමාජික සංඛ්‍යාව දහතුනකි. 

හමුදාපති ශවේන්ද්‍ර සිල්වා, නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා, ගුවන් හමුදාපති එයාර් මාෂල් සුමංගල ඩයස්, වැඩ බලන පොලිස්පති, ජාතික බුද්ධි ප්‍රධානී හිටපු මේජර් ජනරාල් ජගත් අල්විස්, රාජ්‍ය බුද්ධි තොරතුරු අධ්‍යක්ෂ මේජර් ජනරාල් සුරේෂ් සලේ, ත්‍රිවිධ හමුදා බුද්ධි අංශ අධ්‍යක්ෂවරුන්, නියෝජ්‍ය පොලිස්පතිවරු දෙදෙනෙකු සහ හිටපු මේජර් ජනරාල් වරයෙකු වන වත්මන් රේගු අධ්‍යක්ෂ අනෙකුත් සාමාජිකයෝ වෙති.  

දිවයිනේ උතුරේ හා දකුනේ තරුන නැගිටීම් හා කම්කරු අරගල දරුනු ලෙස පාගා දැමීමේ ලේ වැකි ඉතිහාසයකට මේ සියලු දෙනාම වගවිය යුත්තෝය.  

ප්‍රකාශිත අරමුණු !

රාජපක්ෂගේ ජනාධිපතිවරන ප්‍රකාශයේ සඳහන් ප්‍රතිපත්ති ක්‍රියාවට දැමීම පිනිස “සාධාරන හා නීතියේ ආධිපත්‍යයට ගරු කරන” සමාජයක් බිහි කිරීම “රජයේ ප්‍රමුඛ වගකීමක්” බව විධානයේ සඳහන් ය. 

එසේම, “ජනතාවගේ යහපත පිනිස ශිෂ්ඨ සම්පන්න සමාජයක් ගොඩනැගීම උදෙසා නීතියේ රැකවරනය සැම⁣ට සමානව” සහතික කිරීම ජකාසාබ පිහිටු⁣වීමේ අරමුන යැයිද එහි දක්වා ඇත. 

මහජනතාවගේ සෑම ප්‍රජාතන්ත්‍රීය අයිතියක්ම පාගා දමමින් ව්‍යවස්ථාවට හා නීතියට පිටින් කටයුතු කරමින් සිටින රාජපක්ෂ ආන්ඩුවේ මේ සියලු පාඨයක්ම අතිශයින්ම ව්‍යාජ ය. ඒවා යොදා ඇත්තේ කම්කරු-පීඩිත මහජනතාවගේ ඇසට වැලි ගසමින් ජකාසාබ පිහිටුවීමේ සෑබෑ අරමුනු වසන් කිරීම පිනිස ය. 

''මහජනතාවගේ සෑම ප්‍රජාතන්ත්‍රීය අයිතියක්ම පාගා දමමින් ව්‍යවස්ථාවට හා නීතියට පිටින් කටයුතු කරමින් සිටින රාජපක්ෂ ආන්ඩුවේ මේ සියලු පාඨයක්ම අතිශයින්ම ව්‍යාජ ය. ඒවා යොදා ඇත්තේ කම්කරු-පීඩිත මහජනතාවගේ ඇසට වැලි ගසමින් ජකාසාබ පිහිටුවීමේ සෑබෑ අරමුනු වසන් කිරීම පිනිස ය.'' 

කිසිදු නෛතික අර්ථකථනයක් නැති “විනය ගරුක”, “ගුන ගරුක”, “ශිෂ්ඨ සම්පන්න සමාජයක්” යන වදන් වලට අරුත් පිරිනමනු ඇත්තේද ජකාසාබ හා රාජපක්ෂම පමනි.

“ජාතික ආරක්ෂාව” යන්නෙහි සැබෑ අරමුණු !

“රටක සංවර්ධනය ඉලක්ක කරගත් ආර්ථික ක්‍රමෝපායන් ස්ථාපිත කිරීමේදී” රටේ “ආරක්ෂක තත්ත්වය” ප්‍රමුඛ වන බැවින් “ජාතික ආරක්ෂාවට” රජය මුල් තැන දෙන බව ද එහි සඳහන්ය.  “ජාතික ආරක්ෂාව” යන්නෙහි සැබෑ අරමුණු එයින්ම පැහැදිලිය. 

ගැඹුරු ආර්ථික අර්බුදයට මුහුන දී ඇති රාජපක්ෂ ආන්ඩුවේ රුදුරු කප්පාදු වලට එරෙහිව පැන නගින කම්කරු පන්තික අරගල “ජාතික ආරක්ෂාවේ” නාමයෙන් තලා දැමීම මෙහි අරමුනයි. 

 
''ගැඹුරු ආර්ථික අර්බුදයට මුහුන දී ඇති රාජපක්ෂ ආන්ඩුවේ රුදුරු කප්පාදු වලට එරෙහිව පැන නගින කම්කරු පන්තික අරගල “ජාතික ආරක්ෂාවේ” නාමයෙන් තලා දැමීම මෙහි අරමුණයි. ''

රට තුලට මත්ද්‍රව්‍ය ඇතුලුවීම වැලැක්වීම හා මත්ද්‍රව්‍ය ජාවාරම පූර්න වශයෙන් මර්දනය කිරීම, බන්ධනාගාර තුල සිදුකෙරෙන  නීතිවිරෝධී හා සමාජ විරෝධී ක්‍රියා වැලැක්වීමට කටයුතු කිරීම ඇතුලු කර්තව්‍යයන් සතරක් ජකාසාබ ට පැවරේ. 

“මත් උවදුර” මර්දනය කිරීම හා බන්ධනාගාර තුල අපරාධ සිදුවීම වැලැක්වීම යන්න, ලංකාව තුල මෙන්ම ලොව පුරාම ධනපති ආන්ඩු, දුප්පතුන්, තරුනයන් හා දේශපාලන විරුද්ධවාදීන් ඉලක්ක කර සාමාන්‍ය අධිකරන ක්‍රියාමාර්ගවලින් පිට ඝාතනය කිරීම් හා අතුරුදහන් කරවීම් සඳහා යහමින් යොදා ගැනෙන  වැඩසටහන් ය. 

ජකාසාබ හි ප්‍රධාන එල්ලය : “නීතිය උල්ලංඝනය කරමින් හැසිරෙන සමාජ කණ්ඩායම්”  ?

කෙසේ නමුත්, ජකාසාබ හි ප්‍රධාන එල්ලය පහත කාර්යයන් දෙක බව පැහැදිලිය:

“වර්තමානයේ රටේ යම් යම් ස්ථානවල, නිදහස් හා සාමකාමී සමාජ පැවැත්මකට හානිකර අයුරින්  මතුවෙමින් පවතින නීතිය උල්ලංඝනය කරමින් හැසිරෙන සමාජ කන්ඩායම් වල එකී නීති විරෝධී ක්‍රියා මැඩපැවැත්වීමට කඩිනම් පියවර ගැනීම”

මෙහි සඳහන් “නීතිය උල්ලංඝනය කරමින් හැසිරෙන සමාජ කන්ඩායම්” යන්නෙන් අදහස් කරනුයේ, තම වැටුප්, රැකියා සහ අනෙකුත් අයිතීන් වෙනුවෙන්, ආන්ඩුවට සහ හාම්පුතුන්ට එරෙහිව අරගලයට අවතීර්න වන කම්කරුවන්, සිසුන් සහ අවශේෂ පීඩිතයන් බව නොඅනුමානය.


plan 01j img1“වෙනත් රටවල ස්ථානගත වෙමින් ශ්‍රී ලංකාව තුළ සිදුකරනු ලබන නීති විරෝධී මෙන්ම සමාජ විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් සොයා බලා එම අපරාධවලට වගකිව යුතු පුද්ගලයන්ට එරෙහිව නීති මගින් කටයුතු කිරීමට පියවර ගැනීම” බලකායේ තවත් කර්තව්‍යයකි.

ආන්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩපිලිවෙලට එරෙහිව විවේචන හෝ ඉදිරිපත් කරන සිවිල් සහ රාජ්‍ය නොවන සංවිධාන සහ මාධ්‍ය මෙන්ම, දෙමල ඩයස්පෝරාවේ සහාය ලබන සංවිධාන, මුස්ලිම්, ක්‍රිස්තියානි හා කතෝලික  ආගමික සංවිධාන වලට අමතරව, කම්කරු පන්තියේ ජාත්‍යන්තර හා වාමාංශික සංවිධාන ගනනාවක් මේ යටතේ ප්‍රධාන ඉලක්ක බවට පත්වීමට නියමිතය.

 ''රාජ්‍ය නිලධාරීන් බිය ගන්වා අවනත කර ගැනීම සඳහා ඉලක්ක කෙරුනකි.''

මෙම කර්තව්‍යයන් ඉටු කිරීමේදී ජකාසාබ විසින් රජයේ ඕනෑම අමාත්‍යංශයක, දෙපාර්තමේන්තුවක, සංස්ථාවක ආදී ආයතනයක නිලධාරියෙකුට උපදෙස් ලබාදිය හැකි අතර, ඔවුන් ජකාසාබ ට අවශ්‍ය සියලුම සහාය හා තොරතුරු ලබාදිය යුතුය. 

එසේ ජකාසාබ පවරනු ලබන රාජකාරීන් පැහැර හරින හෝ පමාකරන ඕනෑම නිලධාරියෙකු සම්බන්ධව එය ජනාධිපතිට වාර්තා කල යුතුය. ජනාධිපති විසින් අවසාන තීරනය ගනු ලැබීම සඳහා යොමු වූ මෙම සැකැස්ම, රාජ්‍ය නිලධාරීන් බිය ගන්වා අවනත කර ගැනීම සඳහා ඉලක්ක කෙරුනකි.

රටේ ව්‍යවස්ථාව හා නීතිය ප්‍රකාරව රාජ්‍ය ධුරාවලියේ අමාත්‍යංශ ලේකම්වරුන්ට පහලින් ත්‍රිවිධ හමුදාපතිවරු හා පොලීසිය පවතින නමුදු, පෙර නොවූවිරූ පරිදි, මෙම නව ව්‍යුහය, සමස්ත රාජ්‍ය පරිපාලන සේවයම, එහි සෑම අමාත්‍යංශ ලේකම් වරයෙකුම හා ඔවුන් යටතේ වන සෑම නිලධාරියෙකුම, මෙම මිලිටරි බලකායකට හා අවසාන වශයෙන් ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් යටතට හා ඔහුට වගකිය යුතු තත්ත්වයට පත් කෙරේ. 

රටේ සාමාන්‍ය නීතිය උල්ලංඝනය කරන යමෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේ “අපරාධ යුක්තියේ” යාන්ත්‍රනයක් ව්‍යවස්ථාවෙන් ස්ථාපිත කෙරී ඇත. එහි විෂය පථය ද ඉක්මවා යන බලතල ජකාසාබ ට හිමිවෙයි.

 
''රටේ සාමාන්‍ය නීතිය උල්ලංඝනය කරන යමෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේ “අපරාධ යුක්තියේ” යාන්ත්‍රනයක් ව්‍යවස්ථාවෙන් ස්ථාපිත කෙරී ඇත. එහි විෂය පථය ද ඉක්මවා යන බලතල ජකාසාබ ට හිමිවෙයි.''

ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 වගන්තිය ප්‍රකාරව මෙම බලකාය පිහිටුවනු බවට ජනාධිපති විධානයේ සඳහන් නමුත්, එවන් බලයක් ජනාධිපතිට ලබාදෙන පැහැදිලි වගන්තියක් එහි නැත. ව්‍යවස්ථාවට අනුව කටයුතු කිරීමේ විවෘත බලයක් පිරිනමන එහි 33(2)ය වගන්තිය යටතේ වත් රාජ්‍ය සේවයේ නිලධාරීන් මෙසේ මිලිටරියට යටත් කරමින් වෙනම ව්‍යුහයකට නතු කල නොහැක.

''මෙම සමස්තයම ව්‍යවස්ථා විරෝධී ය; නීති විරෝධී ය.''

එහෙයින්, මෙම සමස්තයම ව්‍යවස්ථා විරෝධී ය; නීති විරෝධී ය. 

මෙම බලකාය පිහිටුවීමට පෙරදීමත්, රාජ්‍ය ආයතන විසින් තම “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ක්‍රියාවට දැමිය යුතු බවටත් එසේ නොවේනම් සේවයෙන් ඉවත් විය යුතු බවටත් ජනාධිපති රාජපක්ෂ කිහිප විටක්ම රාජ්‍ය නිලධාරීන්ට තර්ජනය කලේ ය.

රාජපක්ෂ මෑතම තර්ජනය කලේ බන්ධනාගාර නිලධාරීන්ට ය. බන්ධනාගාර තුල සිදුකෙරෙන අපරාධ වැලැක්වීම සම්බන්ධව,  ජූනි 01 දා, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් හා එහි නිලධාරීන්, පොලීසියේ ඉහල නිලධාරීන් හා හමුදාපතිවරුන් සමඟ පැවත්වූ සාකච්ජාවකදී රාජපක්ෂ අවධාරනය කලේ, කවරෙකු විරුද්ධ වුව ද තම ප්‍රතිපත්ති අනිවාර්යයෙන් ක්‍රියාවට දමන බව යි. පොදුවේ රාජ්‍ය ආයතන සියල්ලට ඇඟවුම් කරමින් ඔහු කියා සිටියේ, “හැදුනෙ නැතොත් මම හදන” බවත් හැදිය නොහැකි නිලධාරීන් “පූල් එකට” දමා “පැත්තකට කර” තබන බවයි.

Goata text 2020.06.07රාජපක්ෂ ජනාධිපති ලෙස පත්වීමත් සමඟ ආරක්ෂක ලේකම්ගේ සිට බස්නාහිර පලාත් ආන්ඩුකාරධුරය ආදී රාජ්‍ය ආයතනවල ඉහලම නිලවලට හිටපු හමුදා ප්‍රධානීන් පත් කර ගනිමින් රාජ්‍ය යාන්ත්‍රනය බරපතල ලෙස මිලිටරීකරනයට නතු කලේය. 

කොරෝනා වසංගතය ඩැහැගනිමින් සෞඛ්‍ය සේවය ඇතුලු ආයතන ගනනාවක් හමුදාපති සිල්වාගේ අධීක්ෂනය යටතට පත් කිරීමට ජනාධිපති කටයුතු කලේය. අනතුරුව පාර්ලිමේන්තු ව රහිතවම රාජ්‍යය පාලනය කිරීමේ ජනාධිපති ආඥාදායකත්වයට පැන ගැනීමේ සූදානමෙන් දහස් සංඛ්‍යාත මිලිටරි භටයන් කොලඹට කැඳවීය. 

වසංගතය අතරතුරදී ඇඳිරිනීතිය පැනවීමේ සිට අත්‍යවශ්‍ය සේවා ප්‍රකාශයට පත් කිරීම ඇතුලුව රටපුරා “සාමය පවත්වා ගැනීම” සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව මාස් පතා ත්‍රිවිධ හමුදාව කැඳවීම ආදිය සිදු කරනු ලැබුවේ නීතියේ ආධිපත්‍යයට අවඥා සහගතව පයින් ගසමින් හා ව්‍යවස්ථා විරෝධීව ය.

අප්‍රේල් අග දී තම බාල සොහොයුරා වන බැසිල් රාජපක්ෂ, ආර්ථික පුනර්ජීවනය සැලසීමේ සහ දරිද්‍රතාව තුරන් කිරීමේ කාර්ය සාධක බලකායේ ප්‍රධානියා ලෙස පත් කලේය. ඔහු මහජන ඡන්දයෙන් තේරී පත්වූවෙකු හෝ නොවේ. 

හමුදා ප්‍රධානීන් ද සමාගම් අධිපති කෝටිපතියන්ද එහි සාමාජිකයන් බවට පත් කෙරුනි. බලකායේ ප්‍රකාශිත අරමුන කුමක් වුවත් එහි සැබෑ අරමුන වනුයේ, ගම්බද කම්කරුවන් සහ දුගී ගොවීන්, කටුක විනයකට නතුකරමින් ධනපති සූරාකෑම නව ඉහලකින් සංවිධානය කර ගැනීමයි.


''බලකායේ ප්‍රකාශිත අරමුන කුමක් වුවත් එහි සැබෑ අරමුන වනුයේ, ගම්බද කම්කරුවන් සහ දුගී ගොවීන්, කටුක විනයකට නතුකරමින් ධනපති සූරාකෑම නව ඉහලකින් සංවිධානය කර ගැනීමයි.''

ජකාසාබ පිහිටුවා ගැනෙන්නේ මෙම සැලසුම් වඩාත් රුදුරු ආකාරයෙන් ඉස්මත්තට ගැනීම සඳහා ය. එය පිහිටුවා ගැනීම වනාහි, ජනාධිපති ආඥාදායකත්වයක් කරා රාජපක්ෂ යන වේගවත් ගමනේ සන්ධිස්ථානයකි. 

ඇමරිකාවේ මිනියාපොලිස් පොලිසිය විසින් කලු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ් මහ දවල් අමු අමුවේ ඝාතනය කිරීම මගින්, එක්සත් ජනපදය පුරා අවුලුවා ඇති විරෝධතා උද්ඝෝෂනයන්ට, සියලු වාර්ගික විභේදනයන් කපාගෙන, කම්කරුවෝ සහ තරුනයෝ දසදහස් ගනනින් එක් වෙමින් සිටිති. එම විරෝධතා මධ්‍යයේ ඩොනල්ඩ් ට්‍රම්ප්, ජනාධිපති ආඥාදායකත්වයකට පැන ගැනීමේ කුමන්ත්‍රයක් සූදානම් කරමින් සිටී.

ඇමරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප්, ඉන්දියාවේ ⁣නරේන්ද්‍ර මෝදි,  බ්‍රසීලයේ බොල්සනාරෝ, බ්‍රිතාන්‍යයේ ජොන්සන් හෝ ප්‍රන්සයේ මැක්‍රොන් ආදීන්ගේ ආඥාදායක සැලසුම් සමග රාජපක්ෂගේ සැලසුම් ජාත්‍යන්තර සාම්‍යයක් දරයි.


(විමුක්ති විදර්ශන  : උපුටා ගැනීම- wsws.org/si)

[පෙළ අවධාරණය අපෙන් - සංස්කාරක]


සබැඳි පුවත් :

කාර්ය සාධක බලකා යොදා නිදහස් අදහස් මර්දනයට සැරසෙන බවට බියක් !
ජනපති ගෝඨාභයගේ මිලිටරි හා පොලිස් බලකාය ගැසට් කරයි !
නැගෙනහිර පුරාවිද්‍යා උරුමය සොයන්න 'තනි සිංහල' ටාස්ක් ෆොස් එකක්!

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්