leader s

ජනපතිවරයාගේ විදේශ සබඳතා පිළිබඳ අතිරේක ලේකම්, අද්මිරාල් ජයනාත් කොළඹගේ ‘පාත්ෆයින්ඩර්’ (Pathfinder Foundation) සංවිධානයේ

බැරෑරුම් කාර්යක නිරත වන්නෙක් යයි ජාතික නිදහස් පෙරමුණේ නායක ඇමැති විමල් වීරවංශ පවසයි.

මිලින්ද මොරගොඩගේ මැදිහත් වීමෙන් පිහිටුවා ඇති 'පාත්ෆයින්ඩර්' ආයතනය, ඔත්තු සේවා සංවිධානයක් බවත් එය ඔත්තු සේවා ක්‍රියාවලියක් සදහාම බිහි කරන ලද්දක් බවත් ඔහු සදහන් කරයි.

තමන් මේ බව පැවසීමට පැකිලෙන්නේ නැති බවත්, එය කීමෙන් තමන්ට සිදුවන ඕනෑම දේශපාලන අවාසියක් දරා ගැනීමට තමන් සූදානම් බවත් ඇමති විමල් විරවංශ කියා සිටියි.

මෙම සංවිධානය සමග කටයුතු සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති, විශ්‍රාමික ජෙනරාල් ආර්. එම්. දයා රත්නායක හා ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග යන දෙදෙනා සම්බන්ධ වුවද ඔවුන් එතරම් ක්‍රියාකාරී මැදිහත්වීමක් සිදු නොකරන බවද ඇමතිවරයා පවසයි.

ඇමතිවරයා එම කාරණා සඳහන් කර සිටියේ, 'හිරු' රූපවාහිනියේ 'සලකුණ' වැඩසටහනට එක්වෙමිනි.

 

ඉන්දියාවේ ශ්‍රී ලංකා තානාපති පදවිය මිලින්දට !

milinda moragodaඇමති විමල් විරවංශ ඇතුළු ආණ්ඩුවේ කිහිප දෙනෙකු එසේ 'පාත් ෆයින්ඩර්' ආයතනයට හා එහි ප්‍රධානී මිලින්ද මොරගොඩට එරෙහිව දැඩි විවේචනයක් එල්ල කරමින් සිටිය ද ආණ්ඩුවට පක්ෂපාති ඇතැම් සමාජ මාධ්‍ය විසින් අනාවරණය කර ඇත්තේ, මිලින්ද මොරගොඩට ඉන්දියාවේ ශ්‍රී ලංකා තානාපති පදවිය ලබාදෙන ලෙස,  අද්මිරාල් ජයනාත් කොළඹගේ විවිධ පාර්ශව හරහා රජයට බලපෑම් කරමින් සිටින බවයි.

මිලින්ද මොරගොඩ ඉන්දියාව සහ ඇමරිකාවේ උපායමාර්ගික උවමනාවන් ඉතා හොඳින් ඉටු කළ හැකි පුද්ගලයෙකු ලෙස ශ්‍රී ලංකාවේ හිටපු තානාපතිවරයෙකු විසින් ලබාදුන් සහතිකයක් විකිලික්ස් මඟින් අනාවරණය විය.

විමල් විරවංශ අමාත්‍යවරයාගේ මෙහෙයවීම මත පලකරන  lankaleadnews.com වෙබ් අඩවිය පවසන්නේ, ඉන්දියාවේ ශ්‍රී ලංකා තානාපති පදවිය සඳහා මිලින්ද මොරගොඩ පත්කිරීම බොහෝ විට මහ මැතිවරණයට පසු සිදුවීමට ඉඩ ඇති බවයි.

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්