leader s

දේශපාලන පළිගැනීමක් ලෙස වහාම ක්‍රියාත්මක වන පරිදි ලේක්හවුස් මාධ්‍ය ඇකඩමිය වෙත මාරු කර සිටි සිළුමිණ පුවත්පතේ හිටපු නියෝජ්‍ය කර්තෘ සුමුදු චතුරාණි ජයවර්ධන අධිකරණ නියෝගයක් මත යළි එම තනතුරට පත් කර ඇත.


වහාම ක්‍රියාත්මක වන පරිදි සිළුමිණ පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ ලෙස සේවය කළ සුමුදු චතුරාණී ජයවර්ධන 2025 ජනවාරි 03 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි ලේක්හවුස් මාධ්‍ය ඇකඩමිය වෙත මාරු කර තිබිණ. අනතුරුව ඇය, ඉකුත් ජනවාරි 30වන දින ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මානව හිමිකම් නඩුවක් ගොනු කළා ය.

SC/ FR/ 17/2025 නඩු අංකය යටතේ ගොනු කළ මේ නඩුවේ දී වගඋත්තරකාර ලේක්හවුස් ආයතනය පැමිණිලිකාර සුමුදු චතුරාණී ජයවර්ධන සමග සමථයකට එළැඹුමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කරන ලද ඉල්ලීම ප්‍රකාර ව ඇය යළිත් 2025 ජුනි 01 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි සිළුමිණ නියෝජ්‍ය කර්තෘ ධුරයට පත් කළේ ය.

ඊයේ එනම් ජුනි 5වන දින ඇය නැවත සිළුමිණ නියෝජ්‍ය කර්තෘ ධුරයෙහි පත්කිරීම පිළිබඳ ලිපි ලේඛන ලේක්හවුස් ආයතනය විසින් ගරු අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදී. ඒ අනුව සුමුදු චතුරාණී ජයවර්ධන ජුනි 05 වැනිදා සිට යළි සිළුමිණ පුවත්පතේ නියෝජ්‍ය කර්තෘවරිය ලෙස වැඩ බාර ගත්තා ය.

පැමිණිලිකාර පාර්ශ්වය වෙනුවෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස්, ජ්‍යෙෂ්ඨ නීතිඥ සුදර්ශන ගුණවර්ධන සහ නීතිඥ සරින්ද ජයවර්ධන පෙනී සිටියහ.

මෙය මාධ්‍ය නිදහස සහ මානව අයිතිවාසිකම් පිළිබඳ පූර්වාදර්ශ නඩුවක් ලෙස ඉතිහාස ගතවනු ඇත.

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්