ජනාධිපති ගෝඨාභයගේ බාල සොයුරිය වන ගාන්දිනි ගේ පුත්‍රයා වන නිපුන රණවක මෙවර මහ මැතිවරණයෙදී මාතර දිස්ත්‍රීක්කයට ඉදිරිපත්ව සිටින අතර මනාප වලින් ඔහුව අංක එකට ගෙන ඒමේ රාජපක්ෂ ව්‍යාපෘතිය

දිරිගැන්වීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුව) ප්‍රධාන ලේකම් නීතිඥ සාගර කාරියවසම් ඇතුළු පිරිසක් පසුගිය සති අන්තයේදී මාතර ගොස් ඇත.

රේණුක පෙරේරා සහ ජයන්ත කැටගොඩ ඇතුළු බැසිල් රාජපක්ෂගේ සමීපතම නිලධාරීන් පිරිසක් ද එම සංචාරයට එක්ව ඇත. මාතර දිස්ත්‍රීක්කයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් හා ක්‍රියාකාරීන් පිරිස් හමුවෙමින් ඔවුන් පවසා ඇත්තේ නිපුන රණවක මනාප වලින් අංක එකට ගෙන ඒමට කටයුතු කරන ලෙසයි.

මේ සම්බන්ධයෙන් theleader.lk කළ විමසීමක දී ජයන්ත කැටගොඩ හිටපු මන්ත්‍රීවරයා පැවසුයේ,  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් ප්‍රගතිය විමසා බැලීම සඳහා පසුගිය සති අන්තයේ මාතර හා හම්බන්තොට දිස්ත්‍රීක්කයන්හි සංචාරයක් කළ ද නිපුන රණවක මනාප වලින් එකට ගෙන එන්නැයි ඉල්ලීමක් නොකළ බවයි. ''අපි කිව්වේ පොහොට්ටුව දිනවන්න කියල. ඕන කෙනෙකුට මනාපය දෙන්න කියලයි අපි කිව්වේ. '' ඔහු වැඩිදුරටත් කියා සිටියේය.


මියගිය නැගෙනියට උපහාර පිණිස..  

කෙසේවුවද මාතරින් ලැබෙන තොරතුරු වලින් වාර්තා වන්නේ නිපුන රණවක මාතර දිස්ත්‍රීක්කයෙන් අංක එකට ගෙන ඒම සඳහා ජනපති - අගමැති ප්‍රමුඛ රාජපක්ෂ පවුල විසින් දැවැන්ත මෙහෙයුමක් ආරම්බ කර ඇති බවයි.

ජනාධිපති ගෝඨාභයගේ බාල සොයුරිය වන ගාන්දිනි ගේ පුත්‍රයා වන නිපුන රණවක මෙවර මහ මැතිවරණයෙදී 'පොහොට්ටු' පක්ෂයෙන්  මාතර දිස්ත්‍රීක්කයට ඉදිරිපත්ව සිටින අතර මනාප වලින් ඔහුව අංක එකට ගෙන එමින් මියගිය ගන්දිනිට උපහාර දැක්වීමට ජනාධිපතිවරයා හා අගමැති ප්‍රමුඛ රාජපක්ෂ පවුල ඒකමතික තීන්දුවක් ගෙන ඇත.

රාජපක්ෂ පවුල විසින් එහි මුලික වගකීම පවරා ඇත්තේ, බැසිල් රාජපක්ෂ වෙතය.  ඒ අනුව, ඔහුගේ ප්‍රධානම ක්‍රියාකාරී සංවිධායකයා වන ජවිපෙ හිටපු මන්ත්‍රී සිරිපාල අමරසිංහ ජාතික මැතිවරණ ව්‍යාපාරයෙන් මුදාහැර නිපුන රණවකගේ මැතිවරණ ව්‍යාපාරයට පුර්ණ කාලීනව අනුයුක්ත කර ඇත. 

මියගිය ගාන්දිනි මහත්මිය වෙනුවෙන් දැවැන්ත දානමය පින්කමක් සංවිධානය කිරීමට ද රාජපක්ෂ පවුල මේවනවිට තීරණය කර ඇතැයි ද වාර්තාවේ.

සබැඳි පුවත් :

ලේ ඥාති නිපුන මාතරින් අංක එකට ගෙන්න රාජපක්ෂවරුන්ගෙන් දැවැන්ත මෙහෙයුමක් : ගම්පහ අමරේ මාතරට යවලා!

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්