leader s

දකුණේ ධීවරයන් උතුරු මුහුදේ සිදු කරන මසුන් මැරීම නතර කරන ලෙස බල කරමින් යාපනයේදී විරෝධතාවයක් පවත්වා තිබේ.

වඩමාරච්චි නැගෙනහිර මරදන්කේනී ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිටදී ජුනි 15 සදුදා පැවැති විරෝධතාවය සංවිධානය කර ඇත්තේ දෙමළ ජාතික ජනතා පෙරමුණ විසිනි.

එම පෙරමුණේ නායක ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්ගේ ප්‍රධානත්වයෙන් පැවැති විරෝධතාවය සදහා ප්‍රදේශයේ ධීවරයන් ද එක්ව සිටි බව උතුරේ  වාර්තාකරුවෝ පවසති.

විරෝධතාවය අතරතුරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් දෙමළ ජාතික ජනතා පෙරමුණේ ලේකම් සෙල්වරාසා ගජේන්ද්‍රන් චෝදනා කර සිටියේ දකුණේ ධීවරයන් උතුරු මුහුදේ සිදු කරන මසුන් මැරීම සදහා ආණ්ඩුව සහ නාවික හමුදාව සහාය ලබා දෙන බවයි.

ඒ සම්බන්ධයෙන් පොලීසිය සහ නාවික හමුදාව දැනුවත් කළත් මේ දක්වාම එය වළක්වාලීමට කටයුතු කර නැති බව සෙල්වරාසා ගජේන්ද්‍රන්  සදහන් කර තිබේ.

දකුණේ ධීවරයන් උතුරු මුහුදේ මසුන් මැරීම හේතුවෙන් වඩමාරච්චි නැගෙනහිර ධීවරයන්ට සිය ජීවන උපාය නැතිව තිබෙන බව පෙන්වා දී ඇති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී  සෙල්වරාසා ගජේන්ද්‍රන් එහිදී වැඩි දුරටත් සදහන් කර ඇත්තේ  වසර දහයකට අධික කාලයක් තිස්සේ උතුරේ ධිවරයන් මෙම තත්වයට මුහුණ පා සිටින බවයි.

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්