හිටපු බුද්ධි අධ්‍යක්ෂකවරයෙකු පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ  කොමිසම හමුවේ ජුනි 22දා සාක්ෂි දෙමින්

තමා සම්බන්ධයෙන් සිදුකළා යයි කියන ප්‍රකාශය මුළුමනින්ම සාවද්‍ය බැවින්, ඒ පිළිබඳව සත්‍ය කරුණු ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ඉල්ලා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදින් සොහොයුරු වන රිෆ්කාන් බදියුදින් (Rifkhan Bathiudeen) නීතිඥයකු මාර්ගයෙන් කොමිසමෙන් ඉල්ලීමක් සිදුකර ඇත.

උතුරු පළාත් සභා හිටපු මන්ත්‍රී රිෆ්කාන් බදියුදීන් වෙනුවෙන් එම ලිඛිත දැනුම්දීම සිදුකර ඇත්තේ ඔහුගේ  නීතිඥ ශහ ෂම්ස් ( Shaha Shums ) විසින් ය.

මාධ්‍ය වාර්තා කළ  ආකාරයට හිටපු බුද්ධි අංශ අධ්‍යක්ෂවරයෙකු  2020 ජුනි 22 වනදා  අදාළ කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් පවසා ඇත්තේ, 2017 වර්ෂයේ මාර්තු මස කාන්තන්කුඩි අල්ලියාර් මංසන්ධියේ ඇතිවු ගැටුමකින් අනතුරුව සහරාන් හෂිම් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර තිබියදි, 2018 දෙසැම්බර් මාසයට පෙර දිනයක ඔහුට බෝට්ටුවකින් ඉන්දියාවට පළා යාමට උපකාර කර ඇත්තේ, හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාගේ සහෝදරයකු වන උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී රිෆ්කාන් බදියුදීන් විසිනි.

මෙහිදී රිෆ්කාන් බදියුදීන් වෙනුවෙන් ඔහුගේ නීතිඥයා ජනාධිපති කොමිසම වෙත යොමුකළ ලිඛිත ඉල්ලීමේ සඳහන් කර ඇත්තේ, අදාළ කරුණ සම්බන්ධව විශාල මාධ්‍ය ප්‍රචාරයක් ලැබුණු සිදුවීමක් බැවින් එහි ජාතික වැදගත්කම සලකා එළැඹෙන සතිය තුළ මෙම කරුණු දැක්වීමේ අවස්ථාව ලබාදෙන ලෙසයි.

එසේම හිටපු පළාත් සභා මන්ත්‍රීවරයකු ලෙස අදාළ ප්‍රකාශය හේතුවෙන් තම සේවාදායකයාගේ කීර්ති නාමයට බරපතළ කැළලක් සිදුව ඇති බවත් අදාළ ලිපියේ වැඩිදුරටත් පෙන්වාදී  ඇත.

එමෙන්ම  ජනාධිපති විමර්ශන කොමිසමකට අදාළ නීති අනපණත් ප්‍රකාරව අදාළ කරුණු දැක්වීම සිදුකිරිමට තම සේවාදායකයාට  අයිතියක් ඇති බවත් නීතිඥවරයා විසින් ජනාධිපති කොමිසම වෙත යොමුකළ එම ලිපියේ අවධාරණය කර තිබේ.

අදාළ සම්පූර්ණ ලිපිය පහත දැක්වෙයි.

 

 

රිෂාඩ් බතියුර්දින්ට මඩ ගසමින් සිංහල අන්තවාදීන් පිනවීම :

ආණ්ඩුව මෙම මැතිවරණය සමයේදී, ඊනියා ජනාධිපති විමර්ශන කොමිෂන් සභා ක්‍රියාමාර්ග හරහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට (පොහොට්ටුව) වාසිදායක දේශපාලන පරිසරයක් සකස්කර ගැනීම සඳහා විපක්ෂයට එරෙහි 'වොයිස් කට්' මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇතැයි 'සමගි ජන බලවේගය' විසින් ඊයේ දිනයේ (ජුනි 25) මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණිලි කරනු ලැබිය.  

'සමගි ජන බලවේගය' වෙනුවෙන් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා හමුවේ ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වුයේ නීතිඥ සුජීව සේනසිංහ හා නීතිඥ ශ්‍රිරාල් ලක්තිලක විසිනි.

මෙම කරුණු දැක්වීමෙන් අනතුරුව මැතිවරණ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිටදී මාධ්‍යවේදීන් හමුවේ අදහස් දැක්වූ නීතිඥ ශිරාල් ලක්තිලක පැවසුයේ, තම පක්ෂය ඉදිරිපත්කල කරුණු මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ද පිළිගත් බවයි.

 

මැතිවරණය ඉලක්ක කර ගත් මඩ මෙහෙයුමක් !

'සමගි ජන බලවේගයෙන්' මෙවර මහ මැතිවරණයට ඉදිරිපත්ව සිටින හිටපු අමාත්‍ය රිෂාඩ් බතියුර්දින් සම්බන්ධයෙන් ආණ්ඩුව අනුගමනය කරන ද්වේශ සහගත 'වොයිස්කට්'  මෙහෙයුම මැතිවරණය ඉලක්ක කර ගනිමින් සිදුකරන්නක් බව ද ශිරාල් ලක්තිලක මාධ්‍යවේදීන් හමුවේ පැවසිය.

ඒ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දැක්වූ නීතිඥ ශිරාල් ලක්තිලක පැවසුයේ, අපරාධ නඩු විභාග සංග්‍රහයට අනුව අදාල බුද්ධි අංශ නිලධාරියා මහේස්ත්‍රාත්වරයකු ඉදිරියේ කරුණු වාර්තා කිරීමකින් තොරව එකවරම කොමිසම් හමුවේ මෙසේ කරුණු දැක්වීම කිසිඳු ලෙසකින් පිළිගත නොහැකි කාරණයක් බවයි.

ජනාධිපති කොමිසම හමුවේ මෙසේ ලබාදෙන සාක්ෂි, හරස් ප්‍රශ්න කිරීමකින් තොරව නීතිය ඉදිරියේ පිළිගැනීමකට ලක්නොවන බව පැවසු ශිරාල් ලක්තිලක, එවැනි සාක්ෂිවල වැදගත්කම සලකා බලා නඩු පැවරිය යුතුද නැද්ද තීන්දු කරන්නේ නීතිපති දෙපාර්තමේන්තු විසින් බව අවධාරණය කර සිටියේය.

 

සබැඳි පුවත් :

මහ ඡන්දය : ''ආණ්ඩුව, ඊනියා ජනාධිපති කොමිෂන් සභා හරහා 'වොයිස් කට්' මෙහෙයුමක'' 

''අද දෙරණ පුවත අසත්‍යයක්'' - රිෂාඩ් බදියුදීන්ගේ සොයුරු රිෆ්කාන් ජනාධිපති කොමිසමෙන් අවස්ථාවක් ඉල්ලයි 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්