The Leader News
BREAKING
Top Ad
පුවත්

ඩොලරයේ විකුණුම් මිල අද රු. 342 ඉක්මවයි ! - 'රුපියල 4.8% කින් අවප්‍රමාණය වෙලා' - නියෝජ්‍ය මුදල් ඇමති

T

The Leader Desk

May 20, 2026 • 6:33 AM

ඩොලරයේ විකුණුම් මිල අද රු. 342 ඉක්මවයි ! - 'රුපියල 4.8% කින් අවප්‍රමාණය වෙලා' - නියෝජ්‍ය මුදල් ඇමති

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ අනුව, මහ බැංකුව විසින් අද (20) නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික නිවේදනය අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 332.08ක් ලෙස සටහන් වී ඇති අතර විකුණුම් මිල ලෙස රුපියල් 342.70ක් ලෙස සටහන් වී ඇත.
  • ඊයේ (19) දින එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 328.23ක් ලෙස සටහන් වී තිබූ අතර විකුණුම් මිල ලෙස රුපියල් 338.07ක් ලෙස සටහන් වී තිබුණි.
  • මේ අතර අද දිනයේ රාජ්‍ය බැංකුවක අමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල රුපියල් 345.20ක් ලෙස සටහන් ව තිබේ.
  • එහි ගැණුම් මිල ලෙස දැක්වුණේ 335.65ක් ලෙසය.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ අනුව, මහ බැංකුව විසින් අද (20) නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික නිවේදනය අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 332.08ක් ලෙස සටහන් වී ඇති අතර විකුණුම් මිල ලෙස රුපියල් 342.70ක් ලෙස සටහන් වී ඇත.

ඊයේ (19) දින එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 328.23ක් ලෙස සටහන් වී තිබූ අතර විකුණුම් මිල ලෙස රුපියල් 338.07ක් ලෙස සටහන් වී තිබුණි.

මේ අතර අද දිනයේ රාජ්‍ය බැංකුවක අමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල රුපියල් 345.20ක් ලෙස සටහන් ව තිබේ.

එහි ගැණුම් මිල ලෙස දැක්වුණේ 335.65ක් ලෙසය.

 

ශ්‍රී ලංකා රුපියල ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව කැපී පෙනෙන ලෙස තවදුරටත් අවප්‍රමාණය වෙමින් (Depreciation) පවතින අතර ගත වූ සති කිහිපය තුළදී රුපියලට සාපේක්ෂව ඇමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී.

 

මහ බැංකු නිල අනුපාත සහ රාජ්‍ය බැංකු අනුපාත සංසන්දනය කිරීමෙන් මෙරට මූල්‍ය වෙළඳපොළේ පවතින තත්ත්වය මෙසේ වටහා ගත හැකියි:

ඇමෙරිකානු ඩොලරයේ අගය ඉහළ ගිය අයුරු

මෙම වසරේ ආරම්භයේ දී ශ්‍රී ලංකා රුපියලට සාපෙක්ෂව ඇමෙරිකානු ඩොලරයේ අගය රුපියල් 309.98ක් ලෙස සටහන්ව තිබිණි.

කෙසේ වුවද ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්ත වලට අනුව රුපියලට සාපේක්ෂව ඇමෙරිකානු ඩොලරයේ අගය ක්‍රමයෙන් ඉහළ යෑම පසුගිය මාර්තු මස 03 වනදා සිට ආරම්භ වී ඇති අයුරු නිරීක්ෂණය වේ.

මාර්තු මාසයේ පළමු සතියේදී ඇමෙරිකානු ඩොලරයේ අගය ක්‍රමයෙන් ඉහළ යාම ආරම්භ වූ අතර එහිදී ඩොලරයේ අගය රුපියල් 310.29ක් ලෙස සටහන්ව තිබිණි.

පෙබරවාරි මස 28 වනදා ඇමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එරෙහිව යුද මෙහෙයුම් ආරම්භ කර තිබිණි. එම කාලසීමාව තුළ විනිමය අනුපාත අගයන් ක්‍රමයෙන් ඉහළ යමින් තිබු අතර මාර්තු මාසය අවසානය වන විට ඇමෙරිකානු ඩොලරයක් රුපියල් 315.19ක් දක්වා ඉහළ ගොස් තිබිණි.

අප්‍රේල් මාසය අවසානය වන විට ඇමෙරිකානු ඩොලරයක් රුපියල් 319.34ක් ලෙස පැවති බව ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා මගින් නිරීක්ෂණය වේ.

කෙසේ වුවද (මැයි 19 වැනිදා) ඇමෙරිකානු ඩොලරයක් රුපියල් 338.07ක් ලෙස පැවති අතර මෙරට ඇතැම් වාණිජ බැංකුවල ඇමෙරිකානු ඩොලරයේ විකුණුම් අගය රුපියල් 339.50ක් ලෙස සටහන් විය.

'රුපියල 4.8% කින් අවප්‍රමාණය වෙලා' - නියෝජ්‍ය මුදල් ඇමති


මේ අතර නියෝජ්‍ය මුදල් අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් කියා සිටියේ ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 4.8% කින් අවප්‍රමාණය වී ඇති බවයි.

"විශේෂයෙන් 2026 වසර තුළදී නැගී එන පීඩනය සහ ඉහළ යන ගෝලීය අවිනිශ්චිතතා හේතුවෙන් ඇමෙරිකානු ඩොලරය සහ වෙනත් විදේශ මුදල් ඒකකවලට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීමේ පීඩනයක් නිර්මාණය වෙලා තියෙනවා. මේ අවුරුද්දේ ආරම්භයේ සිටම අඛණ්ඩව මාස දෙකක් තුළදී මාසිකව අති ප්‍රමාණය වූ ශ්‍රී ලංකා රුපියල මැදපෙරදිග ගැටුම් ආරම්භ වීමෙන් පසුව විදේශීය අංශයේ නැගී එන පීඩනයන් නිසා ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව 4.8% කින් අවප්‍රමාණය වෙලා තියෙනවා.

කලාපයේ අනිත් රටවල මුදල් ඒකක ඊටත් වඩා අවප්‍රමාණය වෙලා තියෙනවා. මේ යුද තත්ත්වය තුළදී අත්පත් කරගත්තු තත්ත්වයේදී අනිකුත් විදේශ මුදල් ඒකකයන්ට සාපේක්ෂව ඩොලරය අධි ප්‍රමාණය වෙලා තියෙනවා. ඒ නිසයි කලාපයේ අනිකුත් රටවලට සාපේක්ෂව අපේ 4.8%ක අවප්‍රමණයක් තියෙන්නේ. ගෝලීය අවිනිශ්චිතතාවයන් ඉහළ යෑම සහ ජාත්‍යන්තර මූල්‍ය වෙළෙදපල අවදානම් නොගැනීමේ ප්‍රවණතාවය ඉහළ යෑම නිසා මැදපෙරදිග යුද ගැටුම් නිසා ඇමෙරිකානු ඩොලරය ශක්තිමත් වෙලා තියෙනවා.

ගෝලීය බොරතෙල් මිල ඉහළ යෑම නිසා ශ්‍රී ලංකාවට බොරතෙල් සහ ගෑස් ආනයන වියදම් ඉහළ ගිහින් තියෙනවා. ඒ වගේම යුද ගැටුම් හේතුවෙන් සංචාරක කර්මාන්තයට එල්ලවී ඇති බලපෑම හේතුවෙන් මෙරට සංචාරක කර්මාන්තයට ද එය බාධාවක් වී තිබෙනවා." නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ ය.



නියෝජ්‍ය මුදල් අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කල ප්‍රධාන මෙසේ සංක්ෂිප්ත කළ හැකිය:

රුපියල අවප්‍රමාණය වීම සහ ඊට හේතු

රුපියලේ අගය පහත වැටීම:
2026 වසරේ මුල් මාස දෙකේදී ශ්‍රී ලංකා රුපියල අධිප්‍රමාණය වී (ශක්තිමත් වී) තිබුණද, මැදපෙරදිග ගැටුම් ආරම්භ වීමත් සමඟ ඇති වූ විදේශීය අංශයේ පීඩනය නිසා ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල 4.8% කින් අවප්‍රමාණය වී ඇත.

ඩොලරය ශක්තිමත් වීම:
ගෝලීය අවිනිශ්චිතතාවයන් සහ ජාත්‍යන්තර මූල්‍ය වෙළෙඳපොළේ අවදානම් මඟහැරීමේ ප්‍රවණතාව නිසා ලෝක වෙළෙඳපොළේ ඇමෙරිකානු ඩොලරය අධිප්‍රමාණය වී තිබේ.

කලාපීය තත්ත්වය:
ඩොලරය මෙලෙස ශක්තිමත් වීම නිසා කලාපයේ සෙසු රටවල මුදල් ඒකකද අවප්‍රමාණය වී ඇති අතර, ශ්‍රී ලංකාවේ අවප්‍රමාණය වීම පවතින්නේ 4.8% ක මට්ටමකය.

ශ්‍රී ලංකා ආර්ථිකයට සිදුව ඇති බලපෑම

ආනයන වියදම් ඉහළ යෑම:
ගෝලීය වශයෙන් බොරතෙල් මිල ඉහළ යෑම හේතුවෙන් ශ්‍රී ලංකාවට බොරතෙල් සහ ගෑස් ආනයනය සඳහා වැයවන පිරිවැය ඉහළ ගොස් ඇත.

සංචාරක කර්මාන්තයට බාධා පැමිණීම:
මැදපෙරදිග පවතින යුද ගැටුම්කාරී වටපිටාව හේතුවෙන් මෙරට සංචාරක පැමිණීම්වලට සහ සංචාරක කර්මාන්තයේ වර්ධනයට සෘණාත්මක බලපෑම් එල්ල වී තිබේ.

ඉන්දන, වාහන සහ ගල්අඟුරු වැනි මහා පරිමාණ ආනයන කටයුතු නිසා රට තුළ ඇතිවූ ඩොලර් ඉල්ලුම, රුපියල අවප්‍රමාණය වීමට සෘජුවම බලපා ඇති බව ආර්ථික දත්ත මගින් තහවුරු කරයි.

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ඩොලරයේ විකුණුම් මිල අද රු. 342 ඉක්මවයි ! - 'රුපියල 4.8% කින් අවප්‍රමාණය වෙලා' - නියෝජ්‍ය මුදල් ඇමති | The Leader