ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පෙයෝ, MCC ගිවිසුම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදේශ ඇමති දිනේෂ් ගුනවර්ධන සමග ජුනි 29 දා දුරකථන සංවාදයක යෙදුනු බවට මාධ්‍ය වාර්තා පළවෙද්දී, ඊයේ (ජුලි 08) පැවති

මාධ්‍ය හමුවක දී අදහස් දැක්වූ 'පොහොට්ටු' පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ පැවසුයේ, ඇමරිකාවත් එක්ක සෝෆා ගිවිසුම අත්සන් කර ඇතැයි කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන ප්‍රකාශකර ඇත්තනම් එය සත්‍යයක් විය හැකි බවයි.

'පොහොට්ටු' පක්ෂ මුලස්ථානයේ පැවති එම මාධ්‍ය හමුවේ දී බැසිල් රාජපක්ෂ එබව සඳහන් කර සිටියේ, මාධ්‍යවේදියකු කළ විමසීමක දිය. 

''දැන් පසුගිය දිනක කැබිනට් මණ්ඩලයේ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් වාර්තා කළා ඇමරිකාවත් එක්ක සෝෆා ගිවිසුම අත්සන් කරලා කියලා. එය නිවැරදිද?'' එම මාධ්‍යවේදියා විමසා සිටි අවස්ථාවේදී බැසිල් රාජපක්ෂ මෙසේ  පිළිතුරු දුන්නේය.

''එතුමා කිව්වා නම් ඇත්ත විය හැකියි. වැරදි දෙයක් නම් ප්‍රකාශ කරන්නේ නැහැ. වාර්තාවලට අනුව අපිට පෙනුනා කලින් පැවති ආණ්ඩුව විසින් විවිධාකාරයේ ගිවිසුම් හා එකඟත්වයන් ඇති කර තිබෙන බව. රජයේ ජාතික සම්පත් හා අනිකුත් දේපළ වලට පමණක් සීමා නොවී වෙනත් ආකාරයේ ගිවිසුම් පවා අත්සන් කරලා තියෙනවා. ජාත්‍යාන්තර ගිවිසුම් අපිට එකපාරටම හැකියාවක් නැහැ අහෝසි කරන්න. ඒවා යම් යම් ආකාරයට දෙපාර්ශවයටම පිළිගත හැකි ආකාරයට වෙනස් කිරිම තමයි අපි උත්සහ කරන්නේ.'' 
 


ඇමරිකානු රාජ්‍ය ලේකම්ගේ දුරකථන පණිවිඩය !

ජුනි 29 දා ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පෙයෝ, ශ්‍රී ලංකා විදේශ ඇමති දිනේෂ් ගුනවර්ධන සමග දුරකථන සංවාදයක යෙදුනු බවට පලවන වාර්තා සම්බන්ධයෙන් wsws.org වෙබ් අඩවියේ පලවී ඇති ලිපියක සඳහන් වන්නේ, 
එම දුරකථන සංවාදය ප්‍රධාන වශයෙන්ම කොවිඩ්-19 වසංගතය පාලනය කිරීම පිලිබඳ අවධානය යොමුකල බව දෙරටින්ම නිකුත් කල නිල නිවේදන මගින් හුවා දක්වා තිබුනේ, එක්සත් ජනපද ට්‍රම්ප් පරිපාලනයේ ඉහලම නිලධාරියා හදිසියේම ලංකාවේ විදේශ ඇමති ඇමතුවේ ඇයිද යන්න යට ගැසීමට බවයි.

විජිත් සමරසිංහ විසින් සම්පාදනය කර තිබු එම පුවත් විශේෂාංගයේ තවදුරටත් මෙසේද සඳහන් වේ.

''පොම්පෙයෝ, ශ්‍රී ලංකාවට ඇමරිකාවෙන් කොවිඩ්-19 පාලන කටයුතු වලට ඩොලර් මිලියන 6 ක ද්විපාර්ශවික ප්‍රදානයක් ලබාදීමට එකඟ වූ බවත්, ශ්‍රී ලංකාවේ “ස්වෛරීත්වයට හා සංවර්ධනයට ඇමරිකාවේ කැපවීම” සහතික කරමින්,  දෙරට “ප්‍රජතන්ත්‍රවාදය” හා “මානව හිම්කම්” ගරු කිරීම පිලිබඳ පොදු සම්ප්‍රදාය පිලිබදව මෙනෙහි කල බවත් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව උපාසක ලීලාවෙන් නිකුත් කල නිවේදනයේ සඳහන්වේ. 

එලඹෙන ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මැතිවරනය හා MCC ගිවිසුම පිලිබඳ සමාලෝචන වාර්තාව යන කරුනු පිලිබඳව ගුනවර්ධන විසින් පොම්පෙයෝ දැනුවත් කල බවට ලංකා විදේශ අමාත්‍යංශය කියා සිටියි.  

පට්ටපල් බොරුවක්....

දෙරට ම ප්‍රජාතන්ත්‍රවාදය හා මානව හිමිකම් වලට ගරුකරන බව කීම පට්ටපල් බොරුවක් බව නොදන්නා කම්කරුවෙක් හෝ පීඩිතයෙක් නැත. 

පොම්පෙයෝ දුරකථනය අතට ගත්තේ, MCC  ගිවිසුම අත්සන් කරනවාද නැද්ද යන්න ගැන වාචාල කතා ඇදබාමින් මෙරට ආන්ඩු හා විපක්ෂ, මාධ්‍ය ද මෙහෙයවා ගෙන ව්‍යාජ ගාල ගෝට්ටියක් ඇදගෙන සිටි තත්වය තුල කල් නොයවා එය අත්සන් කලයුතු බවට අනතුරු ඇඟවීමට බව නිසැක ය. 

''පොම්පෙයෝ දුරකථනය අතට ගත්තේ, MCC  ගිවිසුම අත්සන් කරනවාද නැද්ද යන්න ගැන වාචාල කතා ඇදබාමින් මෙරට ආන්ඩු හා විපක්ෂ, මාධ්‍ය ද මෙහෙයවා ගෙන ව්‍යාජ ගාල ගෝට්ටියක් ඇදගෙන සිටි තත්වය තුල කල් නොයවා එය අත්සන් කලයුතු බවට අනතුරු ඇඟවීමට බව නිසැක. ''

පසුගිය එක්සත් ජාතික පක්ෂ ආන්ඩුව ජනාධිපති සිරිසේනගේ ද අනුමැතිය ඇතිව ගිවිසුම අත්සන් කිරීමට ඔන්න මෙන්න තිබියදී තාවකාලිකව නතර වූයේ මහජනයා අතර විරෝධය නැගෙන තතු යටතේ ය. 

මෙම ලිපියේ පසුව දක්වා ඇති පරිදි ගිවිසුමේ පිඹුරුපත් හදන අවධියේ ඊට එකඟව සිටි මහින්ද රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරන උද්ඝෝෂනය මධ්‍යයේ ව්‍යාජ අධිරාජ්‍ය විරෝධයක් මවාගෙන MCC ගිවිසුම අත්සන් නොකරන බවක් මවා පෙන්වූයේය. දැන් මහා මැතිවරනය අත ලඟ මෙම අධිරාජ්‍ය ගැති පක්ෂ එම ගෝට්ටිය යලි ඇදගෙන ඇත.  

මැතිවරනය අවසන් වනතෙක් හොරගල් අහුලමින් ....

MCC ගිවිසුම, ශ්‍රී ලංකාව තුල“ප්‍රවාහන යටිතල ව්‍යුහයන් හා ඉඩම් සංවර්ධනය” යන කටයුතු වලට යයි සඳහන් කරමින්, ඇමරිකාවෙන් ලබාදීමට යෝජනා වී ඇති ඩොලර් මිලියන 480ක මුල්‍ය ප්‍රදානයකි. දැවැන්ත ආර්ථික අර්බුදයක හා විදේශ නය ගොන්නක එරී ඇති රාජපක්ෂ ආන්ඩුවට මේ මුල්‍ය ප්‍රදානය ලබාගැනීම අත්‍යවශ්‍යවේ. නමුත්, ආන්ඩුව සිටින්නේ ගිවිසුම අත්සන් කිරීමට අගෝස්තු 5ට යෙදී ඇති පාර්ලිමේන්තු මහා මැතිවරනය අවසන් වනතෙක් හොරගල් අහුලමිනි. 

එක අතකින්, අධිරාජ්‍යවාදී අතපෙවීම් වලට ඇති පොදු මහජන විරෝධයත්, අනික් අතට, මැතිවරන ප්‍රචාරනය තුල රාජපක්ෂගේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුනට (පොහොට්ටුව) මෙන්ම විපක්ෂ කන්ඩායම්ද පදනම් වී ඇති ජාතිකවාදී දක්ෂිනාංශික දේශපාලන උද්ඝෝෂනයත් නිසා, තම අධිරාජ්‍ය ගැති බව වසන් කර ගැනීමට ආන්ඩුව වලිකයි. නමුත් ඉඩ ලද විගසම ගිවිසුම අත්සන් කිරීමට රාජපක්ෂ ගනන්බලමින් සිටී. 

මේ දෙබිඩි පිලිවෙත ප්‍රදර්ශනය කරමින්, “ගිවිසුම එකහෙලා ප්‍රතික්ෂේප නොකරන්නේ ඇයිදැයි” විපක්ෂ කන්ඩායම් අසන ප්‍රශ්නයට, ආන්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක  ඇමති බන්දුල ගුනවර්ධන පිලිතුරු දුන්නේ “විදේශ රටක් සමග අත්සන් කිරීමට ඇති ගිවිසුම් අපට විපක්ෂය කියන නිසා අහක දමන්න බැහැ” යනුවෙනි. 

ගිය සතියේ මාධ්‍ය ඇමතු බන්ධුල ගුනවර්ධන, ජනාධිපති විසින් කරනමක් යෝජනා කල බව කිවේය. එය නම්, සෑම ඇමතියෙක් ම ගිවිසුමට පක්ෂ ද නැද්ද යන්න දැන් විය යුතු බවයි.

කල්මැරීමේ පිලිවෙත පවා ඉවසීමට වොෂින්ටනය සූදානම් නැති බව:

පොම්පෙයෝගේ ආක්‍රමනශීලී දුරකථන ඇමතුමෙන් පෙනී යන්නේ රාජපක්ෂ ආන්ඩුවේ මේ බියගුලු කල්මැරීමේ පිලිවෙත පවා ඉවසීමට වොෂින්ටනය නුසූදානම් බවයි. “ප්‍රජාතන්ත්‍රවාදය” හා “මානව හිමිකම්” රැකීම යන යෙදුම්, තම දුරකථන ඇමතුමේ දී පොම්පෙයෝ යොදාගෙන ඇත්තේ ඍජු අනතුරු ඇඟවීමක් ලෙසය. 

මෙම වචන, තම අධිරාජ්‍යවාදී අවශ්‍යතාවන්ට අනුගත නොවන රටවලට එරෙහිව ගන්නා  ආක්‍රමනශීලී පියවරයන් සාධාරනීකරනය කිරීමට වොෂින්ටනය නිරන්තරයෙන් භාවිතා කරයි. 

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ 2019 නොවැම්බර් මැතිවරනයෙන් ජයගත් විගස ද, පොම්පෙයෝ මෙලෙසම සැඟවුනු තර්ජනයක් සහිත සුබපැතුම් පනිවුඩයක් එවීය.  

Ms R text09.07
යෝජිත ගිවිසුමට MCC ආයතනයේ අවසන් අනුමැතිය ලැබුනේ 2019 අප්‍රේල් මාසයේදී, පසුගිය සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව යටතේ වුවත්, එය තුල පැවති අන්තර් කුලල් කා ගැනීම් නිසා ගිවිසුම අත්සන් කිරිම පමා විය.  

2019 නොවැම්බර්  ජනාධිපතිවරනයේදී, සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුවට මහජනතාව තුල තිබුන දැඩි විරෝධය, ජාතිකවාදී හා වර්ගවාදී සටන්පාට මගින් ගසාකෑමට ගෙනගිය උද්ඝෝෂනයේදී, MCC ගිවිසුමට එරෙහි බොරු විරෝධයක් පෑමට ජනාධිපති රාජපක්ෂගේ ශ්‍රීලපොපෙ ට සිදු විය. 

 ගුනරුවන් කමිටුව :

2020 ජනවාරි මස ගිවිසුම සමාලෝචනය කිරීමට යයි කියා, කොලඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා මහාචාර්ය ලලිතසිරි ගුනරුවන් ඇතුලු රාජපක්ෂ ආන්ඩුවට ගැතිකම් කරන ශාස්ත්‍රාලිකයින් හා වෘත්තියවේදීන් හතර දෙනකුගෙන් සමන්විත කමිටුවක් පත් කෙරිනි. මාස ගනනාවකට පසු මේ  කමිටුව පසුගිය ජුනි 23 දා තම සමාලෝචන වාර්තාව ඉදිරිපත් කලේය. 

වාර්තාව, MCC ගිවිසුමෙන් යෝජිත “සමහර ව්‍යාපෘති අතර” ශ්‍රී ලංකාවේ  “ජාතික, සමාජීය හා ආර්ථික සුබසිද්ධියට” හා “ජාතික අරමුනු, ස්වෛරීත්වය හා ජාතික ආරක්ෂාවට” අගතිකාරී ලෙස “බල පෑ හැකි” කොන්දේසි ඇතුලත් වී “තිබිය හැකිය” යන ඇල්මැරුනු නිගමනය ඉදිරිපත් කල අතර, එය පවතින අයුරින් අත්සන් නොකරන ලෙසද රජයට නිර්දේශ කලේය.  

MCC විදේශ ආධාර ආයතනය:
george bush in 2005 007
MCC විදේශ ආධාර ආයතනය 2004 වසරේදී ජෝජ් බුෂ් පාලනය යටතේ පිහිටවුයේ, ඇමරිකාවේ අධිපතිවාදී පිලිවෙත විදේශ “ත්‍රස්තවාදය වැලැක්වීමේ යුද්ධය” නමින්  නව ඉහලකට ගෙනයමින් තිබු සන්දර්භයක් තුල, එම බලහත්කාරී පිලිවෙතේම ආර්ථික හස්තයක් ලෙසය. 

MCC ප්‍රදානයට සුදුසුකම් ලබන්නේ පහල හා පහල-මධ්‍යම ජාතික ආදායම් සහිත (ඒකපුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 4000ට අඩු) රටවල් වන අතර, එම රටවල් “යහ-පාලිත”  ඒවාද යන ගුනාත්මක නිර්නායකයක්ද තේරීමේදී භාවිත වේ. වෙනත් රටවල “යහ පාලනය”, “මානව හිම්කම වාර්තාව” හා ”නීතියේ ආධිපත්‍ය" ආදී යෙදුම් වලින් වොෂින්ටනය මනින්නේ ඒවා තම අධිරාජ්‍යවාදී අවශ්‍යතාවන්ට කොතරම් අනුකූලද, නැද්ද යන්නයි. 

MCC  ප්‍රදානයන් භාවිත වනුයේ බරපතල ආර්ථික අර්බුද වල ගිලී ඇති දුගී රටවල් තම අනුහස තුල රඳවාගැනීමේ ලීවරයක් ලෙසය. 

විශේෂයෙන්ම ආසියා පැසිෆික් කලාපය තුල MCC ප්‍රදානයන් ලබා ඇති හෝ යෝජිතව ඇති පිලිපීනය, නේපාලය හා ශ්‍රී ලංකාව වැනි රටවල් බොහොමයක්, චීනය ආර්ථිකව හා මිලිටරිමයව කොටුකිරීමට ඇමරිකාව ගෙනයන පිලිවෙතේදී තීරනාත්මක වන රටවල්ය. 

''චීන ආර්ථිකයේ සැපයුම් ජීවනාලිය වන, ඉන්දියානු සාගරය හරහා වැටි ඇති ප්‍රධානතම මුහුදු වෙලඳ මාර්ගයට ආසන්නයේ පවතින ශ්‍රී ලංකාව, චීනය කොටුකිරීමේ පිලිවෙත සඳහා “අත්හල නොහැකි” මධ්‍යස්ථානයක් බව, ඇමරිකානු ඉන්දු-පැසිෆික් බලඇනියේ අනදෙන නිලධාරී අද්මිරාල් ෆිලිප් ඩේවිඩ්සන් ඇතුලු, ඉහල පෙලේ ඇමරිකානු මිලිටරි හා විදේශ පිලිවෙත් මුලෝපයඥයන් ගනනාවක්ම ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇත. ''

චීන ආර්ථිකයේ සැපයුම් ජීවනාලිය වන, ඉන්දියානු සාගරය හරහා වැටි ඇති ප්‍රධානතම මුහුදු වෙලඳ මාර්ගයට ආසන්නයේ පවතින ශ්‍රී ලංකාව, චීනය කොටුකිරීමේ පිලිවෙත සඳහා “අත්හල නොහැකි” මධ්‍යස්ථානයක් බව, ඇමරිකානු ඉන්දු-පැසිෆික් බලඇනියේ අනදෙන නිලධාරී අද්මිරාල් ෆිලිප් ඩේවිඩ්සන් ඇතුලු, ඉහල පෙලේ ඇමරිකානු මිලිටරි හා විදේශ පිලිවෙත් මුලෝපයඥයන් ගනනාවක්ම ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇත. 

MCC  ප්‍රදානය පිලිබඳ මූලික එකඟතාව ඇති වුයේ වර්තමාන අගමැති මහින්ද රාජපක්ෂ ජනාධිපති සිටි 2006 වසරේ අග භාගයේදී බව, විකිලීක්ස් වෙබ් අඩවිය ඇමරිකානු තානාපති කාර්යාලයේ සන්නිවේදන උපුටා දක්වමින් කල හෙලිදරව්වකින් අනාවරනය වී තිබේ. එම්සීසී ගිවිසුම ගැන බොරුවට හඬ තලන  ජනතා විමුක්ති පෙරමුන  (ජවිපෙ) රාජපක්ෂ ඊට පිඹුරුපත් සකසන විට ඔහුගේ ආන්ඩුවට පන්දම් අල්ලමින් සිටියේ ය. 

 ශ්‍රී ලංකාවේ “දුර්වල මානව හිමිකම් වාර්තාව:


නමුත් 2008-2009 කාලයේ ලංකාවේ වර්ගවාදී යුද්ධයේ අවසන් භාගයේදී, රාජපක්ෂ චීනය දෙසට නැඹුරු වීමට ප්‍රතිචාරයක් වශයෙන්, ශ්‍රී ලංකාවේ “දුර්වල මානව හිමිකම් වාර්තාව” පදනම් කරගනිමින්, එය MCC ප්‍රදානය සඳහා “සුදුසුකම් නොලබන රටක්” ලෙස තාවකාලිකව නම් කෙරිනි.

ඇමරිකාව හා චීනය අතර තම විදේශ පිලිවෙත සමබර කිරීමට මහින්ද රාජපක්ෂ ගත් උත්සාහය තවදුරටත් නොඉවසූ වොෂින්ටනය, 2015 ජනවාරි ජනාධිපතිවරනයෙදී, තන්ත්‍ර-මාරු කුමන්ත්‍රනයක් මගින් ඔහු පරදා සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව බලයට ගෙන ආවේය. 

MCC  ප්‍රදානයක් සඳහා ශ්‍රී ලංකාවට යලි සුදුසුකම් ලබා දුන්නේ,  සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව යටතේ ශ්‍රී ලංකාව ඉන්දියානු සාගර කලාපය තුල ඇමරිකානු මිලිටරි හා භූ-මුලෝපායික මෙහෙයුම් වලට වේගයෙන් අන්තර්ග්‍රහනය වෙමින් තිබුනු තතු යටතේය. 

''MCC  ප්‍රදානයක් සඳහා ශ්‍රී ලංකාවට යලි සුදුසුකම් ලබා දුන්නේ,  සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව යටතේ ශ්‍රී ලංකාව ඉන්දියානු සාගර කලාපය තුල ඇමරිකානු මිලිටරි හා භූ-මුලෝපායික මෙහෙයුම් වලට වේගයෙන් අන්තර්ග්‍රහනය වෙමින් තිබුනු තතු යටතේය. ''

මේ කාලය තුල ශ්‍රී ලංකාව ඇමරිකාව සමග පැවති “ඇක්සා” (Acquisition and Cross Servicing Agreement - ACSA) මිලිටරි ගිවිසුම් පුලුල්කර යලි අත්සන් කල අතර, ඇමරිකානු හමුදාවට ශ්‍රී ලංකාව තුල නිර්බාධිතව ක්‍රියාත්මක වීමට හැකිවන සේ “සෝෆා”(State of Forces Agreement - SoFA) ගිවිසුම පුලුල් කිරීමට සාකච්ඡා ආරම්භ කෙරිනි. 2018 අගදී නැගෙනහිර ත්‍රිකුනාමල වරාය ඇමරිකානු නාවික හමුදාව සඳහා “මෙහෙයුම් කේන්ද්‍රයක්” ලෙස භාවිත කිරීමේ ශක්‍යතා අධ්‍යනයක්ද සිදු කෙරිනි.

2019 ජනාධිපතිවරනයෙන් මහින්ද රාජපක්ෂගේ සොහොයුරා වන ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වීම වොෂින්ටනය ඉවසා සිටියේ, පැවති සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුවට එරෙහිව තිබුනු ජනතා විරෝධය වර්ධයනය වී, පාලනය කරගත නොහැකි මහජන නැගිටීමක් බවට පරිවතනය වේය යන උත්සුකය මතය. 

ජනාධිපතිවරනයට පෙර, රාජපක්ෂ වරු දිගින් දිගටම ඇමරිකානු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරින් හා ඉන්දියාවේ මෝදි පාලනය හමුවී තම පක්ෂපාතිත්වය පොරොන්දු වුහ.

''ජනාධිපතිවරනයට පෙර, රාජපක්ෂ වරු දිගින් දිගටම ඇමරිකානු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරින් හා ඉන්දියාවේ මෝදි පාලනය හමුවී තම පක්ෂපාතිත්වය පොරොන්දු වුහ.''

නමුත්, ලෝකය පුරා වර්ධනය වෙමින් ඇති දැවැන්ත ආර්ථික අර්බුදය හා විශේෂයෙන්ම කොවිඩ්-19 වසංගතය මගින් තීව්‍ර කෙරෙමින් ඇති ධනපති රාජ්‍ය පද්ධතියේ අභ්‍යන්තර දේශපාලන අර්බුද, ඇමරිකානු අධිරාජ්‍යවාදය තල්ලු කරමින් ඇත්තේ තවතවත් නොසැලකිලිමත් යුද පිලිවෙතක් දෙසටය. දකුනු ආසියාව, ඇමරිකාවේ මේ මිනීමරු පිලිවෙතේ ප්‍රධානතම ජ්වලන කේන්ද්‍රයකි. 

ලොව තුන්වන හා හතරවන ප්‍රබලතම හමුදාවන් සහිත න්‍යෂ්ටික බලවතුන් දෙදෙනෙකු වන චීනය හා ඉන්දියාව අතර පසුගිය මාසයේ ඇවිලිගිය විනාශකාරී දේශසීමා ගැටුම මේ ආතතීන් හොඳින් විදහා දක්වයි. 

ජුනි මස අග බෙල්ජියමේ පැවතී “බ්‍රසල්ස් ෆෝරම්” රාජ්‍යතාන්ත්‍රික හමුවේදී, පොම්පෙයෝ ම ප්‍රකාශ කර තිබුනේ, “චීනයෙන් ඉන්දියාවට හා දකුනු ආසියාතික කලාපයට එල්ලවී ඇති තර්ජනය පිටුදැකීමට” යුරෝපයේ යොදවා ඇති තම හමුදා කන්ඩායම් කොටසක් ප්‍රති-ස්ථානගත කිරීමට ට්‍රම්ප් පාලනය තීරනය කර ඇති බවයි. 
පුහු ජාතිකවාදී වාගාලාපවලට මුවාවී සිටියත්....

තර්ජනාත්මක දුරකථන ඇමතුම් මගින් වොෂින්ටනය රාජපක්ෂ ආන්ඩුවේ අත අඹරවමින් සිටින්නේ මේ තතු යටතේය. පුහු ජාතිකවාදී වාගාලාපවලට මුවාවී සිටියත්, විටින් විට චීනය ඇතුලු අනෙකුත් බලවතුන් සමග සම්බන්ධතා සමබර කරගැනීමට මාන බැලුවත්, රාජපක්ෂ ආන්ඩුවට වොෂින්ටනයේ අවශ්‍යතාවන් වලට අභියෝග කිරීමේ මොනම පුලුවන් කමක්වත් නැත. 

ආන්ඩුවට මෙන්ම, විපක්ෂ එජාපය හා එයින් බිඳුනු කන්ඩායම්, ජවිපෙ, දෙමල-මුස්ලිම් වර්ගවාදී පක්ෂ හා ව්‍යාජ වම්මුන් ඇතුලු ලංකාවේ සමස්ත ධනපති දේශපාලන සංස්ථාපිතයටම, ඇමරිකාවේ උමතු යුද ධාවනයේ කොටස්කරුවන් වනු හැර අන් දේශපාලන විකල්පයක් නැත. 

කම්කරු පන්තියේ ජාත්‍යන්තර මැදිහත් වීමක් මගින් නතර නොකලහොත්,  වොෂින්ටනයේ මේ පිලිවෙත්, මුලුමහත් කලාපයම ඇදගෙන යනු ඇත්තේ විනාශකාරී යුද්ධයක ගිනිදැල් තුලටයි.


(උපුටා ගැනීම් -wsws.org)

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්