යුද හමුදාව වාඩිලා සිටින උතුරේ දෙමළ ජනයාට අයත් ඉඩම් නිදහස් කරගැනීම සඳහා මැදිහත්වන්නැයි සිවිල් සංවිධානයක් ප්‍රදේශයේ ඉහළම රාජ්‍ය නිලධාරියාගෙන් තිබේ.

 මුලතිව් දිසා ලේකම් කේ. විමලනාදන් වෙත 'සත්‍ය සහ සංහිදියාව සදහා වන සංසදය' ජුලි 7 අගහරුවාදා යොමු කළ සංදේශයක් මගින් පෙන්වා දී ඇත්තේ දෙමළ ජනයාගේ  ඉඩම් නිදහස් කරන බවට යුද හමුදාව විසින්  වසර තුනකට ඉහතදී ලබා දුන් පොරොන්දු මේ තාක් ඉටු වී නොමැති බවයි.

 පුදුකුඩිඉරිප්පුවේ  පිහිටා තිබෙන 68  වැනි ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ පවතින උතුරේ දෙමළ ජනයාට අයත් ඉඩම් අක්කර 10 ක් නිදහස් කරගැනීම සදහා මුලතිව්  දිසා ලේකම්වරයාගේ සහාය පතන එම සංවිධානය පවසන පරිදි පුදුකුඩිඉරිප්පු 7 වන කොටස, ඉරනපාල විදීයේ පිහිටි එම අක්කර 10 ක භුමි ප්‍රමාණය පවුල් 29 ට අයත් ය.

 'සත්‍ය සහ සංහිදියාව සදහා වන සංසදය' සිය සංදේශය මගින් වැඩි දුරටත් අවධාරණය කරන්නේ එම ඉඩම් යුද හමුදාව විසින් මේ දක්වා මුල් පදිංචි කරුවන් සදහා නිදහස් නොකිරීමෙන් සංහිඳියාව සම්බන්ධයෙන් පවතින විශ්වාසය තමන්ට  බිද වැටී ඇති බවයි.

2017 පෙබරවාරි 08 දින ලබා දී ඇති  ලිඛිත පොරොන්දු :

යුද හමුදාව වාඩිලා සිටින තම ඉඩම් නිදහස් කරන ලෙස ඉල්ලා‌ 2017 වසරේදී මුල් පදිංචි කරුවන් විරෝධතා පවත්වද්දී එම ස්ථානයට පැමිනි 68 වැනි ආරක්‍ෂක සේනා මුලස්ථානයේ අණ දෙන නිලධාරියා විසින් මාස තුනක් ඇතුලත එම ඉඩම් නිදහස් කරන බවට පෙබරවාරි 08 දින ලබා දී ඇති  ලිඛිත පොරොන්දු කඩ කර ඇති බවට සත්‍ය සහ සංහිදියාව සදහා වන සංසදය චෝදනා කරති.

 ඔවුන් පෙන්වා දෙන්නේ අදියර තුනක් යටතේ එම ඉඩම් නිදහස් කරන බවට අණ දෙන නිලධාරියා විසින් එම මොහොතේ  සහතික වී ඇති බවයි.

 පළමු අදියර යටතේ පවුල් 20 ට අයත් ඉඩම් අක්කර 7.75 ක භුමි ප්‍රමාණයක් යුද හමුදාව විසින්  නිදහස් කර ඇති අතර ඔහු පොරොන්දු වී ඇත්තේ ඉතිරි අක්කර 10 ක භුමි  ප්‍රමාණය දෙවැනි අදියර ලෙස  මාස තුනකට පසු නිදහස් කරන බවයි.

 එම භුමියේ පවතින යුද හමුදාව විසින් ඉදිකර ඇති ගොඩනැගිලි ඉවත් කිරීම වෙනුවෙන් හමුදා නිලධාරියා  එම කාල සීමාව ඉල්ලා තිබේ.

පොන්නම්බලම් රෝහල මාස 6 ක කාලයකින් පසු නිදහස් කරන බවට...

එමෙන්ම තුන්වැනි අදියර ලෙස පොන්නම්බලම් රෝහල මාස 6 ක කාලයකින් පසු නිදහස් කරන බවට පොරොන්දු ලබා දුනනත් යුද හමුදාව විසින් දෙවැනි සහ තෙවැනි අදියරේදී නිදහස් කරන බවට පොරොන්දු වු ඉඩම් මේ දක්වා නිදහස් කර නොමැති බව 'සත්‍ය සහ සංහිදියාව සදහා වන සංසදය' දිස්ත්‍රික් ලේකම් කේ. විමලනාදන් වෙත පෙන්වා දී තිබේ.

 එවන් පරිසරයක් තුළ ඉඩම් වල මුල් හිමිකරුවන් වන දෙමළ ජනයා අනාථයන් බවට පත්ව සිටින බව අවධාරණය කරන සත්‍ය සහ සංහිදියාව සදහා වන සංසදය රාජ්‍ය බලධරයාගෙන් ඉල්ලා ඇත්තේ යුද හමුදාව සමග සම්බන්ධිකරණයක් ඇති කරගනිමින් දෙමළ ජනයාගේ ඉඩම් ආපසු ලබා දීම වෙනුවෙන් මැදිහත් වන ලෙසයි.

uyathar

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්