ලබන වසරේ සිට රියදුරු බලපත්‍ර සකස් කිරීම ශ්‍රී ලංකා යුධ හමුදාවට පැවැරීමට රජයේ අවධානය යොමුව ඇත. ඒ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ප්‍රවාහන සේවා අමාත්‍යාංශයේදී අමාත්‍ය මහින්ද අමරවීරගේ

ප්‍රධානත්වයෙන් පවත්වා ඇත.

සාමාන්‍යයෙන් රියදුරු බලපත්‍රයක් ලබා ගැනීමේ දී ඒ සඳහා රුපියල් 1,340ක් වැනි මුදලක් ගෙවීමට සිදු වන අතර පුද්ගලික සමාගමක් වෙත පවරා ඇති රියදුරු බලපත් නිකුත් කිරීමේ කොත්‍රාත්තුව හේතුවෙන් මෙරටට හිමි විය යුතු අති විශාල මුදලක් වාර්ෂිකව විදේශයන්ට ඇදී යන බව ද එහිදී සාකච්ඡාවට ලක්ව තිබේ.

ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න එහිදී පවසා ඇත්තේ, ඉතාමත් අඩු මුදලකට රියැදුරු බලපත්‍රය සකස් කිරීමට යුද හමුදාවට හැකි බවයි.

''යුද හමුදාවට කළ නොහැක්කක් නැති බවත් රියැදුරු බලපත් සකස් කිරීමේ කටයුතු ඉටු කිරීමට ශ්‍රී ලංකා යුධ හමුදාව සූදානම් බවත් යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා එහිදී ප්‍රකාශ කළ බව මගී ප්‍රවාහන සේවා කළමණාකරණ අමාත්‍යාංශය සඳහන් කරයි.''

යුද හමුදාවට කළ නොහැක්කක් නැති බවත් රියැදුරු බලපත් සකස් කිරීමේ කටයුතු ඉටු කිරීමට ශ්‍රී ලංකා යුධ හමුදාව සූදානම් බවත් යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා එහිදී ප්‍රකාශ කළ බව මගී ප්‍රවාහන සේවා කළමණාකරණ අමාත්‍යාංශය සඳහන් කරයි.

එම කටයුතු සම්බන්ධීකරණය සඳහා යුධ හමුදාව සහ ආරක්ෂක අමාත්‍යාංශය ඒකාබද්ධ කමිටුවක් පත් කිරීමට ප්‍රවාහන අමාත්‍ය මහින්ද අමරවීර එහිදී පියවර ගෙන ඇත.


(නෙත් නිව්ස්)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්