තමා අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලමින් හිටපු ඇමති රිෂාඩ් බදියුදීන් විසින් ඊයේ (ජුලි 16) දිනයේ දී ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මානව හිමිකම් පෙත්සමක්  ඉදිරිපත්කර ඇත. 

ඒ, සාවද්‍ය චොදනා නගමින් තමාව අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත්කර මහ මැතිවරණයේ දී දේශපාලන වාසි ලබාගැනීමට ආණ්ඩුවේ බලධාරීන්ගේ සැලසුමක් ඇති බව සඳහන් කරමිනි.

රිෂාඩ් බදියුදීන් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යවරයාව සිටිය දී එම අමාත්‍යංශය යටතේ තිබු කාර්මික සංවර්ධන මණ්ඩලය මගින් නිකුත් කළ තඹ හා නිෂ්පාදිත වලින් ලද මුදල් පාස්කු ඉරිදා ප්‍රහාර සඳහා යොදා ගෙන ඇති බවට ආණ්ඩුවට පක්ෂපාති මාධ්‍ය විසින් මේ දිනවල සැලසුම් සහගත ප්‍රචාරයක් දියත්කර ඇත.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමක දී එම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කළ රිෂාඩ් බදියුදීන්, මිට ඉහත දී එම චෝදනා සම්බන්ධයෙන් සිදුකර ඇති විමර්ශන වලින් තමන් එවැනි ගනුදෙනුවලට කිසිඳු ආකාරයකින් සම්බන්ධ නොමැතිබව තහවුරු කර ඇතැයි අවධාරණය කර සිටියේය.

ඒ සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් දැක්වූ රිෂාඩ් බදියුදීන් මෙසේ පැවසිය.

''මා නිර්දෝෂී බව ඔප්පුවෙලා ඉවරයි'' 

'' මෙම චෝදනාව පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේතුවත්, පාර්ලිමේන්තුවේ විශේෂ කමිටුවක් මගිනුත් විමර්ශණ සිදුකළා. එකී විමර්ශනවලදී අමාත්‍යංශ ලේකම්තුමා ඇතුලු අමාත්‍යංශ නිලධාරීන්, කාර්මික සංවර්ධන මණ්ඩලයේ නිලධාරීන් කැඳවා දීර්ඝ වශයෙන් ප්‍රශ්න කළා. විෂයභාර අමාත්‍යවරයා ලෙස මාවද කැඳවා ප්‍රශ්න කළා. සියලු තොරතුරු සටහන් කර ගත්තා.

එසේ සිදුකළ විමර්ශනවලින් පසුව මේ කිසිදු චෝදනාවකට මගේ සම්බන්ධතාවයක් නැති බවට තහවුරු වුනා. දැනට වැඩ බලන පොලිස්පතිතුමා පාර්ලිමේන්තුවේ විශේෂ කමිටුවත් එබව ලිඛිතව දැනුම් දී තිබුනා.

''එසේ සිදුකළ විමර්ශනවලින් පසුව මේ කිසිදු චෝදනාවකට මගේ සම්බන්ධතාවයක් නැති බවට තහවුරු වුනා. දැනට වැඩ බලන පොලිස්පතිතුමා පාර්ලිමේන්තුවේ විශේෂ කමිටුවත් එබව ලිඛිතව දැනුම් දී තිබුනා.''

නැවත මාස 15 කට පසු ... මහ මැතිවරණය කැඳවුවාට පස්සේ, නැවතත් ප්‍රකාශයක් ලබා ගැනීමට පැමිණෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය ජූලි 08 වන දා දුරකථනයෙන් මා වෙත දැනුම් දුන්නා. 

මේ වන විට පාර්ලිමේන්තු මැතිවරණ සඳහා දින නියම කර තියනවා. පක්ෂ නායකයකු ලෙස මම ඒ වෙනුවෙන් දිවා රාත්‍රී නොබලා මැතිවරණ ප්‍රචාරක කටයුතු වල නියැලී සිටිනවා. එත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලැබූ  ඉල්ලීමට ගරු කරමින් පසුගිය 09 වන දින පෙරවරු  10 පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගිහින් රාත්‍රී 8.00 පමණ වන තුරු පැය 10 ක් පමණ ප්‍රකාශ ලබා දුන්නා.

තඹ නිකුත් කර ඇති ආකාරය:

එහිදී කාර්මික සංවර්ධන මණ්ඩලය විසින් තඹ නිකුත් කර ඇති ආකාරය මාස 15 කට පසු නැවත වතාවක් පැහැදිළි කළා. 

කාර්මික සංවර්ධන මණ්ඩලයේ අබලි ලෝහ, කර්මාන්තකරුවන් වෙත ලබා දීමට 2013 වර්ෂයේදී  අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත මාර්ගෝපදේශයක් තිබෙනවා. ඒ අනුව තමයි 2013 සිට අද දක්වාත් කාර්මික සංවර්ධන මණ්ඩලය වෙත රාජ්‍ය ආයතන මගින් ලබා දෙන තඹ ඇතුලු අබලි ලෝහ කර්මාන්තකරුවන් වෙත ලබා දෙන්නේ. එම ක්‍රියා පටිපාටිය මාගේ කාලය තුලදීත් ඒ විදිහටම ක්‍රියාත්මක වුනා. 


Insaf Ahmad text17පාස්කු ඉරිදා සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කළ ඉන්සාෆ් අහමඩ්ට අයිති කොලොසස් සමාගම නමින් තඹ නිෂ්පාදනය කරනු ලබන ආයතනයක්ද අදාල රෙගුලාසි අනුව තඹ ඇතුලු අනෙකුත් අබලි ලෝහ ලබා ගැනීමට කාර්මික සංවර්ධන මණ්ඩලයේ ලියාපදිංචි වී තිබුණා. 

එම සමාගම 2011 වර්ෂයේදී ස්ථාපිත කර තිබුණත් කාර්මික සංවර්ධන මණ්ඩලය වෙත ලියාපදිංචි වී  තිබුනේ 2017 වර්ෂයේදීයි. එසේ ලියාපදිංචි වන විටත් එම සමාගම විසින් තඹ අපනයනය කරමින් පැවති බව පසුව මා දැනගත්තා. 

ශ්‍රී ලංකා රේගුවේ දත්ත අනුව එම සමාගම විසින් 2016 වර්ෂයේදී තඹ මෙට්‍රික් ටොන්  830 ක්, 2017 වර්ෂයේ දී මෙට්‍රික් ටොන් 1150ක් ද  2018 වර්ෂයේදී තඹ මෙට්‍රික් ටොන් 420 ක් වශයෙන් අපනයනය කර තිබූ බව පසුව කරන ලද සොයා බැලීම් මගින් තහවුරු වුනා.

කොලොසස් සමාගම වෙත තඹ නිකුත් කිරීම :

කාර්මික සංවර්ධන මණ්ඩලය මගින් එම සමාගම වෙත තඹ නිකුත් කර ඇත්තේ 2017 වර්ෂයේදී මෙට්‍රික් ටොන්  16.8 ක් හා 2018 වර්ෂයේදී අවස්ථා 04 කදී මෙට්‍රික් ටොන් 100 ක් පමණයි. එම ප්‍රමාණය මගින් 2016 සිට 2019 වර්ෂවලදී ඉහත දක්වා ඇති පරිදි විශාල අපයනයක් සිදු කළ නොහැකි බව කාටත් පෙනෙන කාරණයක්. 

2017 වර්ෂයේදී ඉහත කර්මාන්ත ශාලාව ලියාපදිංචි කරන අවස්ථාවෙදී කාර්මික සංවර්ධන මණ්ඩලයේ නිලධාරීන් විසින් ඉහත කී අබලි ලෝහ නිකුත් කිරීමේ මාර්ගෝපදේශයෙහි සඳහන් ආකාරයට ස්ථානීය පරීක්ෂණයක් සිදුකර තිබෙනවා. 

එහිදී ඔවුන් වාර්තා කර තිබෙනවා ලියාපදිංචිය සඳහා ඉදිරිපත් වන අවස්ථාව වන විටත් කාර්මාන්ත ශාලාව අවට තඹ ඇතුලු අබලි ලෝහ විශාල ප්‍රමාණයක් නිශ්පාදන කටයුතු සඳහා ගබඩා කර ඇති බව. 


''මේ සම්බන්ධයෙන් පසුව කරන ලද සොයා බැලීම්වලදී ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය විසින් මෙට්‍රික් ටොන් 1000ක පමණ භූගත තඹ රැහැන් තොගයක්  කොලොසස් (පුද්ගලික) සමාගම වෙත ලබා දී ඇති බව අනාවරණය වෙලා තිබුනා.''

මේ සම්බන්ධයෙන් පසුව කරන ලද සොයා බැලීම්වලදී ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය විසින් මෙට්‍රික් ටොන් 1000ක පමණ භූගත තඹ රැහැන් තොගයක්  කොලොසස් (පුද්ගලික) සමාගම වෙත ලබා දී ඇති බව අනාවරණය වෙලා තිබුනා.  එසේම සාමාන්‍ය වෙළෙඳපොලින් තවත් විශාල ප්‍රමාණයෙන් තඹ ලබා ගන්නා බව අනාවරණය වෙලා තිබුනා. මේ සම්බන්ධයෙන් මම අපරධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැහැදිළි කිරීම් කළා.


ඡන්ද කටයුතු වලට බාධා කරමින් දිගින් දිගටම රස්තියාදු කිරීම් !

 ඒ සියලු පැහැදිළි කිරීම් වලින් පසුව මා ජූලි මස 09 දින රාත්‍රී 8.00 පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටත් වන අවස්ථාවේදී නැවතත් ප්‍රකාශ ලබා දීමට ජූලි මස 13 වන දින පැමිණෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂණතුමා මා වෙත කියා සිටියා.

 නමුත් එදින මා විසින් මන්නාරම මගේ මැතිවරණ බල ප්‍රදේශයේ මැතිවරණ ප්‍රචාරක කටයුතු රැසක් යොදගෙන තිබුනා. ඒ නිසා නැවතත් ජූලි 14වන දින පෙරවරු 10.00 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන ලෙස දන්වා ඇති බව මන්නාරම පොලිසිය මගින් මට දැනුම් දුන්නා. 

ඒ අනුව මම සියලු මැතිවරණ කටයුතු නවතා ඒ සඳහා කොළඹ බලා එන අතරතුර දී හදිසි අවශ්‍යතාවයක් සඳහා නැවතත් මන්නාරම යාමට සිදුවුනා. 

රිෂාඩ් රෝහල්ගත වේ :

දිගින් දිගටම මැතිවරණ ප්‍රචාරක කටයුතු වල වෙහෙසුන නිසා හදිසියේම ඇතිවූ අසනීප තත්වයක් නිසා මට රෝහල්ගත වීමට සිදු වුනා.  ඒ බව මම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත  දැනුම් දුන්නා.

මැතිවරණ ප්‍රචාරක කටයුතු අතරේ මේ විදියට ප්‍රකාශ ලබා දීමට කැඳවීමෙන් පිළිගත් පක්ෂයක් වන මාගේ පක්ෂයේ ප්‍රචාරණ කටයුතු වලට බාධා වෙන බැවින් මැතිවරණ කටයුතු වලින් පසුව ප්‍රකාශ ලබා ගන්නා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත දන්වන ලෙස මැතිවරණ කොමිෂන් සභාවටත්, පොලිස්පතිතුමාටත් මම ලිඛිත ඉල්ලීම් කළා.

මැතිවරණයක් ප්‍රකාශ කර ඇති අවස්ථාවක ප්‍රකාශ ලබා ගැනීමට යයි කියමින් නිතර නිතර කැඳවා අපහසුතාවයට පත්කිරීම පිළිබඳවත්,  ප්‍රධාන දේශපාලන පක්ෂයක ඡන්ද අපේක්ෂකයෙකු වන මා සම්බන්ධයෙන් වැරදි තොරතුරු මවා පාමින් මා අත්අඩංගුවට ගැනීමට දරන සූදානම පිළිබඳවත් ඊයේ දින ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනු කරනු ලැබුවා.

 එම පෙත්සම හා ලියවිලි අද දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කරනු ලැබුවා.''

ජනාධිපති කාර්යාලයේ නිලධාරීන් ගැන CID නිහඬයි !

පාස්කු ඉරිදා සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කළ ඉන්සාෆ් අහමඩ්ට අයිති කොලොසස් (පුද්ගලික) වෙත ජනාධිපති කාර්යාලයේ හා ආරක්ෂක අමාත්‍යංශයේ නිලධාරීන් ගෙන් මෙන්ම ශ්‍රී ලංකා
ටෙලිකොම් සමාගම ඇතුළු රජයේ ආයතන කිහිපයක විශේෂ අනුග්‍රහයක් ලැබී ඇද්දැයි බරපතල සැකයක් මතුව ඇත.

 බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙක් වන සමස්ත ලංකා මක්කල් කොන්ග්‍රස් පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක, එම්.ජේ.එම්. ෆායිස් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ, නියෝජ්‍ය පොලිස්පති, නුවන් වෙදසිංහ වෙත ලිපියක් යොමුකරමින් පසුගියදා ඉල්ලා සිටියේ, කොලොසස් (පුද්ගලික) සමාගමට වැඩි වැදගත්කමක් ලබා දී ඇති ශ්‍රී ලංකා ටෙලිකොම් ඇතුළු රජයේ ආයතන සහ ඉන්සාෆ් අහමඩ් අතර සෘජු හෝ වක්‍ර සම්බන්ධතා තිබුනේ ද යන්නත් එම අරමුදල් ත්‍රස්තවාදය සඳහා යොදා ගත්තේද යන්නත් විමර්ශනය කරන ලෙසයි.

2017.10.27 වන දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සම්බන්ධීකරණ ලේකම් ඒ.එන්.ආර් අමරතුංග විසින්, කොලොසස් (පුද්ගලික) සමාගම විසින් ඒවා තිබු  ලිපියක් ද සහිතව ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වෙත ලිපියක් යොමු කරමින් හිස් පිත්තල පතොරම් කොපු තොගයක් ලබා දීමට කටයුතු කරන ලෙසට දැනුම් දී තිබී ඇත.

ඉන්පසුව මෙම ලිපියට අමතරව, ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (ආරක්ෂක) විසින් 2018.02.05 වැනි දින කොලෝසස් සමාගමේ කළමනාකරු වෙත ලිපියක් යොමු කරමින් පවසා ඇත්තේ, උක්ත කරුණ සම්බන්ධයෙන් තමන්ගේ අවශ්‍යතාවය මත හිස් තඹ පතරොම් කිලෝ 1000ක් කාර්මික සංවර්ධන මණ්ඩලයෙන් ලබා ගන්නා ලෙසයි. 

එපමණක්ද නොව, 2018.06.06 වන දින හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල් ශාන්ත බණ්ඩාර මහතා විසින් කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයාට ලිපියක් යවමින් ඉල්ලා ඇත්තේ, කොලොසස් (පුද්) සමාගම ඉල්ලුම් කර ඇති අබලි තඹ මෙට්‍රික් ටොන් 500 ක් ලබාදීමට අවශ්‍ය කටයුතු කර දෙන ලෙසයි. 

එසේම එම ලිපියේ සදහන් කර තිබුනේ කොලොසස් (පුද්ගලික) සමාගම විසින් කරගෙන යනු ලබන කර්මාන්ත වැඩිදියුණු කිරීම සදහා අතිගරු ජනාධිපතිතුමන් වෙතින් සහාය දෙන ලෙස ඉල්ලීමක්ද කර ඇත.


සබැඳි පුවත් :

සිනමන් ග්‍රෑන්ඩ් බෝම්බකරු හා ශ්‍රී ලංකා ටෙලිකොම් අතර ගනුදෙනු සොයන්නැයි ඉල්ලීමක්!


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්