The Leader News
BREAKING
Top Ad
පුවත්

කෑගල්ලෙන් 36%ක නායයෑම් අවදානමක්

T

The Leader Desk

May 22, 2026 • 4:39 AM

කෑගල්ලෙන් 36%ක නායයෑම් අවදානමක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අරණායක, බුලත්කොහුපිටිය, යටියන්තොට, දරණියගල සහ දෙහිඕවිට ප්‍රදේශවල කොටස් දැඩි අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇති අතර, මිලිමීටර් 75ට වැඩි වර්ෂාපතනයක් ඇතිවුවහොත් ජනතාව ඉවත් කිරීමට අදාළ ප්‍රාදේශීය ලේකම්වරුන් දැනුවත් කර ඇත.
  • ඉදිරියේදී සක්‍රිය වීමට නියමිත නිරිතදිග මෝසම් තත්ත්වයට පෙර සූදානම් වීමේ අරමුණින් විශේෂ ආපදා කළමනාකරණ කමිටු රැස්වීමක් ඊයේ (21) කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
  • කෑගල්ල දිස්ත්‍රික්කයේ ගංවතුර අවදානම් ප්‍රදේශ ලෙස රුවන්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී වසම් 15ක්, දෙහිඕවිට ග්‍රාම සේවා වසම් 30ක්, යටියන්තොට ග්‍රාම සේවා වසම් 6ක් සහ බුලත්කොහුපිටිය ග්‍රාම සේවා වසම් 7ක් හඳුනාගෙන ඇත.
  • හදිසි අවස්ථාවල භාවිතය සඳහා මෝටර් බෝට්ටු 6ක් සහ අගුල් 20ක් දිස්ත්‍රික්කය තුළ ස්ථාපිත කර ඇති බව ආපදා කළමනාකරණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ දේශප්‍රිය බණ්ඩාර සඳහන් කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):

අරණායක, බුලත්කොහුපිටිය, යටියන්තොට, දරණියගල සහ දෙහිඕවිට ප්‍රදේශවල කොටස් දැඩි අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇති අතර, මිලිමීටර් 75ට වැඩි වර්ෂාපතනයක් ඇතිවුවහොත් ජනතාව ඉවත් කිරීමට අදාළ ප්‍රාදේශීය ලේකම්වරුන් දැනුවත් කර ඇත.

ඉදිරියේදී සක්‍රිය වීමට නියමිත නිරිතදිග මෝසම් තත්ත්වයට පෙර සූදානම් වීමේ අරමුණින් විශේෂ ආපදා කළමනාකරණ කමිටු රැස්වීමක් ඊයේ (21) කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

 එය කෑගල්ල දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති හා පරිසර අමාත්‍ය , සබරගමුව පළාත් ආණ්ඩුකාර සහ කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කේ.ජී.එස්. නිශාන්තගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ පුරෝකථන අනුව ඉදිරි දින කිහිපයේදී නිරිතදිග මෝසම් වර්ෂාව සක්‍රිය වීම හේතුවෙන් ඇතිවිය හැකි ගංවතුර හා නායයෑම් ඇතුළු ආපදා තත්ත්වයන්ට මුහුණ දීම සඳහා පූර්ව සූදානම් වීම, හදිසි ප්‍රතිචාර යාන්ත්‍රණ ශක්තිමත් කිරීම සහ පසු ආපදා කටයුතු කාර්යක්ෂම කිරීම පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරිණි.

කෑගල්ල දිස්ත්‍රික්කයේ ගංවතුර අවදානම් ප්‍රදේශ ලෙස රුවන්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී වසම් 15ක්, දෙහිඕවිට ග්‍රාම සේවා වසම් 30ක්, යටියන්තොට ග්‍රාම සේවා වසම් 6ක් සහ බුලත්කොහුපිටිය ග්‍රාම සේවා වසම් 7ක් හඳුනාගෙන ඇත.

හදිසි අවස්ථාවල භාවිතය සඳහා මෝටර් බෝට්ටු 6ක් සහ අගුල් 20ක් දිස්ත්‍රික්කය තුළ ස්ථාපිත කර ඇති බව ආපදා කළමනාකරණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ දේශප්‍රිය බණ්ඩාර සඳහන් කළේය.

ගංගා ජල මට්ටම් සම්බන්ධයෙන් නිරන්තර දැනුවත් කිරීම් සිදුකිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇති අතර, එම තොරතුරු irrigation.gov.lk ඔස්සේ ලබාගත හැකි බවද දැනුම් දී ඇත.
 
වහාම ක්‍රියාත්මක විය යුතු ආරක්ෂිත පියවර

රතු නිවේදනයක් ලැබී ඇත්නම්: 
ඔබ සිටින්නේ නායයෑම් අවදානම් කලාපයක නම්, වහාම එම ස්ථානයෙන් ඉවත් වී ආරක්ෂිත ස්ථානයකට හෝ රජය මඟින් සූදානම් කර ඇති සහන කඳවුරක් වෙත ගමන් කරන්න.

කල්තියා සූදානම් වන්න: 
ඔබ සතු ජාතික හැඳුනුම්පත, ඔප්පු, බැංකු පොත් වැනි වටිනා ලියකියවිලි, අත්‍යවශ්‍ය ඖෂධ සහ වියළි ආහාර ස්වල්පයක් ජලයෙන් ආරක්ෂා වන සේ (පොලිතින් බෑගයක බහා) ඔබ සමඟ රැගෙන යාමට සූදානම් කරගන්න.

විදුලිය විසන්ධි කරන්න: 
නිවසින් පිටවීමට පෙර ප්‍රධාන විදුලි ස්විචය (Main Switch) ක්‍රියා විරහිත කිරීමට මතක තබාගන්න.

නායයෑම් පූර්ව ලක්ෂණ පිළිබඳව අවධානයෙන් සිටින්න

නිවස අවට පරිසරයෙන් පහත සඳහන් ලක්ෂණ නිරීක්ෂණය වන්නේ නම්, නිල නිවේදනයක් ලැබෙන තුරු නොසිට වහාම එම ස්ථානයෙන් ඉවත් වන්න.

* පොළොවේ හෝ ගොඩනැගිලි බිත්තිවල හදිසියේ ඇති වන පැලුම් සහ ඒවා ක්‍රමයෙන් පුළුල් වීම.

* ගස්, විදුලි කණු හෝ වැටවල් එක පැත්තකට ඇලවීම.

* පොළොවෙන් හදිසියේම බොරදිය හෝ උල්පත් මතු වීම (පෙර තිබූ උල්පත් එකවරම සිඳී යාම හෝ බොර වීම).

* මහා ගස් බිඳෙන හඬ හෝ පොළොව යටින් එන අසාමාන්‍ය ගෙරවුම් ශබ්ද.

(සටහන | ගිම්හාන් ද සිල්වා) 

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...