leader s

දෙමළ තරුණයන්ට පහර දී මාධ්‍යවේදීන්ගේ වාර්තාකරණයට අවහිර කළ බවට උතුරේ  පොලිස් ස්ථානාධිපතිවරයකුට චෝදනා එල්ල වී තිබේ.

 වව්නියාව, ඉච්චංකුලම් පොලිස් ස්ථානාධිපතිවරයා ජුලි 17 සිකුරාදා එම ප්‍රදේශයේ තරුණයන් දෙදෙනකුට පහර දීමට එරෙහිව පැවති විරෝධතාවයක් වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන්ටත් බාධා පැමිණ වු බව උතුරේ වාර්තාකරුවෝ පවසති.

 වව්නියාව, ඉච්චංකුලම ප්‍රදේශයේ පිහිටි කඩයක් අසල ජුලි 17 සිකුරාදා උදෑසන 11 ට පමන තරුණයන් පිරිසක් රැදී සිට ඇති අතර එම ස්ථානයට පැමිනි ඉච්චංකුලම් පොලිස් ස්ථානාධිපතිවරයා නියෝග කර ඇත්තේ එම තරුණයන්ට එම ස්ථානයෙන් පිටව යන ලෙසයි.
තරුණයන් දෙදෙනකුට පහර දීමක් !

එදිනම හවස් කාලයේ එම තරුණයන් එම කඩයට යාබදව පිහිටි විනායගර් ක්‍රීඩා සමාජයට අයත් ක්‍රීඩාපිටියේ රැදී සිටින විට ඉච්චංකුලම් පොලිස් ස්ථානාධිපතිවරයා පැමින එම ස්ථානයේ රැඳී සිටි තරුණයන් දෙදෙනකුට පහර දී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චාර්ල්ස් නිර්මලනාදන් පවසයි.

 නිරපරාදේ පොලීසිය විසින් තරුණයන්ට පහර දීමට විරෝධය පාමින් ඉච්චංකුලම ග්‍රාමයේ තරුණයන් විසින් තාන්ඩිකුලම් පාලම්පිටි මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණයක් පවත්වා ඇති අතර විරෝධතාවය වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන්ටත් එය වාර්තා කිරීමට නොදී බාධා පැමිනවු බවට උතුරේ මාධ්‍යවේදීහු පොලිසියට චෝදනා කරති.

 පහර දීම තමා අතින් සිදුවු වරදක් බව ඉච්චංකුලම් පොලිස් ස්ථානාධිපතිවරයා විසින් පිළිගන්නා ලදැයි විරෝධතාවය පැවැත්වෙන ස්ථානයට ගිය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චාර්ල්ස් නිර්මලනාදන් මාධ්‍යවේදීන් හා කියා ඇත. 
පොලිස් නිලධාරීන් විසින් දෙන උපදෙස් දෙමළ ජනතාව කරබාගෙන ක්‍රියාත්මක කළ යුතුය යන්නා උතුරේ රාජකාරි වල  නිරතව සිටින සිංහල පොලිස් නිලධාරීන්ගේ  විශ්වාසයයි.
තරුණයන්ට පහර දීම සම්බන්ධයෙන් තමන් ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා දැනුවත් කළ අතර පොලිස් ස්ථානාධිපතිවරයාගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් විමර්ශනයක් කරන බවට නියෝජ්‍ය පොලිස්පතිවරයා පෙරොන්දු වු බවත් චාර්ල්ස් නිර්මලනාදන්  හිටපු මන්ත්‍රීවරයා මාධ්‍යවේදීන්ට පවසා තිබේ.

 ඔහු වැඩි දුරටත් උතුරේ මාධ්‍යවේදීන් හා කියා ඇත්තේ පොලිස් නිලධාරීන් විසින් දෙන උපදෙස් දෙමළ ජනතාව කරබාගෙන ක්‍රියාත්මක කළ යුතුය යන්නා උතුරේ රාජකාරි වල  නිරතව සිටින සිංහල පොලිස් නිලධාරීන්ගේ  විශ්වාසය බවයි.

news 2020.07.20

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්