ප්‍රකට සමාජ මාධ්‍ය ව්‍යාපාරිකයකු වන ඉරාජ් වීරරත්න විසින් මෙවර මහ මැතිවරණයේ දී ජනතා විමුක්ති පෙරමුණ ඉලක්ක කර ගනිමින් නිෂ්පාදනය කරනු ලැබූ නවතම ගීතය එළිදැක්වීම කල්දමා ඇත. 

එම නවතම ගීතය ඊයේ දිනයේ (ජුලි 21) එලි දක්වන බවට ඉරාජ් විසින් පසුගිය දිනවල පුර්ව ප්‍රචාරණ මෙහෙයුමක් ද දියත්කර තිබිණ.

කෙසේවුවද සිය FB පිටුවේ සටහනක් තබමින් ඉරාජ් මෙසේ සඳහන් කර තිබේ.

ගල්කිස්සේ වැලි , කරුනා , බුරියානි කතාව , බුවනෙකබාහු රාජ සභාව ඩෝසර් කිරීමේ සිද්ධිය සහ තවත් රටේ ආන්දෝලනාත්මක සිදුවීම් වලට ජනතාවගෙන් ඇතිවූ දැඩි විරෝධය නිසා 3% Music Video එක මේ වෙලාවේ Release කරන්න සුදුසු නැහැ කියලා තීරනය කරා ? අපරාදේ මේ පාර ගවුමක් නොවේ බිකිනියක් ඇන්දේ ?
මොනවා වුනත් රට සිංගප්පූරුවක් කරන්න JVP එක තමයි මේ රටේ එකම විකල්පය.
වෙන එකක් තව මාසයකින් දෙන්නම්...
ස්තූතිය 3% Audio Track එක Trending ගෙනාපු හැමෝටම ?
#3% #2030
Screen Shot 2020 07 22 at 8.40.31 AM

මේ අතර ජවිපෙ අභ්‍යන්තර ආරංචිමාර්ග වලින් වාර්තා වුයේ ඉරාජ් ගේ මෙම වීඩියෝව එළිදැක්වූයේ නම්, ඒ සමගම එයට පුළුල් ප්‍රචාරයක් ලබාදෙමින් මෙවර මැතිවරණයේදී උපරිම වාසියක් ලබාගැනීමට එම පක්ෂයේ කලා සන්ධානයේ තරුණ තරුණියන් පුර්ව සුදානමකින් සිට ඇති බවයි.

ජවිපෙ නායකයින් මිට ඉහත දී ඉරාජ් වීරරත්න විවේචනයට ලක් කරමින් සිටී නමුත්, එම පක්ෂයට හිතවත් බාහිර පාර්ශවයන් විසින් පෙන්වා දී ඇත්තේ, ඉරාජ් ගේ විවේචනය මෙවර මහ මැතිවරණයේදී ජවිපෙ වෙත ආකර්ෂණය නොවූ තරුණ කොටස් වෙත ළඟාවීමේ අවස්ථාවක් ලෙස යොදා ගැනීම වැදගත් බවයි.

පසුගියදා පැවති මාධ්‍ය හමුවක දී අදහස් දැක්වූ ජවිපෙ දේශපාලන මණ්ඩල සාමාජික බිමල් රත්නායක කියා සිටියේ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ඔවුනට සිදුකරන අවලාද හා අපහාස ජවිපෙට අලුත් දෙයක් නොවන බවයි.

logo

 Apekshakaya

subscribeYT

Cyber Window

නවතම පුවත්