leader s

චෙන්ග්ඩු හි පිහිටි ඇමෙරිකානු කොන්සල් ජෙනරල් කාර්යාලය

ඇමෙරිකාව හා චීනය අතර අලුතින් පැන නැගුනු එකට එක කිරීමේ තත්ත්වය උත්සන්න කරමින් නිරිත දිග චීනයේ චෙන්ග්ඩු (Chengdu) නගරයේ පිහිටි ඇමෙරිකානු කොන්සල් කාර්යාලය වසා දැමීමට චීනය නියෝග කළේය.

චීනය මෙම පියවරට එළැඹුණේ ඇමෙරිකාවේ හියුස්ටන් හි පිහිටි චීන කොන්සල් කාර්යාලය වසා දමන ලෙස ඇමෙරිකාව නියෝග කර දින කිහිපයක් ඉකුත්ව යද්දීය. එම පියවර චීනය විසින් හඳුන්වා දෙනු ලැබුවේ "දේශපාලන කුපිත කිරීමක්" ලෙසිනි.

චීනය විසින් බුද්ධිමය දේපළ "සොරාගනු ලැබීම" හේතුවෙන් මෙම තීරණයට එළැඹුණු බව ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ පැවසීය.

 113605646 chengdu.png                                        චෙන්ග්ඩු

ගැටලු කිහිපයක් මත ඇමෙරිකාව හා චීනය අතර උණුසුම් තත්ත්වයක් උත්සන්න වෙමින් පවතී.

සිය තීරණය පිළිබඳ නිවේදනයක් නිකුත් කළ චීන විදේශ අමාත්‍යාංශය පැවසුවේ, එය "නීත්‍යානුකූල මෙන්ම ඇමෙරිකාව විසින් ගන්නා ලද හේතු රහිත ක්‍රියාවකට අවශ්‍යයෙන්ම පළකළ යුතු වූ ප්‍රතිචාරයක්" ලෙසිනි.

"චීනය හා ඇමෙරිකාව අතර දැනට ඇති තත්ත්වය චීනය දකින්නට කැමති දෙයක් නොවෙයි. එහි සියලු වගකීම තිබෙන්නේ ඇමෙරිකාව අතේයි," යනුවෙන් එම නිවේදනයේ සඳහන් වෙයි.

1985 වසරේදී චෙන්ග්ඩු හි ආරම්භ කරන ලද ඇමෙරිකානු කොන්සල් කාර්යාලයෙහි මේ වනවිට 200ට වැඩි පිරිසක් සේවය කරති. වාර්තාකරුවන් පවසන පරිදි එය ටිබෙටයට ආසන්නව පිහිටීම හේතුවෙන් උපක්‍රමික වශයෙන් වැදගත් ස්ථානයකි.

වෙළඳාම සහ කොරෝනාවෛරස වසංගතය මෙන්ම, චීනය විසින් අර්බුදකාරී නව ආරක්ෂක නීතියක් හොංකොං මත පැනවීම යන කරුණුවලට අදාළව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ පරිපාලනය හා බෙයිජිං පාලනය දිගින් දිගටම ගැටිණි.

(BBC සිංහල සේවය)

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්